|
|
මුතු අගී එකමුතු එයට වඩා වටී
කෝරළේ මහත්තයා ඇතුළු පිරිස ජාතික රෝහලට ඇවිත් තිබුණේ චරිත තුනක්හී ‘ඉසාව’ බලන්න. එහෙමත් නැතිනම් ඉසා ලෙස ප්‍රතිභාපූර්ණ රංගනයක් තුළින් නොමැකෙන මතක සටහන් ඉතිරි කළ සුමින්ද සිරිසේන රංගධරයාගේ සුව දුක් විමසන්න. ටික දිනක සිට අසනීප තත්ත්වයේ සිටින සුමින්ද වෙනුවෙන් කෝරළේ මහත්තයා හෙවත් විජේරත්න වරකාගොඩ ඇතුළු රංගන ශිල්පී ශිල්පිනියන් රාශියක් එදින ජාතික රෝහලට පැමිණ සිටියා. ඊට පසු දින තවත් කලාකරුවන් පිරිසක් සුමින්දගේ රෝගාබාධය වෙනුවෙන් පිරිත් සජ්ජායනයක් ද සිදු කළා. සහෝදර කලාකරුවකුගේ රෝගාබාධයකදී එකට එක් වී සංවේදීව කටයුතු කරන කලාකරුවන්ට සරසවිය උත්තමාචාරය.
80වට 90වක් කපලා
කලා ක්ෂේත්‍රයේ ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදී සෑම ඉසව්වකම රවීන්ද්‍රට තියෙන්නේ ඉහළ තැනක්. දවසක් හැන්දෑවක රවීන්ද්‍රට ගජ මිතුරෙක් මුණ ගැහුණා. චිත්‍රපට ගැන ලියන, කතා කරන, විවේචනය කරන මේ දෙන්නම එදා ගියා චිත්‍රපටයක් බලන්න. චිත්‍රපටය දිග හැරෙද්දී ටිකෙන් ටික වෙලාවත් ගත වෙලා ගියා. ඒ වෙන කොටත් චිත්‍රපටය ටිකක් කම්මැලි එකක් බව දෙන්නටම දැනිල තිබුණත් මුලින්ම කතා කළේ රවීන්ද්‍රගේ යාළුවා. ‘මේක හෙණ වාතයක්නේ?’ යාළුවා කිව්වේ බැරිම තැන. ‘ඒක නම් ඇත්ත මචං. මේකේ ඇති දෙයක් නෑනේ. මේකෙන් තව මිනිත්තුª 90 ක් කපල දාන්න පුළුවන්’ රවීන්ද්‍ර කිව්වා. යාළුවා බැලුවේ ඔරලෝසුව දිහා. ‘ඇයි?’ රවීන්ද්‍ර ඇහුවා. ‘නෑ. චිත්‍රපටය පටන් අරගෙන තවම මිනත්තු 80 යි’ යාළුවා කිව්වා නෙවෙයි. කියවුණා.
නවාගේ අලුත් සංගීතය
සුදර්ශියේ සිහිල් නුග ගස් සෙවණ යටට ගිය ඔහු තරුණ රංගන ශිල්පියෙකුට ස්වර අභ්‍යාස කිහිපයක් පුහුණු කරනු පෙනුණා. ටික වේලාවකින් කලාකරුවන් කිහිප දෙනෙක් නුග ගහ යටට ආවා. අපේ නවේ පාලිත සිල්වා ඵක්ක මොන මොනවාදෝ මුමුණමින් අර රංගන ශිල්පියාට ස්වර අභ්‍යාස පුහුණු කළා. මේ පුහුණු කිරීම කුමකටද කියා සොයා බැලූ විටයි පෙනුණේ පාලිත සිල්වාගේ අලුත්ම නාට්‍යයේ පුහුණු කිරීම් බව. පාලිත කීවේ මේ සුසංයෝගයෙන් නිර්මාණය වන අලුත්ම නාට්‍යය වේදිකා ගතවන දිනය නම් තවම නිශ්චිත නැහැලු.
සිතාරාගේ අලුත් ගමන
ඒ අලුත්ම වැඩසටහනක් නිෂ්පාදනය කිරීම නිසා. සිනමාව පිළිබඳ කියැවෙන මෙම වැඩසටහනට මාධ්‍යවේදීන්, සිනමා විචාරකයින් සෙවීමට සිතාරට දවසින් වැඩි කාලයක් ගත වෙනවලු. ළඟදීම මෙම වැඩසටහන පුංචි තිරය ඔස්සේ විචිත්‍රවත්ව ගෙන ඒමට සිතාරා සෑහෙන මහන්සියක් ගන්නවලු. වැඩ සටහනට නමක් තවම යෝජනා කර නැහැ.
