ජීවන් ඇවිත්, හඳුනාගන්න බැරි වෙලා
ජීවන් ඇවිත්,
හඳුනාගන්න බැරි වෙලා
වසර සියයක් පැරැණි නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ සිවම්මා ධනපාල නාට්‍යය නැවත වේදිකා
ගත වෙනවා. එහි ඇරැඹුම සටහන් කරමින් වර්ණවත් මුහුරත් උළෙලක් පසුගියදා කොළඹ සිටි
හෝටලයේදී පැවැත්වුණා.
මේ උත්සවය අතරමැදදී රැවුල වවාගත් ආරෝහ පරිණාහ දේහයෙන් යුතු පුද්ගලයකු පැමිණියා.
හැමෝම සිතුවේ මේ තරුණ කඩවසම් පුරුෂයා නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු කියායි.
නමුත් ඔහුගේ ආගන්තුක හැසිරීම වෙනුවට දිස් වූයේ හරිම හුරු පුරුදු හැසිරීමක්. හැබැයි
සමහරුන්ට නම් දැකලා හුරුපුරුදු බවකුත් ඇති නොවුනාම නොවේ.
ටික වේලාවක් ගත වුණාට පසුවයි හැමෝටම තේරුම් ගියේ මේ රැවුල, කොණ්ඩේ වවාගත් කඩවසම්
නළුවා කවුද කියලා. ඒ වෙන කවුරුවත් නොවේ, ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී
අමාත්‍ය ජීවන් කුමාරතුංගයි.
ජීවන්ගේ මේ තරුණ පෙනුම ගැන නම් හැමෝම කතා කළා. ජීවන් මේ
කොණ්ඩය සහ රැවුළ වවාගෙන සිටින්නේ ‘වීදිය බණ්ඩාර’ ටෙලි නාට්‍යයේ රඟපාන නිසාලු.
මංගලිකා මවු පදවියට
‘පුරහඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා’ ගීතය ගයමින් ජනප්‍රිය ගීත තාරකාවක් වූ
මංගලිකාගේ සිහිනයක් සැබෑ වෙලා. ඒ සිංදුවේ කඳුළු බිංදුව සතුටු කඳුළු බිංදුවක් බවට
පත්වීමයි.
වෙන විදියකට කියනවා නම් දස මසක් පුරා කුසෙහි දරාගෙන සිටි මංගලිකාගේ
පුතනුවන් මෙලොව එළිය දුටුවේ පසුගියදා. ඇය දැන් අම්මා කෙනෙක්.
පසුගිය දවස්වල ප්‍රසංග වේදිකවේ වැඩිපුර පේන්න නොසිටියෙත් ඒ නිසයි.
මංගලිකාගේ සහ අශෝකගේ කැදැල්ලට පුංචි පුතනුවන් පැමිණීම නිසා සතුටින් පිරිලා
ඉතිරිලාලු. මංගලිකාට හිතවත් කලාකරුවන්ගෙන් දැන් නිතරම මංගලිකාගේ නිවෙස පිරිලා .
හැබැයි තවම පුංචි පුතාට නමක් නම් තියලා නැහැලු.
සංජීව සම්පත්
සේයා - මාලන් / ටෙනී
|