වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමරත්න දිසානායක මූම්බායි තර්ඩ් අයි උළෙලේ ජූරි සභාපති

සෝමරත්න දිසානායක මූම්බායි තර්ඩ් අයි උළෙලේ ජූරි සභාපති

ඉන්දියාවේ මූම්බාය නුවර මේ වන විට පැවැත්වෙන දොළොස් වන තර්ඩ් අයි අන්තර් ජාතික සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයේ ජූරියේ සභාපති ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක තෝරා පත් කරගෙන තිබේ. ත්‍රිපුද්ගල ජූරියක් වන මෙහි අනෙකුත් සාමාජිකයින් දෙදෙනා වනුයේ ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට විචාරිකාවක වන මයිකල් රාවෝ සහ ඉරානයේ සිනමා නිළි අධ්‍යක්ෂිකා අසාර් ෆැරමාසි යන දෙදෙනාය.

සම්මාන වෙනුවෙන් ජූරියේ නිරීක්ෂණය වෙනුවෙන් ලෝකය පුරා තෝරාගත් කෙටි චිත්‍රපට 30 ක් සහ දීර්ඝ චිත්‍රපට ද සමඟ චිත්‍රපට 135 ක් මෙම උළෙලට ඇතුළත් වේ. ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරිපැරකුම් චිත්‍රපටය ද මෙම උළෙලේ ප්‍රදර්ශනය වන නමුත් අධ්‍යක්ෂවරයා ජූරි සභිකයකු නිසා ඔහු විසින් එය තරගකාරී අංශයෙන් ඉවත් කරගෙන ඇත.

මෙම සිනමා උළෙල පසුගිය තුන්වැනිදා ආරම්භ වූ අතර අදින් එය අවසන් වේ. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ඉන්දියාවේ ප්‍රවීණ සිනමාකරුවකුª වන සූධීර් නන්ද්ගොන්කා වේ.