වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිනහව අතරින්ට කාන්තා පැසසුම්

පබෝදා ඩ්‍රයිවර්, තිසුරි කොන්දොස්තර ශලනි ගෙවිලියක්, සුජානි ගරාජයක වොල්ගා චණ්ඩියෙක්

ජීවිතය ලස්සනයි, අපි අපි වගේ, තූර්යා, රුවන් මාලිගා, සුජාතා වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ පුංචි තිරයට ගෙන ආ රවීන්ද්‍ර විජේරත්නගේ නවතම ටෙලි නාට්‍යය 'දියණියෝ' ලබන 19 වැනිදා සිට සතියේ සැම දිනකම විකාශය කෙරේ.

කොල්ලන් මෙන් වැඩ කරන කෙල්ලන් පස් දෙනෙකුගේ ජීවිත ගැන කතා කරන මෙහි පබෝදා සන්දීපනී බස් රථ රියදුරුවරියක, තිසුරි යුවනිකා කොන්දොස්තරවරියක, ශලනි තාරකා ගෙවිලියක, සුජානි මේනකා මෝටර් රථ අලුත්වැඩියා කරන්නියක මෙන්ම වොල්ගා කල්පනී වාහන ලීස් කරන්නියක ලෙසත් අපූරු රංගනයන්හි නිරත වේ. මේ සියලු දෙනා තම පවුල් වෙනුවෙන් කරන්නා වූ කැප වීම 'දියණියෝ' හි දිගහැරේ.

දියණියෝ රචනය හා නිෂ්පාදනය දුරුතු ක්‍රියේෂන්ස් වෙනුවෙන් තරංග දිසානායක විසිනි. කැමරාකරණය සුරන්ජිත් කුමාර, වේශ නිරූපණය අමිල මිරිස්සගේ. සහාය අධ්‍යක්ෂණය දිනේශ් හග්ගල්ල, තිලංක බණ්ඩාර. කලා අධ්‍යක්ෂණය මහේෂ් ප්‍රනාන්දු සහ සංගීතය කපිල පූගලආරච්චි විසිනි.