වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියංකර සහ ජයන්ත සිග්නීස් දිනති

ප්‍රියංකර සහ ජයන්ත සිග්නීස් දිනති

පසුගියදා නිමා වූ සිග්නීස් සම්මාන උළෙලේදී 2014 වසර සඳහා සැමීගේ කතාව ද, 2013 වසර සඳහා සමනළ සංධ්වනිය චිත්‍රපට සම්මාන දිනා ගන්නා ලදී. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති තිස් අට වැනි සිග්නීස් සම්මාන උළෙලේ ප්‍රේක්ෂකයා යළි සිනමා ශාලාවට කැඳවීමට සිංහල සිනමා කෘතියේ ආකර්ෂණය කෙබඳු විය යුතුද යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ විචාරක - මාධ්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති විසිනි.

එහි ප්‍රතිඵල සටහනයි මේ.

ටෙලි නාට්‍ය -

පුණ්‍යා හීන්දෙනිය අතින් පි‍්‍රයංකර විතානච්චි සම්මානයට පාත්‍ර වෙමින්

ප්‍රතිභාන්විත අධ්‍යක්ෂණය ස්වර්ණ සම්මාන - රුක්මල් නිරෝෂ් - සුළඟ මත මොහොතක්

රජත සම්මානය - ආනන්ද අබේනායක - අප්පච්චි

ප්‍රතිභාන්විත රංග කුසලතා පුරුෂ

ස්වර්ණ සම්මාන - ජැක්සන් ඇන්තනි

රජත සම්මාන - ජනක් ප්‍රේමලාල්

කුසලතා සම්මාන - සාරංග දිසාසේකර

ප්‍රතිභාන්විත රංග කුසලතා වනිතා

ස්වර්ණ සම්මාන - චාන්දනී සෙනෙවිරත්න

රජත සම්මාන - කාංචනා මෙන්ඩිස්

කුසලතා සම්මාන - තිසුරි යුවනිකා

ප්‍රතිභාන්විත තිර රචනය - ප්‍රියංකර රත්නායක - සුළඟ මත මොහොතක්

ප්‍රතිභාන්විත සංස්කරණය - රුක්මල් නිරෝෂ් - සුළඟ මත මොහොතක්

ප්‍රතිභාන්විත ගේය පද රචනය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - ගිරිකුල

ප්‍රතිභාන්විත ගායනය

ස්වර්ණ සම්මානය - සමන් ලෙනින් - කොළඹ අහස

රජත සම්මානය - නන්දා මාලිනී - ගිරිකුල

ප්‍රතිභාන්විත සංගීත අධ්‍යක්ෂණය - කසුන් කල්හාර - සුළඟ මත මොහොතක්

ප්‍රතිභාන්විත කැමරාකරණය - ධම්මික රත්නායක - අප්පච්චි

ප්‍රතිභාන්විත අංග රචනය - හර්ෂ මංජුල - අප්පච්චි

ප්‍රතිභාන්විත ශබ්ද පරිපාලනය - පුෂ්ප කුමාර ධර්මරත්න සහ වයි. එම්. වසන්ත කුමාර - සුළඟ මත මොහොතක්

ප්‍රතිභාන්විත කලා අධ්‍යක්ෂණය - තුසිත අත්තනායක - අප්පච්චි

කුසලතා සම්මාන

මහේන්ද්‍ර පෙරේරා
බිම්සරා ප්‍රේමරත්න

සිනමා සම්මාන (2013)

නිර්මාණශීලී අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී රංග කුසලතා පුරුෂ

උද්දික ප්‍රේමරත්න - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී රංග කුසලතා - වනිතා

