|
|
දුෂ්ටයාට නව අරුතක් දුන් ඩොමී ජයවර්ධන
‘වරද කාගේද’ චිත්‍රපටයෙන් කරුණාරත්න අබේසේකර නම් විශිෂ්ට චිත්‍රපට ගීත රචකයකු ලෙස හඳුන්වා දුන්නේ ද ඩොමීය.
ඩොමී ජයවර්ධන සිංහල චිත්‍රපටවල නොම්මර එකේ දුෂ්්ට චරිත නිරූපකයාය. නරඹන්නන්ට පෙනෙන දුෂ්ටකම් ඔහුගේ සැබෑ ජීවිතයේදී අපට නොපෙනුණි. කාගේත් හිත් දිනා ගැනීමේ දක්ෂකමක් හා මන බඳින සිනාවක් ඇති ඩොමී සෙල්ලක්කාරයෙකි. අනික් නළු නිළියන්ට බොරු මඟුල් ජෝඩු කරන සමච්චල්කාරයෙකි. නළු නිළියන්ගේ කෑම බීම හොරෙන්ම කා බී ප්‍රීති වන විහිළුකාරයෙකි. ඩොමී හරිම එඩිතරය. හිතවතුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වෙයි. ඔහුගේ වැරැදි වේ නම් ඒ ඔහු තමාටම කරගන්නා දේයි. ඩොමීගේ සාමාන්‍ය ජීවිතය ඇසුරෙන් යන චරිතයක් නිරූපණය තවම ඔහුට අවස්ථාවක් ලැබුණේ නැතැයි ඔහු බොහෝ විට කීවේය. ඔහු රංගවේදියකු මෙන්ම පසුබිම් ගායකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ද ප්‍රකටව සිටියේය. ඕබොඩගේ ඩොමී ද සිල්වා ජයවර්ධන 1927 ජූනි 25 වෙනිදා අම්බලන්ගොඩ මීටියාගොඩ උපත ලැබීය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හා ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේත් ඉගෙනුම ලැබූ ඔහු නාට්‍ය නැරැඹීමේ නොතිත් ආසාවෙන් යුතු රසිකයකු විය. ඔහු මුලින් තෝරා ගත්තේ අගලවත්තේ රබර් පර්යේෂණායතනයේ පර්යේෂණ නිලධාරි තනතුරය. අම්බලන්ගොඩ වේදිකා ගත වූ ජීවන්ලාල් නන්දන කීර්ති හෙවත් පී. එල්. ජේ. නන්දන කීර්තිගේ නාට්‍යයක් බැලීමට ඩොමී ගියේය. එහි රඟපෑ නෝනා සුබෙයිදා නම් නිළියගේ රඟපෑමෙන් වශීකෘත ඔහු ඇය පිළිබඳ සිත් ඇති වීම හේතුවෙන් නන්දන කීර්තිගේ නාට්‍ය කණ්ඩායමට බැඳුණේය. නන්දන කීර්තිගේ 'සිහිනය' නම් නාට්‍යයේ චරිතයක් රඟපෑ ඔහු අනතුරුව 'අශෝකමාලා' නාට්‍යයේ සාලිය ලෙස ද නෝනා සුබෙයිදා අශෝකමාලා ලෙස ද රඟපෑහ. මේ නාට්‍යයේ ගීත රචනය කළේ අම්බලන්ගොඩ පාසලක විදුහල්පතිවරයකු වූ ඩී. ටී. ප්‍රනාන්දුය. පසුව 'අශෝකමාලා' චිත්‍රපටයේ ගීත රචකයා වූයේ ඔහුය. 'අශෝකමාලා නාට්‍යය වාර දෙකක්වත් වේදිකා ගතවීමට ප්‍රථම ඩොමී සහ නෝනා සුබෙයිදා පැනගොස් විවාහ වූහ. විවාහයෙන් පසු ඩොමී, සිරිල් පී.අබේරත්නගේ 'සිහිනය' වේදිකා නාට්‍යයක රඟපෑවේය.
