වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන්ගේ අභියාචනය

සල්මන්ගේ අභියාචනය

2002 වසරේදී සිදු වූ අනතුරකට සල්මන් ඛාන් වැරදිකරු වුන බව කවුරුත් දන්නවා. ඒ හින්දා සල්මන්ට අවුරුදු 5ක සිර දඬුවමක් නියම වුනා. ඒත් සල්මන් පුන පුනා කියන්නේ තමන් නිවරදිකරු බවයි. ඊට සාක්ෂි වශයෙන් සල්මන් ලඟදි තමන්ගේ හිතවතෙක් සහ ගායකයෙක් වන කමාල් ඛාන්ගේ සාක්ෂිය විභාග කරන මෙන් ඉල්ලා උසාවියට අභියාචනයක් යොමු කරලා.

කොහොම උනත් සල්මන්ගේ ඒ උත්සාහයත් නිෂ්ඵල කරමින් උසාවිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. සල්මන්ට දඬුවම් ලැබෙන්න මුල් වූ අනතුර සිදු වූ වෙලාවේ කමාල් ඛාන් ඔහු හා වාහනයේ සිටි බවයි සල්මන් පවසන්නේ.

මීට පෙර මේ නඩුවේ සාක්ෂි විභාග වුණු අවස්ථා එකකදීවත් කමාල් ඉදිරිපත් නොවුණු නිසා ඔහුගේ සාක්ෂිය දැන් විභාග කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව පවසමින් උසාවිය නොවැම්බර් 30 වනදා සල්මන්ගේ අභියාචනය නිෂ්ප්‍රභා කර තිබෙනවා.