වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ජයන්ත චන්ද්‍රසිරිගේ තවත් දැවැන්ත නිර්මාණයක් මහ රජ ගැමුණු රන්වැලි සෑ රඳුන් අභිමුව අද වැඩ ඇරැඹේ

ජයන්ත චන්ද්‍රසිරිගේ තවත් දැවැන්ත නිර්මාණයක් මහ රජ ගැමුණු
රන්වැලි සෑ රඳුන් අභිමුව අද වැඩ ඇරැඹේ

ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු රජුගේ චරිතය ඇසුරෙන් පිටපත සැකසූ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන මහ රජ ගැමුණු සිනමාපටයේ සමාරම්භය අද සවස අනුරාධපුරයේ රුවන්ැලි සෑ භූමියේදී සිදුවනු ඇත.

උද්දික ප්‍රේමරත්න ගැමුණු කුමාරයාගේ චරිතය මවන මෙහි ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානආරච්චි, ජැක්සන් ඇන්තනී, සාරංග දිසාසේකර, කුසුම් රේණු, අරුණි රාජපක්ෂ, රෙබෙකා නිර්මාලී, දිමුතු චින්තක, බුද්ධිනී පූර්ණිමා චරිත මවනු ලබති.

සිප්වින් ෆිල්ම්ස් වෙනුවෙන් ගුණපාල රත්නසේකර මහ රජ ගැමුණු සිනමාපටය නිෂ්පාදනය කරයි. මේ පිළිබඳ සවිස්තරාත්ම ලිපියක් ලබන ‘සරසවිය’ පුවත්පතෙන් බලාපොරොත්තුª වන්න.