වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රු: 3000 කට රැවුල කපලා

රු: 3000 කට රැවුල කපලා

සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගේ රැවුලක් කපන්න සාමාන්‍ය සැලොන් එකකින් රුපියල් 50 සිට 100 දක්වා මුදලක් අය කෙරනවා. ඒ අතර රුපියල් 250 - 300 වගේ මුදලකටත් රැවුල් කපන සැලුන් අපේ රටේ තියෙනවා. නමුත් රුපියල් 3000 කට වඩා වැඩි මුදලක් ගවා රැවලක් කපා ගත්තු පිරිමි කෙනෙක් ගැන අපට දැනගන්නට ලැබුණා. වැඩේ කියන්නේ මේ තැනැත්තා ජනප්‍රිය නළුවකු වීම. වෙනින් කවුරුවත් නෙවෙයි මේ නළු රාජයා බුද්ධික රඹුක්වැල්ල. බුද්ධික අමුතු රුවුල් කට් එකක් ගාගෙන තමයි මේ දවස්වල ඉන්නේ. ඔහු එවන් වූ මෝස්තරයක් තිබ්බේ වැඩි වශයෙන්ම මොනර කඩදාසි නාට්‍යය වෙනුවෙන්. අන්න ඒ රැවුල් කට් එක කපන්නට තමයි මෙයා රුපියල් 3000 ක් වැය කරලා තියෙන්නේ. බුද්ධික රැවුල කපන රේසරය රත්තරං ද කියලත් හිතුණා. නමුත් වෙලා තියෙන්නේ වෙන වැඩක්. බුද්ධික එක දවසක් මොනර කඩදාසි දර්ශන තලයට ඇවිත් කලින් දවසේ නිදි වරලා. ඥතියකුගේ මළ ගෙදරක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. කලබලේට බුද්ධිකට අමතක වුණාලු නාට්‍යයට අවශ්‍ය රැවුල් කට් එක කපා ගන්න. දැන් මොකද කරන්නේ කිය කිය බුද්ධික කල්පනා කරනවලු. සාමාන්‍යයෙන් බුද්ධික රැවුල කපාගන්න කෙනාගෙන් හැර වෙන කෙනෙකුගෙන් රැවුල කපන්නෙත් නැතිලු. ඒ තැනැත්තා ඉන්නේ දෙහිවලලු. දර්ශන තලය පිළියන්දල. බුද්ධිකට දෙහිවලට ගිහින් එන්නත් බැහැලු වෙලා මදි නිසා. අන්තිමේ බැරිම තැන තීරණය කළාලු රැවුල කපන කෙනාව පිළියන්දලට ගෙන්වන්න. ඔහුව එදා ටැක්සියකින් තමයි ගෙන්න ගෙන තියෙන්නේ. ඊටත් පසුව රැවුල කපලා ආපහු ඒකෙම යැව්වලු. කොහොම හරි අන්තිමේ ගණන් හදල බලද්දි බුද්ධිකගේ රැවුලෙ කට් එක තියන්න එදා රුපියල් 3000 කට වැඩි මුදලක් වැය වෙලා.