|
සැබෑ ජීවිතයේ මං තව සැර වුණා නම් හොඳයි
මා නිවැරැදි නම් ඔබේ නම අනුරාධා එදිරිසිංහ? ඔව්. අනුරාධාගේ වෘත්තීය රංගනය? ඒකටත් මට ඔව් කියලා තමයි කියන්න වෙන්නේ. ඔබ ක්ෂේත්රයට පිවිසෙන්න හිතාගෙන හිටියේ සෑහෙන්න කාලෙකට කලින්ලු. එදා ආරම්භ කළ ගමනට මොකද වුණේ? ඒක අතරමඟ නැවැත්තුවා. එයට හේතුව සඳහන් කරන්න පුළුවන්ද? සිරස තරු මංසල ප්‍රෝගෑම් එක හරහායි මං මගේ රංගන ජීවිතය ඇරැඹුවේ. නමුත් මගේ තාත්තා අකැමැති වුණා මං කලාවට එනවට. ඒ වන කොට ඔබේ පියා ක්ෂේත්රය ගැන දන්නේ නැතුව ඇති? ඒකනෙ. අනුරාධා නැවතත් කලාවට පිවිසෙන්නේ කොහොමද? ලලිත් එදිරිසිංහ කියන පිටපත් රචකයා තමයි මට මුලින්ම ටෙලි නාට්‍යකට අවස්ථාව දුන්නේ. ඔහු විසින් ලියපු නාට්‍යයක චරිතයක් කරන්න ඔහු මාවම තෝර ගත්තා. සමහර විට ලලිත් අයියගේ හිතේ මැවුණු රුව මං වෙන්න ඇති. ඒ නාට්‍ය දුර්ගතරණය. චන්දන ධර්මප්‍රියගේ අධ්‍යක්ෂණයක්. ඊට පසුව මට උතුම් පැතුම් නාට්‍යයට ඇරැයුම් ලැබුණා. ඒ නිල්වලා ආයතනයේ ලලිත් වසන්තගෙන්. ඒ නාට්‍ය දෙකෙහි ඔබ රඟපෑ චරිතයන් මොනවද කියලා කිව්වොත්? දුර්ගතරණයේ නිවාරා, උතුම් පැතුම් හි නයෝමි. කැමරාව ඉදිරියේ රඟපෑ මුල්ම දවස මතකද? අම්මෝ ඔව්. අනරාධා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නු විදිහෙන් මට දැනෙනවා එදා යම් අමතක නොවන මතකයක් ඇති කියලා? ඔව්නෙ. එදා මං බය වෙලා හිටියේ උපරිමයෙන්ම. කොච්චර බය වුණා ද කිව්වොත් ඩයලොග් කියා ගන්නත් බැරි වුණා. අධ්යක්ෂවරයා බැන්නේ නැද්ද? වෙලාවට ඔහු නිවිච්ච අධ්යක්ෂවරයෙක්. ඒක නිසා ඔහු මගේ ළඟට ඇවිත් උපදෙස් දුන්නා. ඒ හින්දා ඊළඟ සැරයේ හොඳට රඟපෑවා. එතැන කවුරුවත් කිව්වේ නැති ද රංගනය හදරන්න කියලා? මොකද නැත්තේ. අධ්යක්ෂවරයාගේ ඉඳලා සෑහෙන්න දෙනෙක් කිව්වා රංගනය ගැන ස්ටඩි කරන්න කියලා. ඒ හින්දා මං අනෝජා වීරසිංහ මැඩම් ගාවට ගියා ඉගෙන ගන්න. තවමත් මා ඇය යටතේ රංගනය හදාරනවා. මේ වන විට ඔබේ රංගන කටයුතු ගැන ගෙදර අය මොනවද කියන්නේ? එයාලා බොහොමත් සතුටු වෙනවා. රඟපාන්න එපා කියලා නම් දැන් කියන්නේ නැහැ. ඔබ රඟපානවා පමණද? නිරූපණ ක්ෂේත්රයට එන්න අදහසක් නැතිද? මං වඩාත් තෘප්තිමත් වන්නේ ටෙලි නාට්‍ය රංගනයෙන්. නිරූපණ ක්ෂේත්රයට ආවා කියලා ඒ සතුට මට ලබන්නට බැහැ. අනික මං පෞද්ගලිකව ආස නැහැ නිරූපිකාවක් වන්නට. වර්තමානයේදී ටෙලි නාට්‍ය නිළියෝ ගත කරන්නේ අතිශය කාර්යබහුල ජීවිතයක්. ඔබත් එහෙම වෙන්න ඇති? ඔව්. ඒ ජීවිතය වෙහෙසකර නැතිද? කවදාවත්ම නැහැ. සමහර දවස්වලට උදේ පාන්දරින්ම මාව ගන්නවා. ඒත් මට කවදාවත් වෙහෙසක් දැනෙන්නේ නැති තරම්. ෂූටිං දවස්වල අනිවාර්යෙන්ම අවදි වෙන්න