වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




චතුර ගීතනාත් බණ්ඩාර නන්නත්තාරේ ඇඩ්‍රස් නෑ සොයා ගිහින්

චතුර ගීතනාත් බණ්ඩාර නන්නත්තාරේ ඇඩ්‍රස් නෑ සොයා ගිහින්

ජැක්සන් ඇන්තනීගේ අලුත්ම නිර්මාණය ගැන පළමු හෙළිදරව්ව

කොළඹ මැද අමුතු දර්ශන තලයක්

රෑ දහය මාරයි. අන්තිම බස් එකත් පෙනි පෙනී නොපෙනී ගියා. ඇඩ්‍රස් නෑ.

මං චාටරේ කාගෙන පාරට වැටුණා.

හිඟන්නො, ගණිකාවො, ගැටකාරයෝ, කුඩුකාරයෝ පහුකරගෙන පයින්ම ගමන පටන් ගත්තේ අරමුණක් නැතුව.

ඇඟ ඩිංගක් රත්වෙලා තිබුණු නිසා මහන්සියක් බයක් දැනෙන්නේ නැහැ.

ලේක්හවුස් වට රවුම, ගුවන් හමුදා ක්‍රීඩාංගනය පහු කරගෙන මං ඉදිරියටම ගමනේ.

හැටේ වත්තෙ, ඇපල් වත්තෙ, මහවත්තෙ, බේරෙ වත්තෙ එවුන් එක්ක චාටරේ කාල ඉගෙන ගත්ත පාරවල් දිගේ මං ඩෝසන් පාරට වැටුණා.

ඩෝසන් පාර අයිනේ වත්තේ සුදු මල්ලි හමුවීම තමයි මගේ අරමුණ.

මැරෙන්න ඔන්න මෙන්න තියෙන නියෝන් බල්බ් එකක් සහිත විදුලි පහන් කණුව යට මං ටිකක් ගිමන් හරිමිනුයි උන්නේ.

‘කියාපල්ල, කියාපල්ල’

මහ හයියෙන් කවුද කෑ ගහනවා. අමුතුම තාලේ ගීතයක්. හරියට ගොළුවන්ගේ අපහසුවෙන් ගයන ගීතයක් වගේ.

මං ගමන නවත්තලා වත්ත දිහාට ඇදුණා.

මාර සෙල්ලමක්නෙ මෙතන වෙන්නේ.

මහා විශාල නුග ගහක් යට පාතාලේ ගායකයෙක් සල්ලි ගනිනවා. කොල්ලො කුරුට්ටො පිරිලා.

මං එතන මොහොතකට නැවතුණා.

නාසිවත්තට ආගන්තුකයෙක් වුණාට මං හැසිරුණේ පුරුදුකාරයෙක් වගේ.

නුග ගහ යට හිටියේ නාසිවත්තේ හිට්ලර්. මිනිහ අමාරුකාරයා.

‘තෝ මොකද බොල ඔතන කරන්නේ’ කියාල මං දැක්කොත් අහනවා ෂුවර්.

මං ෂේප් එකේ මුඩුක්කු පේළියේ ලෑලි අතරට එන්ටර් වුණා.

එතන තිබුණේ සන්ධ්‍යාලගෙ ගෙදර කියලා කවුදෝ කියනවා ඇහුණේ හීනෙන් වගේ.

ඇඹිලිපිටියේ කරා, චැප්ලින්ලා, පින්සාර, ගෝරිං, විස්කි, රම්බො, මුම්ටාස්, අබිලික් වගේ ගොඩක් කට්ටිය එතන අනුමත වෙලා හිටියා.

බලං ඉන්න හොඳම දර්ශනේ මෙතන තියෙන්නේ.

මං හිමිං ආයෙත් මුඩුක්කු පේළියෙන් එළියට ආවා. එතකොට තමයි දේවා හම්බ වුණේ.

දේවා කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ඡායාරූප ශිල්පියෙක්.