1952 වසරේ සිනමාස් සමාගම 'සුජාතා' චිත්‍රපටය තිරයට ගෙන ඒමට සැලසුම් කරන විට එහි
නිෂ්පාදන පරිපාලනය කළ ටී. සෝමසේකරන් එහි දෙබස් ලිවීමට තෝරා ගත්තේ සිරිල් පී.
අබේරත්නය. එයට පාදක වූයේ 1949 තිරගත වූ 'බඩි බෙහෙන්' නම් හින්දි චිත්‍රපටයේ කතාවයි.
දුෂ්ට චරිත රංගනයේ ප්‍රවීණත්වයක් දැක් වූ ඩොමී හින්දි චිත්‍රපටයේ දුෂ්ට චරිතයක්
රඟපෑ ප්‍රාන්ගේ චරිතය සඳහා රෙකමදාරු කළේ සිරිල් විසින්මය. 'සුජාතා' චිත්‍රපටයට නවක නළුනිළියන් තෝරා ගැනීමට සෝමසේකරන් හැම විටම උත්සාහ ගත්තේය. 'ප්‍රාන් වගේ රඟපාන දුෂ්ට චරිතයට අපූරු මිනිහෙක් ඉන්නවා ඩොමී කියලා' සිරිල් සෝමසේකරන්ට කීවේය. සිරිල්ගේ නාට්‍ය නැරැඹූ සෝමසේකරන් තමා සොයන නළුවා ඔහුම යයි දෙවතාවක් නොසිතා තෝරා ගත්තේය. 'සුජාතා' චිත්‍රපටයේ විකී නම් සෙල්ලක්කාර තරුණයා ඔහුය. කුඩා කාලයේ මෙන්ම පාසල් යන කාලේ සිටම දඟකාරයකු වූ ඩොමී තරුණයකු වූ පසු ද දඟකාරයකු බව දන්නේ ටික දෙනෙකි. එදත් ඔහු තරුණියන් වසඟ කරගැනීමේ කලාව ප්‍රගුණකොට තිබුණාලු. ඩොමීට 'සුජාතා'ට පෙරත් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලැබුණත් යම්කිසි කරුණු නිසා ඒවා වැළකී ගොස් ඇත. ලැඩී රණසිංහ ඩොමී රඟපෑ 'සිහිනය' වේදිකා නාට්‍යය අති ප්‍රබල එකක් විය. ඩී. ටී. ප්‍රනාන්දුගේ 'ශාන්ත ප්‍රභා' නාට්‍යයේ ඩොමී රඟපෑවේ අයිරින් රීටා කොයින්ස් නම් කළුතර පැත්තේ නිළියක් සමඟය. ඇය බටහිර විලාසිතා සහිත චරිත රඟපෑමේ දක්ෂතා ඇති නිළියක් විය. 'සුජාතා' චිත්‍රපටයේ දෙබස් ලියූ සිරිල් පී. අබේරත්න සෝමසේකරන් සමඟ වූ මතභේදයකින් ඉල්ලා අස් විය. එ වන විට ඩොමී හා සෝමසේකරන් ගජ මිතුරෝ වූහ. 'සුජාතා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ 'සුජාතා' ගේ චරිතයට මුලින් තෝරා ගෙන සිටියේ 'අශෝකමාලා' චිත්‍රපටයේ නැටුම් දර්ශනයක පෙනී සිටි සුරූපී අශෝකමාලා ද සිල්වාය. නංගී ප්‍රේමා ලෙස රඟපෑමට සිරිමතී රසාදරී තෝරා ගෙන සිටියේය. ඒ තේරීම් දෙකම සිරිල් පී. අබේරත්නගේය. ඒ චරිත දෙකටම සිටි නිළියන් ඉවත් කළ සෝමසේකරන් සුජාතාගේ චරිතයට මහවැවෙන් ෆ්ලොරිඩා ජයලත් තෝරා ගෙන ප්‍රේමාගේ චරිතයට නවක නිළියක් සිටීදැයි ඩොමීගෙන් ඇසුවේය. 'ඔය චරිතයට කියාපු නිළියක් ඉන්නවා කළුතර. එයාට Bathing Suite එකෙන් රඟපාන්නත් පුළුවන්' යයි ඩොමී කළ යෝජනාව අයිරින් රීටා දැක්ක ගමන්ම සෝමසේකරන්ට සිතුනි. 'ශාන්ති ලේඛා' නමින් ඇය 'සුජාතා'වෙන් හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ සෝමසේකරන්ට සහ ඩොමීටය. ඩොමී හා ශාන්ති ලේඛා (විකී මා ප්‍රේමා) ගල්කිස්ස මුහුදු වෙරළේ ගී ගයමින් රඟපෑ මේ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය විය.
