|
|
ඒකෙ ඒවා මේකෙ කොහෙද
ජීවන් හඳුන්නෙත්ති කිව්වොත් ඉතින් ලණුවක්ම තමයි. එච්චරටම ඔහු ලණුවලට ප්‍රසිද්ධයි. ලණු හදන කම්පැණිවත් ජීවන් තරම් ලණුවලට ප්‍රසිද්ධ නැහැ. සමහරු තම ජංගම දුරකතනයට ජීවන්ගෙන් ඇමතුමක් එද්දී දෙපාරක් හිතලා තමයි පිළිතුරු දෙන්නේ. ජීවන් මේ ළඟදී එක්තරා නාලිකාවක වැඩ සටහනකට එකතු වෙලා. එයට ජනප්‍රිය මැදි වියේ නිළියකු ද සහභාගි වුණාලු. වැඩසටහන ඉවර වෙලා යද්දී ජීවන් අර නිළියට කිව්වලු වෙනත් නාළිකාවක නමක් කියලා අහවල් දවසේ ඒකෙත් මේ වැඩසටහනම රිපීට් වෙනවා කියලා. අර නිළිය ජීවා කියපු දේ අහලා ඔහු කියපු වෙලාවටම ටී වී එකේ අර චැනල් එක දාගෙන බලාගෙන ඉන්නවලු. ඒත් වෙන වැඩසටහනක් ගිහින් තියෙන්නේ. බලාගෙන ඉඳලා බැරිම තැන නිළිය නාළිකාවට කතා කරලා ඇහැව්වලු අර වැඩසටහන යන්නේ නැද්ද කියලා.
පිස්සුද අක්කේ ඒ නාළිකාවේ ගිය වැඩ සටහන් කොහොමද අපේ නාළිකාවේ යන්නේ කියලා චැනල් එකේ
කෙනෙක් කිව්වමයි නිළියට කල්පනා වෙලා තියෙන්නේ මං මෙච්චර වෙලා හප හප ඉඳලා තියෙන්නේ
ජීවන් දීපු ලණුවක් කියලා.
|




