වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ආටක නාටක වැඩක් නෑ

හිරු ටී. වී. හි විකාශය වන ආටක නාටක මෙලෝ රහක් නැති වැඩසටහනකි. නරඹන්නන්ට ඇත්තේ බලා හිඳීම පමණයි.

සිනා විය හැකි යැයි සිතෙන කොටස් සඳහා හඬපට මඟින් සිනහව ඇතුළත් කර ඇත. එහි පිටපත මීට පෙර හොඳ වුව ද දැන් විකාශය වන කොටසේ පැය භාගය බේරා ගැනීමේ උත්සාහයක යෙදෙයි.
 

සමන් ගාල්ලගේ

කැටපල

රෙක්ස්ගේ සංවත්සරය ආදර්ශයක්

සිංහල සිනමාවේ දුෂ්ඨ නළුවකු වූ රෙක්ස් කොඩිප්පිලි සිය විවාහ ජීවිතයේ පණස් වැනි සංවත්සරය පසුගියදා සැමරීය. වර්තමාන නළු නිළියන්ට ඔහුගේ විවාහ ජීවිතය මහගු ආදර්ශයකි.
 

චන්ද්‍රසිරි මානවඩු

අම්බලංගොඩ

කරුගේ ගීත අමරණීයයි

ප්‍රවීණ ගීත ප්‍රබන්ධක නිවේදක කරුණාරත්න අබේසේකර රචිත ගීත අද ද අමරණීයයි.
 

ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

කළුබෝවිල

දේදුන්නෙන් ගීතයේ පද අගෙයි

‘දරුවනේ’ චිත්‍රපටයට අඩංගු ‘දේදුන්නෙන්’ ගීතයේ පදමාලාව හරිම ලස්සනයි. ගීතය ඇහෙද්දී එම දසුන අපට ඉබේටම මැවිලා පේනවා. ඇත්තටම ආධුනික ගී රචකයකු වූ සුනිල් ධර්මසිරි අතින් ලියවුණු එහි පදමාලාව සරලයි. සුන්දරයි. තව තවත් මෙවන් උසස් නිර්මාණ ඔහුගේ අතින් බිහි වේවා.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

දූ දරුවෝ ආයේ ඕනෑ

ඉසුරු සංග්‍රාමය ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කර තවත් ජයග්‍රාහී පියවර කිහිපයක් ඉදිරියට තැබූ නාලන් මෙන්ඩිස්ට අපේ උත්තමාචාරය සහ සුබ අනාගතයක් පතමු. එමෙන්ම ඔහුගේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍ය නැවත වරක් කුමන හෝ නාලිකාවකින් විකාශය කරනවා නම් හොඳයි.
 

දයා නාඩකන්ද

කිරිලිපන

ඇන්ටන් ග්‍රෙගරිට ප්‍රණාම

චිත්‍රපට අධ්‍යක්ෂ සහය අධ්‍යක්ෂ, කාර්මික ශිල්පී ඇන්ටන් ග්‍රෙගරි මහතාට,

දේශීය සිනමා කලාව පෝෂණය කිරීමෙහිලා නිර්මාණකරණයෙන් ඉතා විශිෂ්ට දායකත්වයක් සැපයූ ප්‍රතිභාපූර්ණ ශිල්පියකු වශයෙන් ඔබට රසික අපගේ ප්‍රණාමය හිමිවේ.

චිත්‍රපට රාශියක සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් වාර්තා තැබූ එකම තැනැත්තා වූ ඔබ ඉන් නොනැවතී ‘කිරි සුවඳ’, ‘යළි පිපුණු මලක්’, ‘සූර සරදියෙල්’, ‘පරමිතා’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට කළ සේවය අනුපමේයයි.

අද නිහඬ හුදකලා දිවියක් ගෙවූව ද ඔබෙන් සිනමාව ලද සේවය සුවිශේෂයි. එය රසික අපගේ මතකයේ සදා රැඳී තිබේ.

ඔබට නීරෝගි සුවය පතමි.
 