ප්‍රේමා - 'පෙම් රුල්ල නගී ගල් තල්ලෙ වදී විකී සෙල්ලක්කාර තරුණයෙක්. ප්‍රේමා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මේ චරිතයෙන් ඩොමී එක රැයකින්ම ජනප්‍රසාදයට ලක් විය. එකල 'සුජාතා' චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ප්‍රේම් ජයන්ත්ට වඩා තරුණියන්ගේ සිත් ගත්තේ ඩොමී බව වැඩිහිටි කලාකරුවන් කියන කතාවලින් මොනවට පැහැදිලි වේ. 'සුජාතා' චිත්‍රපටයෙන් දුෂ්ට චරිතයෙන් ඔහු දේශීය සිනමාවේ දුෂ්ටයාට අනන්‍යසාධාරණ මානයක් Villain Supremo එක් කළේය. ඩොමී 1954 වරද කාගේද? චිත්‍රපටයේ රඟපෑ අතර එම වසරේම 'රදළ පිළිරුව' චිත්‍රපටයේ චාලි හාමුගේ අපූරු හාස්‍ය මුසු චරිතයක් රඟපෑවේය. මේ චිත්‍රපටයේ ද ඩොමී රඟපෑවේ ලැවිනියා ලෙස රඟපෑ ශාන්ති ලේඛා සමඟය. එක් ගීතමය ජවනිකාවක මේ දෙදෙනා අපූරු ගීතයක් ගැයූහ.
චාලි - සුදෝ සුදෝ එන්න සුදෝ මාගේ ප්‍රේම සිනිමාවේ 'වරද කාගේද' චිත්‍රපටයෙන් කරුණාරත්න අබේසේකර නම් විශිෂ්ට චිත්‍රපට ගීත රචකයකු ලෙස හඳුන්වා දුන්නේ ද ඩොමීය. ඩොමී නිෂ්පාදක කේ. ගුණරත්නම්ට කරුව රෙකමදාරු කළේය. 1956 තිරගත වූ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ රඟපෑ ඩොමී එහි එන සේතන් (හියුගෝ ප්‍රනාන්දු) හා කරුණාවතී (මිලී කහඳගම) රඟපෑ මේ ගීතය පසුබිම් ගායනය කළේ ඩොමී සහ ලතාය.
'සේතන් අයියගෙ හොටලෙ මේ
ඩොමීගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් මට 1972 වසරේ පෙබරවාරි 16 වැනිදා 'සරසවිය'ට
ලියූ 'තිරයෙන් හමුවන විවිධ මිනිස්සු' විශේෂාංගයට විස්තර කළේය. 'සූරසේන චිත්‍රපටයේ රඟපාන්න මම ඉන්දියාවට ගියේ බලාපොරොත්තු රැසක් ඇතිව. ඒ වන විට ඒ චිත්‍රපටයේ ඒ ලෙසම ඒ ඒ දර්ශන තෙළඟු හා හින්දි හා දමිළ භාෂාවලින් තිරයට නැඟී තිබුණා. ඉන්දියාවට ගිය අපි 'සූරසේන' පක්ෂිරාජා චිත්‍රාගාරයේදී නිපදවද්දීම ඒ අයුරින්ම මලයාලි හා කර්ණාටක නළු නිළියන් ලවා රූපගත කළා. අධ්‍යක්ෂවරයා ඉන්දීය ජාතික එස්. එස්. නායදු. මේ නිසා සිංහල, කණ්ණඩ, මලයාලි නළු නිළියන් අතර තිබුණේ ලොකු තරඟයක්. මුලින්ම රූපගත කළේ සිංහල චිත්‍රපටය. මේ නිසා අපි ලංකාවේ තත්ත්වය ආරක්ෂා කරගන්න වගකීම තිබුණා.
