වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




Number You dial...

මම ගෑනු ළමයෙක් හොයාගෙන අමෙරිකාවට ගියා

චරුද් ගුණරත්න

ඇමරිකාවේ රූගත කළ මුල්ම සිංහල මියුසික් වීඩියෝයව

මිස් කෝල් එකක් තරමට
මා නොවටින බව දැනුණා
හිස් කොළයක් ගෙන එය පිරෙනා තුරු
ඔබෙ නම එහි ලිව්වා

 

බාල මහළු කොයි කා අතරත් ජනප්‍රිය නව පරපුරේ ගායකයකු වන චරුද් ගුණරත්නයි. ඔහු මේ දිනවල අමෙරිකානු තරුණියක් සමඟ පෙමින් වෙලිලා ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ විතරක් නෙවෙයි චරුද් ඇයව හොයාගෙන අමෙරිකාවටත් ගිහින්. තවමත් පාසල් සිසුවකු වන ඔහුට මොකද වෙලා තියෙන්නේ කියලා අප පොඩ්ඩක් හොයලා බැලුවා.

චරුද් මොකක්ද මේ කතාව?

ඔව්, මම අමෙරිකාවේ ගියා තමයි.

එහේ ගියේ ගැහැනු ළමයකු හොයාගෙන නේද?

ඒකත් හරි.

මොකක්ද එක පාරටම වුණේ?

මට හිතුණා අමෙරිකානු තරුණියක්ව හොයා ගන්න.

හදිසියේම? හේතුව?

හදිස්සියක් නෙවෙයි. මේක මං ගොඩක් ප්ලෑන් කරලා කරපු වැඩක්.

තව ටිකක් පැහැදිලි කළොත්?

මට හිතුණා වෙනස්ම වැඩක් කරන්න. මං කලින් කරපු සිංදු දෙකම කළේ ලංකාවේ. මට ඕනෑ වුණා ලංකාවෙන් පිටරටක මියුසික් වීඩියෝවක් කරන්න.

ඉතිං?

මං මනුරංග විජේසේකර අයියට අදහස කියලා සිංදුවක් ලියා ගත්තා. ප්‍රියන්ත නාවලගේ සංගීත නිර්මාණය කළා. රූගත කිරීම් දාගත්තේ අමෙරිකාවේ නිව්යෝක් නුවර.

ඒකටද අමෙරිකානු තරුණියක් හවුල් කර ගත්තේ?

නැත්නං.

අපි නං හිතුවේ?

ඔව්, ඔව්, අයියා වගේම මගේ යාළුවනුත් මට විහිළු කරනවා අමෙරිකන් කෙල්ලක්ව අල්ලගෙන රට පැන්නා නේද කියලා.

මොකක්ද සිංදුවේ නම?

වීසා. ඒක මේ රටේ ඉඳලා අමෙරිකාවේ සිටින තම ගැහැනු ළමය බලන්න යන්න හදන පිරිමි ළමයකු පිළිබඳ කියවෙන්නක්. ඒකට ඔහුට වීසා ලැබෙන්නේ නැහැ. මේක බයිලා වර්ගයට අයත් වන ගීයක්.

කවුද වීඩියෝව කළේ?

අමෙරිකාවේ ජුවෙල් ප්‍රඩක්ෂන් එකෙන් කළේ.

කවුද ඔබත් සමඟ රඟපෑ නිරූපිකාව?

ඩරීන් අර්වින්. ඇය අමෙරිකාවේ වේදිකා නාට්‍ය කරන නිළියක්.

වීඩියෝව කරන්න ගිහින් හොඳ හොඳ අත්දැකීම් වෙන්න ඇති නේද?

හොඳම අත්දැකීම තමා ආරක්ෂක නිලධාරීන් මැද අපේ රූගත කීරීම් සිද්ධ වීම.

ඒ මොකද?

