|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
‘පීපල් ලයික් අස්’ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක ඇලෙක්ස් කර්ට්ස්මන් ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රිස් පයින්, එලිසබෙත් බැන්ක්, ඔලිවියා වයිඩ්ල්, ජෝන් ෆව්ෙර්යු, මයිකල් පෆීපර් මෙහි චරිත දායකත්වය ලබා දෙති. පීපල් ලයික් අස් හි සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මන් විසිනි. වෙළෙඳ ව්‍යාපාරියකු වටා ගෙතුන කතාවක් රැගත් පීපල් ලයික් අස් චිත්‍රපටය හාස්‍ය රැගත් චිත්‍රපටයකි.
ස්නෝ වයිට් නම් සුරංගනා චරිතය වටා ගෙතුන කතාවක් වන ‘ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්’ චිත්‍රපටය බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ රූපට් සැන්ඩර්ස් ගේ අධ්‍යක්ෂණයකි. ක්‍රිස්ටියන් ස්ටුවර්ට්, චාර්ල්ස් ටෙරෝන්, ක්‍රිස් හෙම්ස්වොත්, සෑම් ක්ලාෆිලින් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
‘කමින්ග් අප් රෝසස් (2012)’ හොලිවුඩ් චිත්‍රපටය ලීසා ඕල්බ්‍රයිට් ගේ අධ්‍යක්ෂණයකි. බර්නදෙත් පීටර්ස්, රැචෙල් බ්‍රොස්තාන්, පීටර් ෆීල්ඩ්මන්, රියානා ඩි කර්සි මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති. මවක සහ දියණියක වටා ගෙතුන අපූරු කතා පුවතක් මෙහි ඇතුළත් වේ.
‘මැජික් මයික්’ හාස්‍ය රැගත් තවත් හොලිවුඩ් චිත්‍රපටයක්. ස්ටීවන් සෝඩර්බ්‍රග් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ චානින්ග් ටටුම්, ඇලෙක්ස් පෙට්ෆර්, කොඩි හෝර්න්, මැට් බෝමර්, ඔලිවියා මූන්, ජෝ මැන්ගනීලෝ, මැතිව් මැක්කෝග්හේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘මාව්ල්ස් ද ඇවෙන්ජර්ස්’ ජොස් වීඩ්න් අධ්‍යක්ෂණය කළ වීර කතාවක් පදනම් වූ හොලිවුඩ් චිත්‍රපටයක්. රොබට් ඩවුනි, ක්‍රිස් එවන්ස්, මාර්ක් රුෆලෝ, ක්‍රිස් හෙමිස්වෝත්, ස්කාලට් ජොන්සන්, ජෙරමි රිනර්, ටොම් හිඩ්ල්ස්ටන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
‘මර්ඩර් ඉන් මූම්බායි’ දීප් සරස්වත් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයකි. හයි ද්‍ර අලී, තේජස්විතා කපූර්, සම්භාවනා ෂෙත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
අෂ්විනි ධීර් අධ්‍යක්ෂණය කළ ‘සන් ඔෆ් සර්ධාර්’ ආදර කතාවක් ඇතුළත් හින්දි චිත්‍රපටයක්. අජේ දේව්ගන්, සෝනක්ෂි සිං, සන්ජේ දත්, ජුහි චව්ලා, මුකුල් දේව්, වින්දු ධාරා සිං මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙති.
සන්ජේ අමර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෆියුචර් ටු බ්‍රයිට් හායි ජී’ දියුණුවීමට උත්සාහ ගන්නා මධ්‍යම පාන්තික තරුණ යුවලක් වටා ගෙතුන කතාවක් ඇතුළත් හින්දි චිත්‍රපටයක්. අමීර් බෂීර්, සොනාල් සිගාල්, සතිෂ් කෞෂික්, අස්රානි, නීලිමා අසිමි මෙහි චරිත නිරූපණය කරති.
|



People
Like Us
Snow
White and the Huntsman
Coming
Up Roses (2012)
Magic
Mike
Marvel’s
The Avengers
Murder
In Mumbai
Son
of Sardaar
Future
To Bright Hai Ji