දුෂ්ට චරිතයෙන් මිදී ඩොමී ‘සැමියා බිරිදගේ දෙවියා’ චිත්‍රපටයේ රෝගී සැමියකු ලෙස රඟපෑවේය. ඔහුගේ බිරිඳ ලෙස රුක්මණී දේවි රඟපෑවාය. ඇගේ ප්‍රථම ප්‍රේමවන්තයා වූ දොස්තර ලෙස රඟපැවේ අසෝක පොන්නම්පෙරුමය. තමා රඟපෑ හොඳම චරිතයක් ලෙස මේ චිත්‍රපටය ඩොමී සඳහන් කරයි.
එක දර්ශනයක් තිබුණා සූරසේන ලෙස රඟපාන හර්බි සෙනෙවිරත්නත් දුෂ්ට චරිතයක් රඟපාන මාත් අතර සටනක්. මේ සටන අවසානයේ හර්බිගෙන් පහරක් ලබන මා වීදුරු ජනේලයක් කඩාගෙන වැටෙන්න. හින්දි චිත්‍රපටයේ මේ සටන් ජවනිකාව තිබුණේ දිලිප් කුමාර් හා ප්‍රාන් අතර. ප්‍රාන් ඒ දර්ශනයේ වීදුරු ජනේලයක් කඩාගෙන ගිහින් තුවාල ලබා දවස් 13 ක් රෝහලක හිටියලු. මේක අහලා මම ටිකක් බය වුණා. හිත හදාගෙන මම මේ අවස්ථාවට මුහුණ දුන්නා. මේ චරිතයම රඟපාන මලයාලි, කණ්ණඩ චිත්‍රපටවල නළුවෝ ඇතුළු නළු නිළි පිරිස අධ්‍යක්ෂවරු මා මේ අවස්ථාවට මුහුණ දෙන අයුරු කුතුහලයෙන් බලා හිටියා. මම දර්ශනය රඟපෑමට පෙර අධ්‍යක්ෂවරයාගෙන් බ්‍රැන්ඩි වීදුරු තුනක් ඉල්ලගෙන බිව්වා. හර්බිගෙන් මට වැදුණ වේගවත් පහරක් ලැබූ වේගයෙන් පියාඹන ගිහින් වීදුරු ජනේලයක් කඩාගෙන පිටතට වැටුණා. එළිමහනේ තිබුණ කළු ගලක වැදී මගේ හිස ටිකක් තුවාල වුණා. මා අසළට ඇවිත් අධ්‍යක්ෂ නායිදු මට නොසෑහෙන්න ස්්තූති කළා' ඩොමී කීවේය.
