|
The Peanuts Movie
චාලි බ්‍රවුන් සහ ස්නූපීගේ කතාව හෙවත් "The Peanuts Movie", 1950 වැනි ඈත වකවානුවක චාල්ස් එම්. ශල්ස් නිර්මාණය කල "Peanuts" නම් ජනපි‍්‍රය ළමා චිත්‍රකතා පෙළ පාදක කර තැනූවක්. මීට වසර 32 කට පමණ පෙර ප්‍රථමවරට තිරයට පැමිණි "ද චාලි බ්‍රවුන් ඇන්ඩ් ස්නූපී ෂෝ", "Peanuts" පාදක කරගෙන තැනුණු රූපවාහිනී කාටූන වැඩසටහන ද එදා මෙදා තුර බොහෝ රටවල කුඩා ළමුන්ගේ සිත් දිනා ගත්තක් වනවා. හැමදාම අභියෝගාත්මක කාර්යයන්ට අතගසන දෙදෙනෙක් වන චාලි සහ ඔහුගේ කුඩා බලු පැටවා ස්නූපී ගේ අලුත්ම වික්රමයන්ගෙන් සමන්විත "The Peanuts Movie" අමෙරිකානු ති‍්‍රමාන පරිගණක සජීවීකරණ හාස්යා්ත්පාදක චිත්‍රපටයක්. මෙය Horton Hears a Who! සහ Ice Age: Continental Drift වැනි ලොකු කුඩා කාගේත් අවධානය දිනාගත් ති‍්‍රමාණ පරිගණක සජීවකරණ චිත්‍රපට අධ්‍ය ක්ෂණය කළ ස්ටීව් මාටිනෝගේ අධ්‍යක්ෂණයකි. බ්‍රයන් ශල්ස් සහ ක්රෙනග් ශල්ස් යන අයගේ වන මේ චිත්‍රපටය, කොනිලියස් උලියනෝ ඇතුළු තිදෙනෙකුගේ නිෂ්පාදනයකි. නෝවා ජොන්සන්, වීනස් ඔමේගා ශල්තීස් , රෙබෙකා බ්ලූම් ඇතුළු පිරිසකගේ හඬ දායකත්වයෙනුත්, කි‍්‍රස්ටෝපර් බෙක්ගේ සංගීතයෙනුත් සමන්විත වන මෙය ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් බෙදා හැරීමක් වන අතරම, බ්ලූ ස්කයි ස්ටුඩියෝස්, ඇතුළු නිෂ්පාදන ආයතන හතරක් එකතුවක්. මෙම චිත්‍රපටයේ, චාලි බ්‍රවුන් කුඩා රතු කොණ්ඩ ගැහැනු දරුවා සමඟ යහළු වීමට වෙර දරන අතර, ස්නූපී වික්‍රමාන්විත පොතක් ලියයි. විනාඩි 93ක් පුරා තිරයේ හැරෙන දිග මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 99ක පිරිවැයකින් තැනූවක්. නොවැම්බර් පළමු වැනිදා ලොව පුරා තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටය පසුගිය 19 වනදා වන විට පිරිවැයට ළංවූ ආදායමක් ලබා ගන්න සමත් විය. IMDB දර්ශකයේ 8 /10 කුත්, රොටෙන් ටොමැටෝස් හි 85% කුත්, මෙටා කි්රටික්හි 67% කුත් වාර්තා කිරීමට "The Peanuts Movie" සමත්වී ඇති මෙම චිත්‍රපටය බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක්වූ චිත්‍රපටයක්. එය විනෝදයෙක් පිරුණු බාල මහලු කොයි කාටත් නැරඹිය හැක්කක් බව විචාරක මතයයි. දශක ගණනාවක් පුරා පරම්පරා ගණනාවක දරුවන්ගේ ආදරයට පත්වූ මෙම කතාව අවුල් කර නොගෙන එම කතා මාලාවේ තිබූ ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන නිර්මාණය කළ චිත්‍රපටයක් බව තවත් විචාරකයකුගේ අදහසයි.
|