වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ශෂි කපූර්ට සම්මානය ළඟට ඇවිත්

ශෂි කපූර්ට සම්මානය ළඟට ඇවිත්

කපූර් පවුල ගැන අපි කතා කළේ හින්දි සිනමාවේ පවුල් ගසෙන්. බොලිවුඩ් සිනමාවේ දැවැන්තම පවුල් ගස ලෙසින් සැළකෙන ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවතෙන කපූර් පවුලට පසුගිය සතිය විශේෂ වුණා. ඒ ශෂි කපූර් නිසා.

හින්දි සිනමාවේ කතාබහට ලක් වූ ශෂි ගැන මේ විදියට කතා කළේ ඔහුට පිදූ සම්මානයක් නිසා. ඉන්දීය සිනමාව වෙනුවෙන් පුද කරන ඉහළතම සම්මානය වන දාදාසහබ් පාල්කේ සම්මානයෙන් ඔහු පසුගියදා පිදුම් ලැබුවා. මීට පෙර කපූර් පවුලේ ශෂිගේ පියා වූ ප්‍රීතිවිරාජ් සහ සහෝදරයා වූ රාජ් කපූර් මේ සම්මානයෙන් පිදුම් ලැබුවා.

දාදාසහබ් පාල්කේ සම්මානය පිරිනමන්නේ ඉන්දීය ජාතික චිත්‍රපට උළෙලේදියි. නමුත් මේවනවිට හැත්තෑ හත් වැනි වියේ පසුවන ශෂිහට එම චිත්‍රපට උළෙල සඳහා සහභාගි විය නොහැකි හෙයින් බොම්බායේදී සම්මානය පිරිනමන්න සංවිධායක කමිටුව තීරණය කළා.