මළසේක . . . මං එන්ටර් වෙලා තිබුණේ ජැක්සන්ගේ දර්ශන තලයට කියලා තේරුණේ ටික වේලාවක් ගියාට පස්සේ.

මේ මන්ද අඳුරේ කවුරුවත්ම අඳුනගන්න බැරි වෙච්ච එක ගැන මටම දුක හිතුණා. කාටවත්ම රහසිතව ජැක්සන් වැඩ.

මම දේවත් එක්ක අයිනක් අල්ලං කයියක් ගහන්න වාඩි වුණා.

‘මේක මාර වැඩක්නෙ මචං’ මං කිව්වේ දේව අතේ තිබුණ වතුර බෝතලේ බොන ගමන්. ‘උඹ කොහොමද මෙතන හොයා ගත්තේ.’ දේවා ඇහුවේ අඳුරේම මගේ දෑසට එබෙන ගමන්.

‘ලොක්ක මං කොහොම හරි ආවනේ’ එහෙම කියලා මං ගියේ ප්‍රධාන දර්ශන තලයට.

කොහොමින් කොහොම හරි මාව අඳුන ගත්ත මහේන්ද්‍ර අයියා කතාවට වැටුණේ මුඩුක්කු පේළියේ පිටිපස්සට වෙලා.

‘ලොකු අයිය කොහෙද මේ මහ රෑ’ මහේන්ද්‍රටත් පුදුමයි.

දැන් වේලාව 12.30 ට විතර ඇති. ෂූටින් ඉවර වෙලා ජැක්සන් අයියා ආවේ සිනාමුසු මුහුණින්.

එතකොටම මුඩුක්කු පේළියේ ඉඳලා එළිබහින මමයි මහේන්ද්‍රවයි ජැක්සන්ට මාට්ටු වුණේ මූහුණට මුහුණ.

‘හප්පට සිරි . . . උඹ කොහෙද මෙහේ’

ජැක්සන් අයියා ඇහුවේ හිනාවකුත් තවරගෙන.

මටත් ඇඩ්‍රස් නෑ.

ජැක්සන් අයියටත් ඇඩුස් නෑ.

මේක හරිම අපූරු විදියට රූගත වන කතාවක්.

කිසිම මාධ්‍යයකට හසු නොවන පරිදි රහසිගතව කළ මේ රූගත කිරීම ඉවර වුණේ පෙරේදා.

අද වෙද්දී පළමු වතාවට චිත්‍රපටයේ ඡායාරූප පෙළ වගේම විස්තර දකින කොට ජැක්සන්ටත් පුදුම හිතේවි.

මේක ටිකක් අමුතු තාලේ කතාවක්. හරියටම කිව්වොත් මුඩුක්කු ටයිප් එකේ වැඩක්. පාතාල මාරයෝ, උපාසකයෝ, අහිංසකයෝ , ශිෂ්‍යයෝ, කුඩුකාරයෝ, හිඟන්නෝ, ගණිකාවෝ, වීදි දරුවෝ මේ වගේ ඇඩ්‍රස් නැති ගොඩක් කට්ටිය මේ කතාව ඇතුළේ ඉන්නවා.

හරියටම කිව්වොත් ඔයත් මමත් මේ කතාවේ ඉන්නවා වගේ මට දැන් දැනෙනවා. තව ටික කාලෙකින් ඔබටත් ඒක දැනේවි.

බලාගෙන යද්දි අපි හැමෝටම ඇඩ්‍රස් නෑ . . .

