|
|
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
එහෙයින් ජෝන් සහ මාටින් ඒ දෙසට යති. එළිය අතරින් පැමිණෙන දෙදෙනෙකි. රජ ඇඳුමින් ඔවුන් සැරසී ඇත. එහෙයින් ජෝන් සහ මාටින් ඒ දෙදෙනාට නාට්‍යකරුවන් යැයි සිතා බැන වදිති. ඒ ලෙස පැමිණ තිිබෙන්නේ යමරජු සහ ඔහුගේ සෙනවියාය. ඒ දෙදෙනා කොතරම් තමන් ගැන හඳුන්වා දුන්න ද ජෝන් සහ මාටින් ඔවුන් ගැන සැක කරති. අවසනදී යම රජ ගිනිජාලා මවමින් ඉන්ද්‍රජාලයක් සිදු කරයි. ජෝන් සහ මාටින් තුෂ්නිම්භූත වෙති. යම රජ ඉදිරියේ වැඳ වැටෙන ඔවුහු ලංකාවට පැමිණියේ ඇයිද යන වග අසති. එවිට යම රජු පවසන්නේ මේ ගමන ආවේ පංච කල්‍යාණයක් සොයා ගැනීමට බවය. ඒ කාර්යය ඔහු බාර දෙන්නේ ජෝන් සහ මාටින්ටය.
ජෝන් සහ මාටින් ඇයට යම රජු ගැන පවසති. මුලදී අකැමැති වුවත් නිල්නයනි පසුව යම රජු හමුවීමට කැමැත්ත ප්‍රකාශ කරයි. යම රජුගේ මේ කාර්යය හේතුවෙන් ජෝන් සහ මාටින් නිතර නිතර නිල්නයනිව හමුවේ. එහෙයින් ඒ දෙදෙනා නිල්නයනිට ආදරය කරන්නට පටන් ගනිති. යම රජුගේ කාර්යය අමතක වේ. මේ අතර යම ලෝකයේ සිට යම රජු ජෝන් සහ මාටින්ගෙන් පණිවුඩයක් එනතුරු කල්මරති. යම රජුගේ වෙනස් හැසිරීම හේතුවෙන් යම දේවිය ඔහුව සැක කරයි. කාරණාව සොයා බලන කළ යම දේවියට ඇත්ත හෙළිවේ. ඇය විශේෂ බලයකින් ලංකාවට පැමිණෙයි. නිල්නයනිව ද සොයා ගනියි. ඇය නිල්නයනිගේ වේශය ගනියි. එතැන් පටන් යම දේවිය සියල්ලන් රවටයි. සජීව සංකල්ප අධ්‍යක්ෂණය කළ යම රජ සිරි සිනමාපටයේ කතා පුවත ගලා යන්නේ එලසින්ය. වසර ගණනාවකට පසු ටෙනි බන්දු යුවළ එකට රංගනයේ යෙදෙන මෙම සිනමාපටය ප්‍රහසනාත්මක ගණයට වැටෙනා සිනමාපටයකි. මෙහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන නදීශා හේමමාලිගේ ද පළමු ප්‍රහසන සිනමා සිතුවම වන්නේ ද මෙයයි.
|











ජෝන් සහ මාටින් ගජ මිතුරන් දෙනෙකි. වෘත්තීයෙන් ඔවුන් කනත්තක මුරකරුවන්ය. ආර්ථික
ප්‍රශ්න එමට ඇති ජෝන් සහ මාටින් දුකසේ ජීවිතය ගත කරති. දිනෙක රාත්‍රියේ ඔවුන්
දෙදෙනා කනත්ත මුර කරද්දී එක්තරා එළියක් පෙනෙයි. ඒ ආලෝකය අමුතුය.
ඒ වෙනුවෙන් මුදල් ඇතුළු
සියලු පහසුකම් යමරජු ජෝන් සහ මාටින්ට ලබා දෙති. මේ දෙදෙනා යම රජුට කාන්තාවක් සොයති.
ඒ අතර නිල්නයනි නමැති තරුණියක් හමුවෙයි.