වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඊළඟ පියවර

ඊළඟ පියවර

පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස්හි ජනප්‍රියම නළුවා සහ නිළිය ලෙස අබිසෙස් ලැබුවේ රුවන් පෙරේරා සහ නයනතරා වික්‍රමආරච්චි. මේ දෙන්නා ගැන සරසවිය අපට පුංචි ආඩම්බරයකුත් තියෙනවා. ඒ මොකක් හින්දද දන්නවාද රුවන්ගේ වගේම නයනතරාගේත් කුලුඳුල් පුවත්පත් ලිපිය පළ වුණේ සරසවියේ. මේ දෙන්නා ක්ෂේත්‍රයට පැමිණි මුල් යුගයේදීම ඔවුන් වෙනුවෙන් සරසවියෙහි ඉඩ වෙන් වුණා. නිරන්තරයෙන් සරසවිය නවකයන්ට උදව් කරනවා. ඒ වගේම සරසවිය හරහා ඉස්මතු වූවෝ ද බොහෝයි. අප එදා රුවන්ගේ සහ නයනතරාගේ ලිපි පළ කරද්දී ඔවුන්ව වැඩි දෙනකු හඳුනන්නේවත් නැහැ. එහෙත් ඔවුන් ඉන්නේ වෙනමම තැනක. ඔවුන්ගේ ඉදිරි ගමනට රුකුලක් වීමට සරසවියට හැකියාව ලැබුණා. ඒ දෙදෙනා ජනප්‍රිය වුණා වගේම තව නොබෝ දිනකින් හොඳම යන සම්මානය ලබා ගැනීමටත් හැකියාව ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.