නාසිවත්තේ හිට්ලර් – ජැක්සන් ඇන්තනී

හිඟාකන චැප්ලින් – මහේන්ද්‍ර පෙරේරා

සද්ගුණවත් පින්සාර – කමල් අද්දරආරච්චි

මුඩුක්කුවේ සන්ධ්‍යා - සබීතා පෙරේරා

ඇඹිලිපිටියේ කරා - රොෂාන් රවීන්ද්‍ර

ගුබ්බෑයමේ ගෝරිං - දර්ශන් ධර්මරාජ්

සුභා - ශේෂද්‍රි ප්‍රියසාද්

කපිල – අඛිල ධනුද්ධර

ජානකී – මාධවී වත්සලා

කාලිංග - හේමාල් රණසිංහ

නතාලියා - අරුණි රාජපක්ෂ

ස්ථානාධිපති – බිමල් ජයකොඩි

සිරිමල් - ප්‍රවීන් සංදීප

ගෙඩ්ඩිං - තරිඳු නදීෂාන්

සුන්දර - සුන්දර

ගංගියා - දිනුලි ජයෝදා මල්ලවාරච්චි

සේන මල්ලි - සනුත් නීතික

විස්කි - සේනක ටයිටස්

අබ්ලික් – උදේනි සුබෝධි කුමාර

රම්බෝ - චින්තක වාස්

උපාසක – රාජා ගනේශන්

මුම්ටාස් - ශ්‍රීමන්ති නිලූෂා

පින්සාර හාමිනේ – කුමාරි මුණසිංහ

ශ්‍රියා - අංජලී ලියනගේ

සංජු - සුධීරා විතාන

අයිරින් – උදය කුමාරි

කිරි අම්මා - දිනුෂා රාජපතිරණ

සාජන් මහත්තයා - වසන්ත විට්ටච්චි

ලියන මහත්තයා - ජී. ගංගොඩතැන්න

සැලුන් ගොයියා - ගාමිණී ජයලත්

ඇඩ්‍රස් නැති කතාවේ ඇඩ්‍රස් ඇති අය:

ආලෝකකරණය සහ කැමරා

උපකරණ – මැජික් ලැන්ටන්

ආලෝකකරණ සහාය – හිරාන් ඉන්දික, කෝසල මනුරත්න, කීර්ති වසන්ත, මහින්ද ප්‍රේමලාල්, ඉමක් චතුරංග

නිෂ්පාදන සේවා බලගණය - සම්පත්, අජිත්, රෝලන්ඩ්

කලා අධ්‍යක්ෂණ සහාය – උපුල් ලියනගේ, කිංස්ලි ලාල්

නිෂ්පාදන කළමනාකරණය – ගයාන් දේශප්‍රිය

වේෂ නිරූපණ සහාය - සසනි මල්ශානි, සමීර නුවන්

ඇඳුම් ආයිත්තම් නිර්මාණ සහාය – නිරෝෂිනී දීපිකා

නිශ්චල ඡායාරූප සහාය – කසුන් නිමන්ත

සහාය කැමරා අධ්‍යක්ෂණය – අමිල කොඩිතුවක්කු, මුදිත විතානගේ

සහාය කලා අධ්‍යක්ෂණය – ලාල් දිසානායක

සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල

නිෂ්පාදන සම්බන්ධීකරණය – දිනූෂා රාජපතිරණ

නිෂ්පාදන කළමනාකරණය – අශෝක ආරියරත්න

වාර්තා කැමරාකරණය – කුලරුවන් ගමගේ

ශබ්ද පටිගත කිරීම – මැක්ලෙන් ඇඩම්ස්

තුන්වන සහාය අධ්‍යක්ෂණය – ලසන්ත මධුශාන්

දෙවන සහාය අධ්‍යක්ෂණය - හේවගේ බන්ධුල

ඇඳුම් නිර්මාණය – නිමල් අබේරත්න

කොණ්ඩා සැකසුම – රුචිර දිනේෂ්

වේෂ නිරූපණය – හර්ෂ මංජුල

ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනා - නිරෝෂා විරාජිනී, ගයාන් පෙරේරා

සංගීත සංයෝජනය - සුරේෂ් මාලියැද්ද

සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ

කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

සහාය අධ්‍යක්ෂණය - සරත් සේනාරත්න

සංස්කරණය – ප්‍රවීන් ජයරත්න

විධායක නිෂ්පාදනය – නිලූකා මාරසිංහ

කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය

නිෂ්පාදනය – ජනිත මාරසිංහ

අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනි