වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙමත් ආදරයෙන්

ආයෙමත් ආදරයෙන්

විද්‍යා බාලන් වගේම ඉම්රාන් හෂ්මිත් බොහොම හැඟීම්බර වෙලා. හැබැයි ඒ සත්‍ය ජීවිතයේදී නම් නෙවෙයි. මොහිත් සූරි අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය වන ‘හමාරි අධුරි කහානි’ චිත්‍රපටයේ විද්‍යා සහ ඉම්රාන් බොහොම ආදරබර චරිත නිරූපණය කරනවා.

මේ චිත්‍රපටයේ ගීතයක් පසුගියදා රූප ගත කළා. ජීත් ගංගුලි රචනා කළ ඒ ගීතය ගායනා කළේ ජනප්‍රිය බොලිවුඩ් ගායක අර්ජිත් සිං.

ඉම්රාන් – විද්‍යා සුසංයෝගය ප්‍රේක්ෂකයන්ට වෙනසක් ගෙනදේවි කියලා ‘හමාරි අධුරි කහානි’ චිත්‍රපට කණ්ඩායම පවසනවා. ‘ඩර්ටි පික්චර්’, ‘ගන්චක්කර්’ චිත්‍රපට වල මේ දෙන්නා මීට පෙර එක්ව රංගනයේ නිරත වුණා. ඒ වෙනස ආයෙමත් විඳින්න ඉම්රාන්ට වගේම විද්‍යා ටත් ආදරට කරන ඔබට ලබන ජුනි මාසය ලබන කල් බලාගෙන සිටින්න වෙනවා.