වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැලේපොළ කුමාරිහාමි වැඩ ඇරැඹුණ දා

ඇහැලේපොළ කුමාරිහාමි වැඩ ඇරැඹුණ දා

සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ඇහැලේපොළ කුමාරිහාමි ඓතිහාසික සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය මෙහිදීී ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර මාදුලුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මේ සඳහා ආශිර්වාදය ලබා දීමට වැඩම කොට සිටියේය.

ගයාන් රණධීරගේ නිෂ්පාදනයක් වන ඇහැලේපොළ කුමාරිහාමි සඳහා පාදක වනුයේ ඇහැලේපොළ කුමාරිහාමි නම් ඉතිහාසගත චරිතයයි. දුලානි අනුරාධා ඊට පණ පොවනු ඇත.

ජැක්සන් ඇන්තනී, ලකී ඩයස්, බුද්ධදාස විතානාච්චි, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ඛ්2ෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර ඇහැලේපොළ කුමාරිහාමි හි නළු නිළි පිරිවරයි.

කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ධම්මික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් රණවීර කොණ්ඩා සැකසුමෙන් ද ඇහැලේපොළ කුමාරිහාමි හැඩ කරයි.