වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




පහක් නෙවේ පනහක්

පහක් නෙවේ පනහක්

එඩ්නා සුගතපාල නම් අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය පසුගිය දවසක ඉඩම් පරිත්‍යාගයක් සිදු කළා. ඒ අලුත්වත්ත සුබ සාධක සංගමයේ ක්‍රීඩා පිටියක් වෙනුවෙන්. මේ පිළිබඳ විස්තරය සරසවිය පත්තරෙත් සඳහන් වෙලා තිබුණා.

නමුත් ඇය පරිත්‍යාග කළේ පර්චස් පහක් කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතිං හැමෝටම ප්‍රශ්නයක් වුණේ පර්චස් පහක කොහොමද ක්‍රීඩා පිටියක් හදන්නේ කියන එකයි. ඇත්තටම ඒක වැරදීමක්. පර්චස් පහක් නෙවෙයි පනහක් (50) තමයි පරිත්‍යාග කරලා තියෙන්නේ. ඒක පුංචි වැරදීමක්.