චරුද්ගේ වීසා ගීතයේ පදමාලාව:

යූ එස් එන්න කිය කියා ඔබ ගියා
වීසා නැතුව ඉන්නෙ මම බකන් නිලා
හනිකට එන්නකෝ ඔයා
එනකම් ඉන්නෙ මග බලා
එහේ ගිහින් අඳීන්නටයි ගත්තේ මං සීත ඇඳුම්
ඒවා ඇඳන් නිදා ගත්තෙ අමෙරිකාවෙ පාන බලා
අනේ නෑදෑයෝ බලන් ඉන්නෙ යනකම් මම ප්ලේන් එකෙන්
අනේ මාව ගන්න සුදෝ එපා වෙලා මටම
ඉතිං
හනිකට එන්නකෝ ඔයා . . .
වොෂිංටන් පාර දිගේ විකුණමු අපි බෝල සබන්
පාස්පෝට් එක පිරෙන්න ගැහැව්වොත් මට
වීසා උඩින්
ඔයා දුන්න හීනවලට පිරෙනව මගෙ
බඩේ හුලං
කාටුනයක් දැක්කත් මට තටු එනවා
යන්න උඩින්

ඒ රටේ එහෙම තමයි. රූගත කිරීමක් කරද්දීී ආරක්ෂාවක් ලබා දෙනවා.

මිස් කෝල් එකෙන් පස්සේ බයිලා ගීතයක් කළේ ඇයි?

මගේ පළමු ගීතයත් බයිලා වර්ගයට අයත්. ඒක කොළඹ ලෙසටයි නම් කෙරුණේ. ඊට පසුව විරහ ගීතයක් වූ මිස් කෝල් කළා. ආයෙත් මට හිතුණා බයිලා ගීතයක් කළොත් හොඳයි කියලා.

ගීතය දැන් මාධ්‍යන්ට නිකුත් කළාද?

ඔව්.

කොහොමද ප්‍රතිචාර?

හොඳයි. හැබැයි මිස් කෝල් තරමටම නැහැ.

ඔබට ආයෙත් මිස් කොල් එකක් වගේ ගීතයක් කරන්න තිබුණනේ?

මිස් කොල් එකක් ගීතය පුදුම විදිහට ජනප්‍රිය වුණා. ඇත්තම කිව්වොත් පාරේ බැහැලා යද්දී මට කතා නොකරන කෙනෙක් නැහැ. මාව දැක්ක ගමන් ගොඩක් අය කියනවා මට ඇහිලා තියෙනවා අන්න මිස් කෝල් යනව කියලා. මාවත් මිනිස්සු හඳුන්වන්න පටන් ගත්තා මිස් කෝල් නමින්. ඒත් බයිලා ගීතයක් වැළඳ ගන්නේ එක්තරා කොට්ඨාශයක් පමණයි. ඒක වෙන්න ඇති එක පාරට නැතුව ක්‍රම ක්‍රමයෙන් ගීතය අහන ප්‍රමාණය වැඩි වෙන්නේ.

චරුද් තවමත් පාසල් සිසුවෙක්?

ඔව්. මං කොළඹ රාජකීය විදුහලේ උසස් පෙළ හදාරනවා.

පාසලෙන් මොන වගේ සහයක් ද ලැබෙන්නේ?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පුදුමාකාර සහයක් දෙන්නේ. පාසලේ කොයි කා අතරත් මං හොඳට ජනප්‍රියයි.

චරුද් මියුසික් කරන්නෙත් රිඟිං ටෝන් හරහා මුදල් උපයන්නද?

අපෝ නැහැ. මං පාසල් සිසුවෙක් තවම. සංගීතයෙන් මුදල් හොයන්න අදහසක් මගේ හිතේ කවදාවත් ඇති නොවේවි.

මිස් කෝල් ගීතයේ වීඩියීව ඔබ කදිමට පෙම්වතාගේ චරිතය රඟපානවා. නැති ද රංගනයෙන් ඉදිරියට යන්න හිතක්?

සංගීතයෙන් තමයි මං ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ. රංගනයට ලොකු රුචිකත්වයක් ඇති වෙලා නැහැ තවම මට.