වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




යාවජීව සම්මානය

යාවජීව සම්මානය

නසරුදීන් ශා, මසූන්, ජානේ භී දෝ, යාරෝ, සර්ෆරෝෂ්, ඉක්බාල්, ද ඩර්ටි පික්චර් සහ දේද් ඉෂ්කියා වගේ චිත්‍රපට වල නොමැකෙන සටහන් තැබූ නළුවෙක්. නසරුදීන් විවාහ වෙලා ඉන්නෙත් නිළියක් සමඟයි. ඇය රත්නා පතක් ශා. ජානේ තූ යා ජානේ නා, ඛූබ්සූරත් වගේ චිත්‍රපටවල ඇය රංගනයේ යෙදීලා තියෙනවා.

දෙසැම්බර් 9 - 16 දිනවල ඩුබායි හි පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේදී, කලා ශිල්පියෙකුට සිය ජීවිතයේ එක වරක් පමණක් දිනා ගත හැකි සම්මානයකින් ඔහුව පිදෙන බව ආරංචියි. මේ වනවිට 66 වන වියේ පසුවන නසරුදීන්, කලාවට පිවිසියේ 1972 වසරේදීයි. නසරුදීන් මේ වනවිට ෆිල්ම් ෆෙයාර් සම්මාන ති‍්‍රත්වයක් සහ ඉන්දීය ජාතික සම්මාන ති‍්‍රත්වයකට හිමිකම් කියනවා.