|
|
මං තමයි කෝකටත් තෛලයතිසංක ගමගේ
නිවේදනයට ප්‍රිය කළ කාලයේ සිටම මං එක් එක නිවේදකයෝ ඉදිරිපත් කළ වැඩසටහන් නරඹනවා. ඔවුන්ගේ ශෛලීන් අධ්‍යයනය කරනවා. ඊට පසුව එම වැඩසටහන් මං තනිවම ඉදිරිපත් කරලා බලලා තියෙනවා.
මං තමයි දෙරණ චැනල් එකේ ඉන්න කෝකටත් තෛලය. තිසංක ගමගෙ කතාව පටන්ගත්තෙ අන්න එහෙම. * මොකෝ ඒ වගේ කතාවක් කිව්වෙ? ඇයි ඉතින් මං සෑම වර්ගයකම වැඩසටහන් කරනවානෙ. ඕනම දෙයකට මං ඔට්ටු නිසයි කෝකටත් තෛලය වෙලා ඉන්නෙ.
මේ දිනවල විතරක් නෙවෙයි කොහොමත් ලොකු කාර්යබහුලකමක් මගෙ ජීවිතයෙ තිබුණා. * අලුතින් වැඩසටහන් දෙකතුනක් පටන්ගත්තා නේද? ඔව්. දෙරණ 24 නාලිකාවෙ වෙනස් මිනිස්සු කියලා එකක් පටන් ගත්ත. ඒ වගේම මට හොඳ ලෙඩක් කියලා තව වැඩසටහනක් රෙක්සිං කරලා තියනවා. එය ඉදිරියේ විකාශය වේවි. * ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් පෙළ මතක් කළොත්? සඳුදා හැර සතියේ අනෙක් සෑම දිනයකදීම සුබ දවසක් වේවා කියන මෝර්නිං ප්‍රෝග්‍රෑම් එක කරනවා. එෆ්. එම්. දෙරණ ඇටෑක් ෂෝ එක ඉදිරිපත් කරන්නෙත් මං. සේද මාවත වැඩසටහනත් කරනවා. මං කිව්වා හරි නේද කෝකටත් තෛලය කියන නම මට ගැළපෙනවා නේද? * විවිධ ශෛලීන්ගෙන් යුතු වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබ හුරුවූයේ කොහොමද? නිවේදනයට ප්‍රිය කළ කාලයේ සිටම මං එක් එක නිවේදකයෝ ඉදිරිපත් කළ වැඩසටහන් නරඹනවා. ඔවුන්ගේ ශෛලීන් අධ්‍යයනය කරනවා. ඊට පසුව එම වැඩසටහන් මං තනිවම ඉදිරිපත් කරලා බලලා තියෙනවා. ඒ හැදෑරීම පසුකාලීනව හුඟක් වැදගත් වුණා. ඒ නිසා මට ඕනෑම ශෛලියක වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන්. * ඇයි තවම ප්‍රවෘත්ති කියන්න ඉදිරිපත් නොවුණේ? මං නිවුස්වලට වැඩි කැමැත්තක් නැහැ. * මා දන්නා පරිදි ඔබ වෘත්තිමය නිවේදනයට පිවිසුණේ ප්‍රවෘත්ති කියන්න හිතාගෙන? ඔව්. නිවුස් රීඩර්ස්ලව තෝරගන්න සම්මුඛ පරීක්ෂණයකට මං යොමුවෙලා ඉන් සමත් වුණා. ඒත් ඒ පැත්තට යොමුවුණේ නැහැ. දෛවය විසින් මාව අද ඉන්න තැන තමයි නතර කළේ. * ඔබ ප්‍රසංග වේදිකාවටත් නැතුව බැරි නිවේදකයෙක්? දැනට අවුරුදු පහළොවක් වෙනවා මං ප්‍රසංග වේදිකාවට ඇවිල්ලා. ඒක වෙනමම මාධ්‍යයක්. * ඒ වගේම හොඳ හොඳ අත්දැකීම් එහෙමත් ලැබෙනවා? ඒකනම් ඇත්ත. මේ ළඟදි වුණ අත්දැකීමක් කියන්නම්. මේ ප්‍රසංගය තිබුණේ ගල්ගමුවේ. පිරිසක් ඇවිත් හිටියා. දෙබරවැව ඉඳලා. ලොකු බස් එකක් තමයි ඔවුන් ඇවිත් හිටියේ. ඒ අය එහෙම ඇවිත් තියෙන්නෙ විශේෂයෙන්ම මාව බලන්නලු. මට නොසෑහෙන්න පුදුමයි. මගෙ අප්පේ කොච්චර නම් දුරක ඉඳලද ඇවිත් තියෙන්නෙ. එදා ඔවුන් බොහෝ වෙලාවක් යනතුරු මගෙත් එක්ක කතා කර කර හිටියා. * ඒ කියන්නෙ ඔබ ජනප්‍රිය චරිතයක්. ජනප්‍රියද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මිනිසුන් ඇවිත් මගෙත් එක්ක කතා කරනවා. මට තියෙන්නෙ ළඟට ඇවිත් ෆොටෝ එකක් ගහගෙන යන රසික ආදරයක් නෙවෙයි. මගෙ චරිතයට, ප්‍රතිරූපයට ඔවුන් ආදරෙයි. ඒ ආදරයට මමත් ආදරෙයි. අතිශය සැහැල්ලු කෙනෙක්. * දැන් ඔබ දෙරණට ඇවිත් කොපමණ කල්ද? අවුරුදු දහයක්. * ඇයි ඔබ දෙරණ දාලා නොගියෙ. ඊට හේතු ගණනාවක් තියෙනවා. හැමෝටම පේනව දැනෙන්න නිවේදන කටයුතු කරන්න පුළුවන් මට දෙරණ නාලිකාවෙදි පමණයි. බොහෝ චැනල්වලින් කතා කළා. නොගියෙත් ඒකයි. අනික මං කැමැතියි සුහද මිතුරු වටපිටාවක සිට වැඩකරන්න. එහෙම පරිසරයක් දෙරණ තුළ තියෙනවා. ඉතින් ඇයි මං දෙරණ අතහැරලා යන්නෙ. * මොනවද ඉදිරි බලාපොරොත්තු? ධනාත්මක චින්තන ඇති මනසට කතා කළ හැකි නිවේදකයකු ලෙස කටයුතු කිරීම තමයි එකම බලාපොරොත්තුව.
|




* තිසංක මේ දිනවල බොහොම කාර්යබහුලයි වගේ?