|
43 වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල ගෝවේ දී ඇරඹෙයිහතළිස් තුන් වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල පසුගිය 20 වැනිදා සවස ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පුනාජි හිදී ඉන්දීය සිනමා නළු අක්ෂේ කුමාර්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙණි. නිළි රැජන මාලිනී ෆොන්සේකා මෙවර එහි ජූරි සාමාජිකත්වය දරණ අතර එහි සභාපතිත්වය දරන්නේ සුප්‍රකට ඉන්දීය සිනමාකරුවෙකු වන ගෞතම් ගෝෂ් විසිනි. මෙවර ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි.
ගීතාගේ චිත්‍රපට D V D ලෙස එළි දකී
සිනමා නිළි ගීතා කුමාරසිංහ කලකට පසුව සිනමා ක්ෂේත්රයේ සුවිශේෂී කටයුත්තක් සිදු කිරීමට සූදානම් වෙලා. ඒ ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් D V D ලෙස කළ එලි දැක්වීමයි. මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපට ඊයේ බොරැල්ල පුංචි තියටර්හිදී D V D ලෙස දොරට වැඩියේය.
‘ප්‍රතිරූ’ ඊ. ඒ. පී.මණ්ඩලයේ
වෛද්‍ය කපිල සූරියආරච්චි ගේ ප්‍රතිරූ සිනමාපටය හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වීම ඇරැඹේ. අප චිත්‍රපට ඉතිහාසයේ වෛද්‍යවරයකු විසින් පළමුවරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන මෙය මවුබිම වෙනුවෙන් සටන් වදින යුද සෙබළකු වටා ගෙතී ඇති කතා පුවතකි. ජගත් බෙනරගම එම චරිතයට පණ පොවනු ලබයි. ජෝ අබේවික්‍රම, විජයරත්න වරකාගොඩ, මාලිනී ෆොන්සේකා, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, දිමුතු චින්තක, කෞශල්‍යා සමරසිංහ සමඟ විහඟ නිමේෂක රංගනයේ යෙදෙති. ප්‍රතිරූ වෛද්‍ය හරිෂ්චන්ද්‍ර යකන්දාවල සහ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිෂ්පාදනයකි.
|