|
|
ඊළඟ පියවර
පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස්හි ජනප්‍රියම නළුවා සහ නිළිය ලෙස අබිසෙස් ලැබුවේ
රුවන් පෙරේරා සහ නයනතරා වික්‍රමආරච්චි. මේ දෙන්නා ගැන සරසවිය අපට පුංචි ආඩම්බරයකුත්
තියෙනවා. ඒ මොකක් හින්දද දන්නවාද රුවන්ගේ වගේම නයනතරාගේත් කුලුඳුල් පුවත්පත් ලිපිය
පළ වුණේ සරසවියේ. මේ දෙන්නා ක්ෂේත්‍රයට පැමිණි මුල් යුගයේදීම ඔවුන් වෙනුවෙන්
සරසවියෙහි ඉඩ වෙන් වුණා. නිරන්තරයෙන් සරසවිය නවකයන්ට උදව් කරනවා. ඒ වගේම සරසවිය
හරහා ඉස්මතු වූවෝ ද බොහෝයි. අප එදා රුවන්ගේ සහ නයනතරාගේ ලිපි පළ කරද්දී ඔවුන්ව වැඩි
දෙනකු හඳුනන්නේවත් නැහැ. එහෙත් ඔවුන් ඉන්නේ වෙනමම තැනක. ඔවුන්ගේ ඉදිරි ගමනට රුකුලක්
වීමට සරසවියට හැකියාව ලැබුණා. ඒ දෙදෙනා ජනප්‍රිය වුණා වගේම තව නොබෝ දිනකින් හොඳම යන
සම්මානය ලබා ගැනීමටත් හැකියාව ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
|




