වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කපූර් සහ පුත්‍රයෝ

කපූර් සහ පුත්‍රයෝ

සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා භාත් සහ ෆාවද් ඛාන් මේ දවස්වල හරිම කාර්යබහුලයි. කට්ටියම බොම්බායේ නිතර දකින්න ලැබෙනවා කියලා ආරංචියි. අලුත්ම සිනමා නිර්මාණයක් නිසා තමයි මේ තුන්දෙනාම කාර්යබහුල වෙලා තියෙන්නේ. වර්තමාන පවුලක ත්‍රිකෝණ ආදර අන්දරයක් මේ චිත්‍රපටයේ රූපයට නැගෙනවා. එය නමින් kapoor & Sons (කපූර් ඇන්ඩ් සන්ස්).

ශකුන් භත්‍රා විසින් අධ්‍යක්ෂණය කෙරෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකුද වන කරන් ජොහාර් විසින්.

සිද්ධාර්ත් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ඒක් විලන් චිත්‍රපටයෙන් පසුවයි. Good Luck කියා තමන්ට සුභ පතන ලෙස සිද්ධාර්ත් ඔහුගේ ට්විටර් පිටුවේ සටහන් කරලා තිබුණා. පාකිස්ථාන නළු ෆාවද් ඛාන් බොලිවුඩි සිනමාවට පැමිණියේ පසුගිය වසරේ ශෂංකා ගෝෂ් අධ්‍යක්ෂණය කළ ‘කුහූබ්සූරත්’ චිත්‍රපටයෙන්. එහි ෆාවද් සෝනම් කපූර් සමගින් චරිත නිරූපණය කළා. ඒ ඔස්සේ ඉහළ ජනප්‍රියත්වයක් ලද ඔහු දැන් කපූර් ඇන්ඩ් සන්ස් චිත්‍රපටයට දායක වෙනවා.