වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




නන්දා මාලිනීගේ ආශ්‍රමයේ දරුවන් කලඑළි බසිති

නන්දා මාලිනීගේ ආශ්‍රමයේ දරුවන් කලඑළි බසිති

නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ ඉගෙනුම ලැබූ දූ දරුවන් පනස් දෙනකුගේ දක්ෂතා එළිදැක්වීමේ කලා උලෙළක් පසුගියදා කොළඹ ලුම්බිණි රඟහලේදි පැවත්විණි. නවරත්න ගමගේ මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කරන ලදී. මෙම ප්‍රසංගයේදී ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, ගරු මර්සලීනු ජයකොඩි පියතුමන්, සුනිල් ශාන්ත, අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සී. ටී. ප්‍රනාන්දු, ඔස්ටින් මුණසිංහ, ඩබ්ලිව්. බී. මකුලොලුව, සී. ද එස්. කුලතිලක සහ ලයනල් රංවල යන කලාකරුවන් නියෝජනය කරමින් ඔවුනගේ කලා කෘතීන් එම ළමයින් 50 දනාගේ ශිල්පී දායකත්වයෙන් ඉදිරිපත් විය. එමෙන්ම කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, මඩවල එස්. රත්නායක වැනි අය නියෝජනය කළ ගුවන් විදුලි ළමා මණ්ඩපයේ ඉතිහාසය ද ප්‍රසංගයේදී හුවා දැක්විණ. ප්‍රසංගයේ වාද්‍ය වෘන්දය වූයේ සරත් ප්‍රනාන්දු, සනත් සතිස්චන්ද්‍ර, ඉන්දික රජින්ත, කැළුම් ගීගනගේ සහ නදුන් ධනංජය ය.