වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සආස් කලා සංසදය පිහිට වූ දා

සආස් කලා සංසදය පිහිට වූ දා

පක්ෂ පාට භේදයෙන් තොරව කලා ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ඒ වෙනුවෙන් පෙනී සිටීම සඳහා 'සආස් කලා සංසදය' පසුගියදා පිහිටුවනු ලැබීය.

රංගන ශිල්පීන්ගේ වෘත්තීය ආරක්ෂාව, ගැටළු නිරාකරණය ආදී වූ කලා ශිල්පීන් වෙනුවෙන් පෙනී සිටින සආස් කලා සංසදය විසින් පසුගිය 10 වැනිදා සිය ආරම්භක මහා සභා රැස්වීම පවත්වන ලදී.

එහි සභාපති ලෙස සහන් විජේසිංහ ද, ලේකම් ධුරයට මෙලනි අශෝකා සහ ප්‍රධාන සංවිධායක ධුරයට සුදර්ශන ගමගේ පත්කර ගන්නා ලදී. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් වන චන්ද්‍රරත්න මාපිටිගම සහ පද්මසිරි කොඩිකාර අනුශාසකත්වය දරති.