වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන හැටි

රඟපාන හැටි

අපේ රටේ ඇතැම් නවක නළු නිළියෝ ටෙලිවල රඟපානවා දැක්කම හිතෙනවා චැනල් එක මාරු කරන්න. එහෙම චැනල් එක මාරු කළාම ඒ චැනල් එකෙත් ඉන්නේ ඒ නළු නිළියෝ සෙට් එක විතරයි. එක අතකින් හිතෙනවා මේ අය මොනවා හරි ඉගෙන ගෙන රඟපෑවා නම් කොච්චර හොඳද කියලා. ඒ සිතුවිල්ල මාධනී මල්වත්තගේටත් ඇති වෙලා. ඉතින් මෙයා බලාගෙන ඉන්න බැරිම තැන හිතා ගත්තලු තමන්වත් මේ ළමයිනට උගන්වන්න ඕනෑ කියලා. හෙට අනිද්දා මාධනී නවකයන්ට රංගනය උගන්වන වැඩේ පටන් ගන්නවලු. එහෙම ඉගැන්නුවට පස්සෙ ඒ ළමයින්ව තමන් ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන නිර්මාණයකට එකතු කරගන්න හිතාගෙන ඉන්නවලු. බලන්නකෝ මාධනීටත් හිතෙන දේවල් නේද . . .