දන්නෝ දනිති
දන්නෝ
දනිති

පරණ යාළුවො දෙන්නෙක් ප්‍රසිද්ධ ස්ථානයකදී මුණ ගැහිලා. එක් කෙනෙක් කිංස්ලි රත්නායක.
අනෙක් තැනැත්තා බුද්ධික ජයරත්න. දෙන්නා එක ඉස්කෝලේ ආනන්දේ. ඒ කියන්නේ කිංස්ලියි,
බුද්ධිකයි පුංචි කාලෙ ඉඳලා ගජ යාළුවෝ.
ආ . . . මිස්ට ජයරත්න . . .
බුද්ධිකව දැකපු ගමන් කිංස්ලි එහෙම කිව්වලු.
බොහොම හොඳයි. අන්න එහෙම දිගටම ගරු නම්බු ඇතුව මට කතා කළොත් හොඳයි.
ඒ බුද්ධිකගේ ප්‍රතිචාරය. බුද්ධිකගේ ඒ වදනත් එක්ක හිතන්න යමක් තියෙනවා. ඒ කිංස්ලි
ඇතුළු බුද්ධිකගේ පාසල් මිතුරෝ බුද්ධිකට කතා කරන්නේ වෙනත් නමකින් කියන එක. ඒ වගේම ඒ
නම එච්චර ගෞරවාන්විත එකකුත් නෙවෙයි. බුද්ධික ඒ දවස්වල පාසලේ චණ්ඩියාලු. කළොත්
කරන්නේ නසරාණි වැඩලු. ඒ හින්දම කිංස්ලිලා බුද්ධිකට නමක් දාලා. එදා ඉඳන් අද දක්වාම
බුද්ධිකට ඔවුන් කියන්නෙ ඒ නම. බුද්ධිකගේ සුබසිද්ධිය තකා අපි ඒ නම ප්‍රසිද්ධ කරන්නේ
නැහැ. දන්මෝ ඒ නම දනිති කියලයි කියන්න වෙන්නේ.
|