දුෂ්ට චරිතයෙන් මිදී ඩොමී 'සැමියා බිරිදගේ දෙවියා' චිත්‍රපටයේ රෝගී සැමියකු ලෙස
රඟපෑවේය. ඔහුගේ බිරිඳ ලෙස රුක්මණී දේවි රඟපෑවාය. ඇගේ ප්‍රථම ප්‍රේමවන්තයා වූ
දොස්තර ලෙස රඟපැවේ අසෝක පොන්නම්පෙරුමය. තමා රඟපෑ හොඳම චරිතයක් ලෙස මේ චිත්‍රපටය
ඩොමී සඳහන් කරයි. 'මම ටයිටස්ගේ 'චණ්ඩියා' චිත්‍රපටයේ රඟපෑවෙ මිල්ටන් නම් රාත්‍රී සමාජ ශාලාවක කපටිකමින් ජීවත්වන පුද්ගලයෙක් ලෙස. මේ චිත්‍රපටයේ මමත් ගාමිණී ෆොන්සේකාගෙත් සටන් දර්ශනයක් තිබුණා. ඒ දර්ශනයට විශාල කීර්තියක් ඇති ගෘහ භාණ්ඩ සමාගමකින් පුටු සෙට් ඇතුළු ගෘහ භාණ්ඩ කුලියට ගෙනවිත් තිබුණා. ගාමිණී සමඟ හරි හරියට ගහගත්ත මම ගාමිණීගේ පහරකින් පුටු සෙට් එකට වැටුණේ එය ඇතුළු අනිත් ගෘහ භාණ්ඩ සුණු විසුණු කරමින්. සටන නම් සාර්ථකව රූගත වුණා. ගෘහ භාණ්ඩවලට වු අලාභයට විශාල වන්්දියක් ගෙවන්න වුණා'. එවැනිම අමතක නොවන සිදුවීමක් ඩොමී ප්‍රථම වරට අධ්‍යක්ෂණය කළ 'දරු දුක' චිත්‍රපයට ඇතුළත් වී තිබුණි. දරු දුක චිත්‍රපටයේ මම වතු සුපිරිටැන්ඩන්ට් කෙනෙක්. දුෂ්ට චරිතයක්. මොහුව යහමඟට ගන්නේ ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළ බුද්ධිමත් ගැහැනියක්. මේ චරිතය රඟපෑවේ අනුලා කරුණාතිලක. මේ චිත්‍රපටයේ පොලිස් නිලධාරියකු ලෙස රඟපෑ බන්දු මුණසිංහ එක්ක සටනක් තිබුණා. දක්ෂ සටන් නළුවකු වූ බන්දු එක් අවස්ථාවක මගේ මූණට පහරක් ගහනවා. මා ඒ පහරට ගඟට විසි වී වැටුණා. මට තරු පෙනුණේ බන්දුගේ පහරටයි. මෙතරම් කාලයක් සටන් කළ මා මෙවැනි පහරක් කෑවේ නෑ. මා ගඟට වැටුණ තැන වතුර රතු පාට වුණේ මගේ දෙතොලින් අධික ලෙස ලේ වැගිරීම නිසා.' 'දරු දුක' චිත්‍රපටයෙන් නවක සංගීත අධ්‍යක්ෂවරයකු වන සංගීත විශාරද ෂෙල්ටන් පෙරේරා සිනමාවට හඳුන්වා දුන්නේ ඩොමීය. 'ආත්ම පූජා' චිත්‍රපටයේ ද ඩොමීට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විය. එහි එක් දර්ශනයකදී ගාමිණී ෆොන්සේකාව කුටියකට ගෙන ගොස් ඩොමී පහර දෙන දර්ශනයක් තිබිණ. ගාමිණී ඇඳ සිටියේ 'ටපටා' රෙද්දෙන් මැසූ කමිසයකි. මේ කමිසය ගස්සලා අදින්නට ඩොමී කොතරම් උත්සාහ කළත් රෙද්ද ශක්තිමත් නිසා අත ගැස්සිලා ගිහින් ගාමිණීගේ නිකටේ වැදී ඇත. මොහොතකින් ගාමිණීගේ දෙතොලින් ලේ ගලාගෙන ආවේය. මේ දර්ශනය බලා සිටීමට නොහැකිව ඩොමී පිටතට ආවේ දැසට ආ කඳුළු පිසදා ගනිමිනි. මේ සංවේදී අවස්ථාව ඩොමීට කිසිදා අමතක නොවන බව කිවේය.