රොහාන් සෙනෙවිරත්න

කර්ම සිනමා කාව්‍යයකි

තම ජීවිතයේ ලද හිඩැසක් සම්පූර්ණ කිරීමෙහිලා මිනිසුන් දරන ප්‍රයත්නය, සිනමා බස මැනවින් හසුරවමින් කළ නිර්මාණයක් ලෙස ‘කර්ම’ චිත්‍රපටය හැඳින් විය හැකිය. සිනමා ප්‍රේක්ෂකයා කිසි විටකත් හැඟුම්බර නොකරන මෙම චිත්‍රපටය එයින් ඔබ්බට ගිය බුද්ධිමය සංවාදයකට මුල පිරීමක් කරයි. ඉතාමත් විවේකී මනසකින් රස විඳීය යුතු ප්‍රසන්න ජයකොඩිගේ ‘කර්ම’ සැබවින්ම සිනමා කාව්‍යයක් ලෙස හැඳින් වුව ද එය නිවැරැදිය.
 

මංජුල පෙරේරා

පහළ කටුනේරිය

සබීතා අගෙයි

සබීතා පෙරේරා මෙරටට පහළ වූ සුරූපී රංගන ශිල්පිණියකි. ඇය අප වෙනුවෙන් බොහෝ කාලයක් රංගනයේ යෙදුණාය. එමෙන්ම ඇය දිළිඳු අයට ද පිහිට වන බව මම අසා ඇත්තෙමි. මෙවන් කලාකාරිණියක් ජාතියේ පිනට පහළ වූ අයෙකැයි මට සිතේ.
 

කසුනි නදීකා

පානදුර

ඇතැම් වෙළෙඳ දැන්වීම් භාෂාවට හානියක්

රූපවාහිනිය මෙරටට හඳුන්වාදිමත් සමඟ ටෙලි නාට්‍ය බිහි වෙමින් ක්‍රමයෙන් වෙළෙඳ දැන්වීම් ද නිර්මාණය වූවේය. එහිදී ඇතැම් ඒවා හොඳ නිර්මාණ වූ අතර ඇතැම් ඒවා බාල නිෂ්පාදනයන් විය. ඒ සමඟ මෙරට සිංහල භාෂාවට ද අලුත් වචන එක් විය. හින්දි නිවේදක නිවේදිකාවන් ඉංග්‍රිසි සහ හින්දි භාෂා මිශ්‍රව කතා කරද්දී මෙරට නිවේදකයන් ඒවා අනුගමනය කළේය.

තවද ඒ අතර භාණ්ඩ සමඟ අලුත් වචන ද මෙරටට එක් විය.

නමුත් ඒවා සිංහල භාෂාවේ නාමයන් නොවීය. එම නිසා වෙළෙඳ දැන්වීම්කරුවන් නිර්මාණය කළ වචන පවතින භාෂාවට සිදු වූයේ මහත් හානියකි.
 

ප්‍රභාත් රාජපක්ෂ,

නාවලපිටිය

ගුරුදා රෑ සුන්දර කරන ‘සුහානි රාත්’

මම සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 10.20 වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ජාතික රූපවාහිනියේ ‘සුහානී රාත්’ වැඩසටහන විකාශය වන තුරුයි.

ඒ රාත්‍රිය සැබෑම සොඳුරුතරයි. මෑතකදී ෂාරුක් ඛාන්ගේ උපන් දිනය වෙනුවෙන් විකාශය කළ වැඩ සටහන ඉතා රසවත්ය.

ඉදිරියේදීත් එවැනි වැඩසටහන් නිෂ්පාදනය කරන්නට එහි නිෂ්පාදක විනීතා කරුණාරත්නට ශක්තිය ධෛර්ය ලැබේවා.
 

අශෝකා කුලසිංහ

අම්බලන්ගොඩ


ස්වර්ණවාහිනියේ විකාශය වූ M N S වැඩසටහන නැවත පෙන්වන්න.

ෆාතිමා

වැලිගම

දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේ වයිල්ඩ් කාඩ් වටයක් තිබුණොත් හොඳයි.

බදුක

කුරුණෑගල

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘බොරළු පාර’ ටෙලි නාට්‍ය සමාජයට ඉතා ආදර්ශවත්.

