|
චිත්‍රපටයක රඟපෑම සිහිනයක් කීර්ති කොඩිතුවක්කු
ඔහු වඩා ජනප්‍රිය වූයේ සබඳ බබානිස් ටෙලි නාට්‍යයෙහි සුවඳාගේ චරිතය තුළිනි. පාසල් නාට්‍ය රංගනයෙන් වේදිකාවට අවතීර්ණ වූ ඔහු අද ද වේදිකාවට දක්වන්නේ මහත් ගෞරවයකි. ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියා කිරීමේ සහජ හැකියාවෙන් ද පොහොසත් කීර්ති ඉදිරියේදී චිත්‍රපට රංගනයට ද අවතීර්ණවීමේ අපේක්ෂාවෙන් පසු වේ. චන්ද්‍රරත්න මාපිටිගම, තරංග, මෙරිල්, නාරද යන අය මෙන්ම ඔහුට ඔහුගේ රංගන දිවියේදී උපකාර කළ සැමට ස්තූති කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය. තමන්ව තේරුම් ගත් තමාට ආදරය කරන ආදරවන්තියකගේ ආදරයක් බලාපොරොත්තුව අවිවාහක දිවියක් ගෙවන කීර්ති තම ජංගම දුරකථන අංකය 0714259307 යනුවෙන් පවසන්නත් අමතක කළේ නෑ.
|