දෙබස් කවන ලද 'අංගුලිමාල' චිත්‍රපටයේ අහිංසක ලෙස රඟපෑ භාරත් භූෂාන්ට දෙබස් කැව්වේ
ඩොමීය. රාජ කුමාරි ලෙස රඟපෑ නිම්මිට දෙබස් කැව්වේ ලතා වල්පොලය. ඩොමිගේ සහ ලතාගේ
සුසංයෝගය ගහට පොත්ත මෙන් සැසඳුණේය. චිත්‍රපටය ජනපි‍්‍රයවීමට මෙය කදිම සාධකයක් විය. ඩොමී අධ්‍යක්ෂණය කළ දෙවන චිත්‍රපටය 'සිංගප්පූරු චාලි'ය. මේ චිත්‍රපටයේ තවත් විශේෂයක් වූයේ තාත්තා කෙනෙකු වෙනුවෙන් පුතෙකු පසුබිම් ගීතයක් ගැයීමය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වලව්කාරයකු ලෙස රඟපෑ ඩොමී වෙනුවෙන් ඔහුගේ පුත් නිහාල් ජයවර්ධන ගී ගැයීම දුර්ලභ සිද්ධියකි. නිහාල් ඊට ප්‍රථම ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක දිගම තේමා ගීතය ගැයූ ගායකයා ලෙස ද ඉතිහාස ගත වෙයි. 'රෝමියෝ ජුලියට් කතාව' චිත්‍රපටයේ එන මේ ගීතය රචනා කළේ මහාචාර්ය තිස්ස කාරියවසම්ය. සංගීත නිර්මාණය ෂෙල්ටන් ප්‍රේමරත්නගෙනි. ඩොමී රඟපෑ චිත්‍රපට අතර සුහද දිවි පිදුම, හතර මහා නිධානය, හතර කේන්දරේ, දැන් මතකද?, වාසනා, හිතුවොත් හිතුවාමයි, මොනරතැන්න විශේෂයෙන් කැපී පෙනෙයි. 'ළසඳා' චිත්‍රපටයේ ඔහු රඟපෑවේ නඩුකාර හාමුදුරු කෙනෙකුගේ චරිතයකි. ඩොමී හා පියදාස ගුණසේකර සමඟ ගී ගයමින් රඟන 'ගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා' ගීතමය දර්ශනය මෙන්ම එය පසුබිමින් ගැයූ එච්. ආර්. ජෝතිපාල හා එම්. එස්. ප්‍රනාන්දු ද අතිශයින් ජනප්‍රිය විය. මේ ගීතයේ ගේය පද රචනය ධර්මසිරි ගමගේය. සංගීත නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙනි. නෝනා සුබෙයිදා ඩොමි හා විවාහ විය. (1926 - 1994) 'ශ්‍රී දළදා', 'සිරසර බරණැස' යන ග්‍රැමෆෝන් ගීත ගැයුවාය. සුබෙයිදා සිංහලේ, දිව්‍ය ප්‍රේමය, රොඩී කෙල්ල, හැම්ලට් නාට්‍යවල රඟපෑහ. 'සුජාතා' චිත්‍රපටයේ රඟපෑ ඇය 'රේඛාව' චිත්‍රපටයේ කුඩා අනුලා (මර්ටල් ප්‍රනාන්දු) ගේ මව ලෙස ද රඟපෑවාය. ඩොමී හා නෝනා සුබෙයිදාගේ පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතා නිහාල් ජයවර්ධන (1949 - 2004) සංසාරේ, රෝමියෝ ජුලියට් කතාවක්, අහල පහල, සිංගප්පූරු චාලි ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑහ. දෙවැනි පුතා රෝයි ජයවර්ධන (1957 - 2001) වේදිකා නාට්‍ය නළුවෙකි. (නෙයිනගේ සූදුව, ලියතඹරා, වෙල්ලස්සේ වෙඩි හඬ) දක්ෂ හඬ කැවීමේ ශිල්පියකු වූ ඔහු චිත්‍රපට නළුවෙකි. නිහාල් හා රෝයි අකාලයේ මිය ගියහ. නිහාල්ගේ දියණියක වු බුද්ධිනී කලක් සරසවිය පුවත්පතේ ද සේවය කළාය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඩොමී 1979 දෙසැම්බර් 28 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය. ප්‍රකට පරිපාලන නිලධාරි 'සිංහබාහු' නාට්‍යයේ ප්‍රථම සිංහබාහු ලෙස රඟපෑ චාලි ජයවර්ධනගේ වැඩිමහල් සොහොයුරාය ඩොමී.
|







