වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මං බඳින වයසේ...

මං බඳින වයසේ...

රන්බීර් කත්‍රිනා පසුගිය කාලය පුරාවට බොලිවුඩයේ පුවත් මවන්නන් බවට පත් වී සිටියා. එකිනෙකා ගැන විවිධාකාර කටකතා පැතිරුණත් දෙදෙනාගෙන් එක් අයෙකුවක් ඒ වෙනුවෙන් උත්තර නම් දුන්නේ නැහැ.

ඔන්න දෙන්නා ගෙන් එක්කෙනෙක් පසුගියදා මේ ගැන කතා කළා. ඒ වසර ගණනකට පසුවයි. රන්බීර් පසුගිය දවසක තිබුණු පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේ ඔහු වගේම කත්‍රිනාත් මේ සම්බන්ධය ගැන එකඟ බවයි. දෙන්නම මේතරම් කාලයක් මේ ආදරය කතාව ගැන මොකුත්ම නොකියන්න හේතුවත් රන්බීර් එහිදී හෙළි කළා. ‘එහෙම ප්‍රකාශ කළා නම් අපේ සම්බන්ධයට අපහාසයක් වේවි. ගොඩක් කටකතා හැදුනම ප්‍රතිචාර දක්වන්න හොඳ නැහැ’ රන්බීර් පැවසුවා.

ඒ වගේම ඊළඟ අවුරුද්දේ දෙදෙනාම විවාහ වෙන්න සූදානම් කියලත් රන්බීර් මාධ්‍යයට ප්‍රථම වතාවට ප්‍රකාශ කළා. දෙදෙනාම දැනටමත් ගෙවන්නේ අතිශය කාර්යබහුල ජීවිත. ඒ නිසා විවාහය ගැන හිතන්නවත් කාලය නැතිලු. රන්බීර්ට දැන් වයස අවුරුදු තිස් තුනක්. කත්‍රිනාට අවුරුදු තිස් එකක්. දැන් නම් විවාහ වෙන්න සුදුසුම කාලය බව රන්බීර්ට වැටහිලා. ‘ඒත් මම ජීවත් වෙන්නේ සිනමාව හැමදේම වන පවුලක’ ඔහු පවසනවා. රන්බීර් කත්‍රිනා තිරයේදී මුලින්ම හමු වෙන්නේ 2009 වසරේ ‘අජාබ් ප්‍රේම් කහානි’ චිත්‍රපටයෙන්. ඉන්පසු ‘රාජ්නීති’ චිත්‍රපටයේ දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කළා. ඉදිරියේදී ‘ජග්ගා ජසූබ්’ චිත්‍රපටයෙන් රන්බීර් – කත්‍රිනා ඔබ හමුවට ඒවි. ඒ ලබන 2016 අවුරුද්දේ ජුනි මාසයේදීයි.