ස්වර්ණ සම්මාන

යශෝධා විමලධර්ම - සමනළ සංධ්වනිය

රජත සම්මාන - චාන්දනී සෙනෙවිරත්න - නිකිණි වැස්ස

නිර්මාණශීලී තිර රචනය

ස්වර්ණ සම්මාන - ජයන්ත චන්ද්‍රසිරි - සමනළ සංධ්වනිය

රජත සම්මාන - අනුරුද්ධ ජයසිංහ - බෝම්බ සහ රෝස

නිර්මාණශීලී සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී කැමරාකරණය

ස්වර්ණ සම්මාන - රුවන් කොස්තා - සමනළ සංධ්වනිය

රජත සම්මාන - චන්න දේශප්‍රිය - නිකිණි වැස්ස

නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය - දර්ශන රුවන් දිසානායක - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී ගායනය - අමරසිරි පීරිස් - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී අංග රචනය

ස්වර්ණ සම්මාන - ජයන්ත රණවක - නිකිණි වැස්ස
වසන්ත විට්ටච්චි - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි - සමනළ සංධ්වනිය

නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය

ස්වර්ණ සම්මාන - රොහාන් සමරදිවාකර - සමනළ සංධ්වනිය

රජත සම්මාන - උදේනි සුබෝධි කුමාර - නිකිණි වැස්ස

කුසලතා සම්මාන

මහේන්ද්‍ර පෙරේරා
සුලෝචනා වීරසිංහ
ජගත් මනුවර්ණ
සූර්යා දයාරුවන්

සිනමා සම්මාන (2014)

නිර්මාණශීලී අධ්‍යක්ෂණය

ස්වර්ණ සම්මාන - ප්‍රියංකර විතානාච්චි - සැමීගේ කතාව

රජත සම්මාන - නිලේන්ද්‍ර දේශප්‍රිය - තන්හා රතී රඟා

නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ)

ජගත් චමිල - සැමීගේ කතාව

නිර්මාණශීලී රංග කුසලතා (වනිතා) සම්මානයක් පිරිනොනැමේ

නිර්මාණශිලී තිර රචනය - පුෂ්පකුමාර එල්ලාවල සහ ප්‍රියංකර විතානාච්චි - සැමීගේ කතාව

නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය - ගයත්‍රි කේමදාස - තන්හා රතී රඟා

නිර්මාණශීලී සංස්කරණය

ස්වර්ණ සම්මාන - සැමීගේ කතාව

(සංස්කරණ ශිල්පියාගේ නම සඳහන් නොවේ)

රජත සම්මානය - රවීන්ද්‍ර ගුරුගේ - තන්හා රතී රඟා

නිර්මාණශීලී කැමරාකරණය

ස්වර්ණ සම්මාන - රුවන් කොස්තා - සැමීගේ කතාව

රජත සම්මාන - ධනුෂ්ක ගුණතිලක - තන්හා රතී රඟා

නිර්මාණශීලී අංග රචනය - හේමන්ත ගමගේ - සැමීගේ කතාව

නිර්මාණශීලී ශබ්ද පරිපාලනය

ස්වර්ණ සම්මාන - ප්‍රවීන් ජයරත්න - සැමීගේ කතාව

රජත සම්මාන - තපස්නායක් - තන්හා රතී රඟා

නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය - ස්වර්ණ සම්මාන - වෙළේගෙදර රණසිංහ - සැමීගේ කතාව

රජත සම්මාන - රොබ් නේවිස් සහ හීනටිගල ප්‍රේමදාස - තන්හා රතී රඟා

කුසලතා සම්මාන

දයාදේව එදිරිසිංහ
නිල්මිණි බුවනෙක
සුලෝචනා වීරසිංහ
පුබුදු චතුරංග
නාමල් ජයසිංහ

සිග්නීස් සුවිශේෂී උත්තමාචාර සම්මානය - පුණ්‍යා හීන්දෙණිය

සිරිල් බී. පෙරේරා සම්මානය - ඈෂ්ලි රත්නවිභුෂණ

ලෙස්ලි බොතේජු අනුස්මරණ සම්මානය - ගාමිණී වේරගම

සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාම සම්මාන

ලූෂන් බුලත්සිංහල
අනෝජා වීරසිංහ
හයිසින්ත් විජේරත්න
බන්දු සමරසිංහ
ප්‍රියා සූරියසේන