|
|
බලන් ඉඳල බැහැ
මියුසික් වීඩියෝ යන වචනය ඇහෙද්දී අපට දැන් 'ආපෝ' කියලා කියවෙනවා. ඇතැම් වීඩියෝ නිසා මිනිසුන්ට මියුසික් වීඩියෝ ගැන එහෙම ආකල්පයක් ඇති වෙලා තියෙනවා. ඒ තරමටම ඒ වීඩියෝස් අසික්කිතයි. මේ ගැන වගකිවයුතු අය මොනවා හරි කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ගායක ගායිකා සංගමයේ ඇස් මේ සඳහා යොමු විය යුතුමයි. එහි සභාපති කීර්ති පැස්කුවල්ගෙන් අප ඒ පිළිබඳ විමසීමක් කළා.
ඇත්තටම සමහර වීඩියෝස් මටත් දකින්න ලැබුණා. ඒවා හරිම පහත් තත්ත්වයක තියෙන්නේ. ඒත්
ඔවුන් ද කලාවේ නියැලෙන අයනෙ. ඒ නිසා ගායක ගායිකා සංගමයේ අප විසින් ඔවුනට විරුද්ධව
දේවල් කරන්නේ නැහැ. එතකොට කලාකරුවෝ අතර ගැටුම් ඇති වෙනවානෙ. ඒත් අපට යම් වගකීමක්
තියෙනවා ක්ෂේත්‍රය ගැන. එබැවින් අප මේ පිළිබඳ රජයේ වගකිවයුතු අයව දැනුම්වත් කළා. ඒ
අය එතකොට මොනවා හරි කරාවි කියන බලාපොරොත්තුවෙන් අප ඉන්නේ.
|