සංඛ

දංකොටුව

සිංහල සිනමාව නගා සිටුවීමෙහිලා සුනිල් ටී. ප්‍රනාන්දු ලබා දෙන දායකත්වය ඉතා අගෙයි.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

ආශා එදිරිසිංහ නිළියක් වගේම පුංචි තිරයේ රූප සුන්දරියක්.

කාවින්දි

පාදුක්ක

හේමාල් රණසිංහගේ රුව සිනමාවට බෙහෙවින් ගැළපේ.

සුමනා ගමගේ
මාතර

නෙතු පියෙන තුරා නාට්‍යයේ ඉසුරු නවෝද්ය හොඳින් රංගනයේ යෙදෙනවා.

ඉමාෂා ලක්මි

දලුගම.

විජය – කුවේණි නිර්මාණය කළ සුගත් සමරකෝන්ගෙන් තවත් නව සිනමා නිර්මාණයක් බලාපොරොත්තු වෙමු.

තාරක

මීරිගම

ලතා, ඇන්ජි, සුජාතා තවමත් ලංකාවේ අංක එකේ ගායිකාවන් බවයි අපේ පිළිගැනීම.

චරිත් ඇතුළු පිරිස

ඇලනිය

සාරංග දිසාසේකර ඉතාමත් දක්ෂ නිහතමානී කලාකරුවෙක්.

නිර්මාණී ජයවර්ධන

ආඬිඅම්බලම

නිල්මිණි බුවනෙක ගේ රංගන හැකියාව අති විශිෂ්ටයි.

විරාජ් දුෂ්මන්ත

හලාවත

ගයාන් වික්‍රමතිලකගේ ඇක්ටිං සුපර්.

අයෝමාල්

අවිස්සාවේල්ල

අමිල අබේසේකරගේ නිෂ්පාදනයක් වූ මුතුවරුසා ටෙලි නාට්‍යය අපි ඉතාමත් ආසාවෙන් රස විඳිමු. එය හරිම ලස්සන කතාවක්. එහි අමිලත් මහේෂිත් හොඳට රඟපානවා.

සමනලී

කඩවත

ගීතා කුමාරසිංහ ඇයි පේන්න නැත්තේ?

මලිඳු ගමගේ

රාජගිරිය

ටෙලි නාට්‍යයන්හි පුංචි රෝස මල වූ ඕෂධී හේවාමද්දුම සොයුරියගේ අලුත උපන් පුංචි පුතාට දිදුලන අනාගතයකට ආසිරි.

සහනි හසාර

පෝද්දල

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සුද්ධෝදන රජ ලෙස රන්ජන්ට රඟපෑමටට ලැබීම ඔහු ලද ජයග්‍රහණයක්.

ආනන්ද

ඉහළ තල්දූව

අමන්දා නාට්‍යයෙන් පසුව චමල්ශා දෙවුමිණීව දකින්නත් නැහැ.

වාසනා සහ සුලෝචනී

ඇහැලියගොඩ

කවුරු මොන උප්පරවැට්ටි දාලා ජනප්‍රිය නළුවා වෙන්න හැදුවවත් ධනංජය සිරිවර්ධන තමයි මේ කාලයේ ජනප්‍රියම නළුවා.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

ටෙක්ලා කුමුදු කුමාරි තවත් ලස්සන වෙලා.

මාලි

හෙයියන්තුඩුව

 

ඔබේ ප්‍රතිචාර 0752805047 ක්ෂණිකව එවිය හැකියි. ඒවාහි අගට ඔබේ නම සහ ප්‍රදේශයත්,
එම සිතුවිල්ල සටහන් වනුයේ කුමන කලාකරුවාට ද, කලා නිර්මාණයට ද යන්නත් සඳහන් කරනවා නම් ඉතාමත් පහසුයි. එමෙන්ම කෙටි පණිවුඩ ප්‍රතිචාර කෙටියෙන් ලිවීමත් පහසුවකි.

ප්‍රතිචාර තීරය දිනෙන් දින වෙනස් විය යුතුය. එහෙයින් එකම කලාකරුවාට කලා නිර්මාණයන්ට කොටු නොවී විවිධ නිර්මාණයන් සඳහා එවන ප්‍රතිචාර සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන බවත් කිව යුතුමයි.
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හා සටහන්පත් වෙනුවෙනි.