වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කාවිංග ගැන අලුත් කතාවක්

කාවිංග ගැන අලුත් කතාවක්

කාවිංග පෙරේරා කියන්නෙත් මේ දවස්වල බොහොම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ටෙලි නාට්‍ය කිහිපයකම විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට එන කාවිංගට තවත් විශේෂ ආරාධනා ලැබෙනවා කියලා ආරංචියි.

හැබැයි මේ ආරාධනා රංගනයට නම් නෙවෙයි. කාවිංගට ආරාධනා ලැබිලා තියෙන්නේ දේශපාලන ක්ෂේත්‍රයෙන්. ඒ වගේම කාවිංගත් දේශපාලනය ගැන පොඩි උනන්දුවකින් තමයි ඉන්නේ කියලත් ආරංචියි.

කාවිංග කලා ක්ෂේත්‍රයේ ගමන් ආරම්භ කළාට කාවිංගගේ තාත්තා දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නිසා ඔහුගේ පවුලේ දේශපාලන පසුබිමකුත් තියනවානේ. ඒ නිසාම තාත්තාගේ අඩි පාරේ යමින් කාවිංගත් දේශපාලනයට එයි ද දන්නේ නැහැ. ආරංචියේ හැටියට නම් කාවිංග මේ දවස්වල මේ ආරාධනා ගැන සලකා බලමින්ලු ඉන්නේ.