|
ට්විලයිට් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය 21 දා
ක්‍රිස්ටින් ස්ටුවර්ට්, රොබට් පැටින්සන් නැවතත් එක්වන ට්විලයිට් සාගා චිත්‍රපට මාලවේ නවතම චිත්‍රපටය ද ට්ව්ලයිට් සාගා : ෙබ්රිකිං ඩොව්න් මෙම පසුගිය 21 සිට ලිබර්ටි සහ එක්සෙල් වර්ල්ඩ් යන සිනමා ශාලාවන්හි තිරගත වේ. ස්ටේෆපනී මේයර්ගේ ෙබ්රිකිං ඩොව්න් කෘතිය මෙම සිනමා කෘතියට පාදක වී ඇත. ක්‍රිස්ටීන් ස්ටුවර්ට්, රොබට් පැටින්සන්, මැකෙන්සි ෆොසායි රඟන මෙහි නිෂ්පාදනය කැරන් රෝසක් සහ ස්ටේෆපනි මෙයර්ගෙනි. නිහාල් ප්‍රේමචන්ද්‍රගේ ජොලි වැඩකාරයෝ එළිදකී
නිහාල් ප්‍රේමචන්ද්‍රගේ නවතම ඩී වී ඩී චිත්‍රපටය වූ ජොලි වැඩකාරයෝ දැන් නිකුත් වී තිබේ. නිරෝෂනී ප්‍රේමසිංහ, රිද්මා තරංගනී, නිලංගනී පෙරේරා, මහේන්ද්‍ර විජේරත්න, කපිල ප්‍රේමවංශ, සරත් ඉඳුරුවගේ, අජිත් ප්‍රේමකාන්ත, බන්දුල ජාගොඩ, මහේෂ් පතිරණ සමඟ නිහාල් ප්‍රේමචන්ද්‍ර රංගනයේ යෙදෙයි. කැමරාව සහ සංස්කරණය ශාන්ත සෙනවිරත්න සිදු කොට ඇත. නිලාන් නිම්මිකගේ සංගීතයෙන් ද, මහේන්ද්‍ර විජේරත්නගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍යාමන් දමයන්තිගේ අංග රචනයෙන් හැඩවන ජොලි වැඩකාරයෝ කපිල ප්රේමවංශගේ නිෂ්පාදනයකි. බොල් කන්ද 29 දා දොරට වඩියිසම්මානලාභී ලේඛකයකු වන ගුණරත්න ඒකනායක විසින් රචිත ‘බොල් කන්ද’ කෙටි කතා සංග්‍රහය ලබන 29 වැනිදා මොරටුව, සොයිසා පුර නිපුන් පොත් මැදුරේදී දොරට වැඩීමට නියමිතය. 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ පළමු ස්ථානය දිනූ තෑගි ගොඩයි කෘතිය හා 2003 වසරේ ඩී. ආර්. විජේවර්ධන නවකතා තරගයේ තෙවන ස්ථානය දිනූ ‘යාපනය තවමත් ඈතයි’නවකතාව ද, 2008 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත ‘අපේම මිනිස්සු’ සහ 2012 වසරේ ගොඩගේ සම්මාන සඳහා නිර්දේශිත ‘සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි’ නවකතාව ද ගුණරත්න ඒකනායක රචනා කළ කෘති අතර වෙයි. ‘ඉන්ට් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස්’ කණ්ඩායමට ඉන්දියාවෙන් ආරාධනා
ඉන්ට් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් කණ්ඩායමේ තරුණ නාට්‍යකරුවන් වන එම්. සෆීර්, එස්. දයාලන්, තිවංක රණසිංහ, රෙජී චන්දිම, නාට්‍ය පරිවර්තක ජයලත් එස්. ගෝමස් ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ පුනේහි පිහිටි ෆ්ලේම් රංග කලා විශ්ව විද්‍යාලයේ විශේෂ ආරාධනයෙන් එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් පුහුණු කිරීමට මේ මස 28 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය. එහිදී මාසයකට ආසන්න කාලයක් මෙම කණ්ඩායම එම විශ්වවිද්‍යාලයේ රංග කලා අධ්‍යයන අංශයේ සිසුන් කණ්ඩායමක් සමඟ නූතන රංග කලා ප්රවණතා, සිරුර හා එහි නම්‍යශීලී රංග ක්‍රමවේදය පිළිබඳ පුහුණුවක් ලබාදී එමඟින් නූතන රංග නිෂ්පාදන එහිදී රංගගත කිරීමට නියමිතය. අනතුරුව එම නාට්‍ය නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් සිදු කිරීමට ද නියමිතය. මෙවැනි ආරාධනාවක් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම්. සෆීර් යනු ශ්‍රී ලංකාවට බ්ලැක් බොක්ස් රංග කලාව හඳුන්වා දුන් පුරෝගාමියා ද වේ. ශ්‍රී ලාංකීය රංග කලා ඉතිහාසය තුළ සංවිධානය වූ පළමු ජාත්‍යන්තර නාට්‍ය උළෙල මෙරට සංවිධානය කළ නාට්‍යකරුවා ද වෙයි.
රංජිත් ගෙන් දෑස යොමා අහස දෙසා
‘පවන රළු විය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ දක්ෂ තිර රචකයකු බව ප්‍රේක්ෂකයාට ඔප්පු කළ රංජිත් කුරුප්පු දක්ෂ පරිවර්තකයෙක්. මීට කලකට ඉහත ඔහු වාරිස් ඩයරිගේ කෘතියක් ආශ්රයෙන් පරිවර්තනය කළ ‘කාන්තාරයේ කුසුම’ පාඨකයන්ගේ ප්‍රසාදයට ලක් වුණා. ඔහු නැවතත් පරිවර්තන කෘතියක් සමඟින් පාඨකයන් හමුවට පැමිණෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ ‘දෑත යොමා අහස දෙසා’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන්. ස්ලාට්ගේ ZLATA’S DIARY ‘A CHILD’S LIFE IN WARTIME SARAJEVO’ කෘතියෙහි පරිවර්තනයක් ලෙසින් පාඨකයන් අතට පත්වන ‘දෑත යොමා අහස දෙසා’ යුද ගිනි දැල්වලට මැදි වූ දැරියකගේ ජීවිතයේ ළසෝ තැවුල් සංවේදීව හෙළි කරන්නක්.
සිත්තරකුට පෙම් බැඳ දොරට වඩී
ජයකොඩි සෙනෙවිරත්න ලියූ ‘සිත්තරකුට පෙම් බැඳ’ නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 28 වැනිදා බදාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්රදර්ශනාගාරයේදී දොරට වඩී.
|