වෙනවා පාන්දර. නමුත් ජොබ් එකකට ගියා නම් මං හරිම අකැමැත්තෙන් ඇහැරේවි. ඔබට ක්ෂේත්රයේ අයගෙන් අයුතු යෝජනා ඇවිල්ලා තියෙනවාද? ඔය ප්‍රශ්නයට මං මේ වගේ පිළිතුරක් දෙන්නම්. මට අනවශ්‍ය බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ වුණාට මං ඒවායින් සැලෙන්නේ නැහැ. බාධක මැඬගෙන මොලේ පාවිච්චි කරලා මං මගේ ගමන යනවා. රඟපාන්න ගිහින් බයිසිකලයකින් වැටුණු දවස ගැනයි මං ඊළඟට අහන්නේ? එදා තමයි නියම වැඩේ වුණේ. දුර්ගතරණය ටෙලි නාට්‍යයේ ලොකේෂන් එකේදියි මං ඔය අකරතැබ්බයට මුහුණපෑවේ. මට බයිසිකලයක නැගලා පල්ලමක වේගයෙන් යන්න තිබුණා. මං බයිසිකලය පැද්දෙත් නැහැ පල්ලම නිසා කකුල තිබ්බා විතරයි. මෙන්න බොලේ ඒක හැටට හැටේ ගියා. අන්තිමේ වුණේ බයිසිකලයේ බ්රේක් වදින්නේ නැතුව මට හොම්බෙන් යන්න සිද්ධ වෙච්ච එක. සෑහෙන්න තුවාල වුණා. අතක් පයක් නොකැඩී බේරුණේ බොහොම අමාරුවෙන්. මේ වන විට ඔබ ආදරවන්තියක්ද? නැහැ. ඇයි පෙම්වතෙකුව ජීවිතයට ළං කර නොගත්තේ? මං තවම මගේ රංගන ගමන පටන් ගත්තා විතරයි. ඇත්තම කිව්වොත් පෙම්වතෙකු මගේ ජීවිතයට ළං කර ගත්තොත් මං අමාරුවේ වැටේවි. අනුරාධා නිදහසේ ඉන්න කෙනෙක් වග පේනවා? ඇත්ත. මං ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. වර්තමානයේ හැදෙන ටෙලි නාට්‍ය ගැන අනුරාධාට මොනවද කියන්න තියෙන්නේ? එකම විදිහෙ කතා තමයි අද ටෙලි නාට්‍යවල තියෙන්නේ. එකම විදිහෙ චරිත, එකම දර්ශන තල, හරිම ඒකාකාරියි. ලෝ බජට් නිර්මාණයකට ඇරැයුම් ලැබුණොත් ඔබ ඊට මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ? ලෝ බජට් වුණාට වැඩේ හොඳ නම් ඒ ගැන හිතලා බලනවා. වැඩේ හොඳ එකක් නම් ලෝ බජට් වෙන්නේ නැහනෙ අනුරාධා? මං අදහස් කළේ ‘ඇතැම් නිර්මාණ තියෙනවා හොඳයි. ඒත් බජට් නැහැ’ කියන එක. එහෙම නිර්මාණ මං දන්න විදිහට තියෙනවා. තමන් රඟපාන විදිහ රූපවාහිනියෙන් දකිද්දී මොකද හිතෙන්නේ? උතුම් පැතුම් නාට්‍යයේ මගේ චරිතය හරි සැර එකක්. ඒක බලද්දී මට හිතෙනවා මං සැර මදිදෝ කියලා. තව සැරවෙන්න තිබුණා මට. අනුරාධා ජීවිතේ කරගත්තු ලොකුම මෝඩ වැඩේ මොකක්ද? ඩාන්සිං ඉගෙන නොගත්ත එක. ඩාන්සිං නොදැන සිටීම රංගන ශිල්පිණියක් විදිහට මට ලොකු පාඩුවක්. අනුරාධාගේ ගෙවල් කොහේද? අවිස්සාවේල්ල, දැනට නැවතිලා ඉන්නේ කොලොන්නාවේ. පාසල? හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය. උපන් දිනය? 1992 මාර්තු 01. කාටද තුති පුදන්න තියෙන්නේ? යන්ති ජොහ්රාන්, සරත් ජීවන් හෙට්ටිගේ, ඉන්දික ධර්මතිලක, චමීර ශානක, ලලිත් එදිරිසිංහ, ලලිත් වසන්ත, කාවින්ද ලෙස්ලි, චන්දන ධර්මප්‍රිය සහ මගේ පවුලේ අය.
|