වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ජයනාත් ගේ මුල්ම අධ්‍යක්ෂණය අද සිට

ජයනාත් ගේ මුල්ම අධ්‍යක්ෂණය අද සිට

සොමී රත්නායක දිගු කලකට පසු
පරාවර්ථන අද තිරයට

සම්මානීය කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් කලඑළියට එන පරාවර්ථන සිනමාපටය අද සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ. විශිෂ්ට රංගධර සොමී රත්නායක, බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩවෙල, දුලානි අනුරාධා, පුබුදු චතුරංග, ගීතා කාන්ති ජයකොඩි, මොරින් චාරුනී, සංජය ලීලාරත්න, සරත් කොතලාවල, සමන් අල්මේදා, එරංග ජීවන්ත, සුනෙත් මැල්සිරිපුර, චතුර පෙරේරා, ජයතිස්ස අතුලසිරි, නිල්මිණි කෝට්ටේගොඩ, ජනක රණසිංහ පරාවර්ථන රංගනයෙන් දායක වෙති.