කොඩිකාරගේ බලු කරුණාව
කොඩිකාර නිතර නිතර සුදර්ශියට පැමිණෙන්නෙක්. මේ එන හැම වාරයකදීම සුනඛ රංචුවක් ඔහු වටා දැවටෙනවා. ඒ ඔහු ලබා දෙන පාන් කැල්ලක රස බලන්න. නිතර නිතර සුනඛ රංචුවට පාන් දැමීම නිසා කොඩිකාරගේ ඉව වැටුණු සැනින් මේ රංචුව කොඩිකාර ළඟටම එනවලු. පසුගියදාත් සුපුරුදු පරිදි කොඩිකාර සුදර්ශියට පැමිණියා. මේ බලු රංචුවෙන් දැන් ඉතිරිව ඇත්තේ එක් බල්ලෙක් පමණයි. මේ බල්ලා කොඩිකාරට දැක් වූ සෙනෙහස දැක අසල සිටින ප්‍රියන්ත කොඩිප්පිලි මාධ්‍ය මිතුරා කීවේ ‘අද කාලේ බල්ලෙකුගේ කෙලෙහි ගුණයක් . . . මනුස්සයෙකුට නෑ’ යනුවෙනි. මේ දසුන දුටු හැමෝම කොඩිකාරගේ සත්ත්ව කරුණාව ගැන කතා කළා.
ටොම් කෲස් නැවත දික්කසාද වෙයි
මේ දිනවල අලුත්ම ආරංචිය හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් සහ කේට් හෝල්ම්ස්ගේ වසර 5 ක් වූ විවාහ ජීවිතයට සමු දෙන්නට ගත් තීරණයයි. පසුගිය 29 වැනිදා කේට් දික්කසාද ලියවිලි ඉදිරිපත් කළා.
ඒ මඟින් ඇය ඔවුන්ගේ සය හැවිරිදි දියණිය සුරිගේ තනි භාරකාරත්වය අපේක්ෂා කරනවා. කේට් හෝල්ම්ස් ටොම් කෲස්ගේ තෙවන විවාහයේ බිරිඳයි. ඔහු මීට පෙර 1987 දී ඇමරිකානු ජාතික නිළි මිමි රොජර්ස් සමඟ විවාහ ගිවිස ගත් අතර 1990 දී එම විවාහය බිඳ වැටිණි. 1990 දී ඕස්ට්‍රේලියානු ජාතික සුපිරි නිළි නිකොලේ කිඩ්මෑන් සමඟ වූ විවාහයට 2001 වසරේදී තිත තැබිණි. කේට් – ටොම් දික්කසාදයේ ටොම් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ මීට වසර 11 ට පෙර ටොම් හා නිකොලේ කිඩ්මෑන් දික්කසාදයේ දී ටොම් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා වන ඩෙනිස් වැසර් වීම විශේෂත්වයකි. නිකොලේ කිඩ්මෑන් සමඟ විවාහයේ දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය ටොම් කෲස්ට හිමි විය. ජනප්‍රියතම හොලිවුඩ් තරුවක් ලෙස කිරුළු පැළඳි ටොම් කෲස් අද වන විට වැඩිම ආදායමක් ලබන හොලිවුඩ් නළුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණේම සිටී. ඔහු රංගනයෙන් දායක වුණ මිෂන් ඉම්පොසිබල් - ගොස්ට් ප්‍රොටෝකෝල් පසුගිය දෙසැම්බරයේදී ලොව වටා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත විය. එමෙන් ඔහුගේ තවත් විශිෂ්ට රංගනයක් රැගත් විද්‍යාත්මක චිත්‍රපටයක් වනර්‍ණඡතඪමඪධද ලබන වසරේ අප්‍රේල් මාසයේදී තිරගත වන්නට නියමිතය.
|



මුවන් පැලැස්සේ කෝරළේ මහත්තයා පසුගියදා කොළඹ ජාතික රෝහල පැත්තේ
ඇවිත් සිටියා. ඒ නිකම්ම නොවෙයි තවත් පිරිසක් සමඟින්. හෙමිහිට විපරම් කරලා
බැලූ විට පෙනුණේ පිරිස පිරිත් සජ්ජායනයකට සූදානම් වන බව.
රවීන්ද්‍ර ගුරුගේ කියන්නේ
අපේ රටේ අංක එකේ
සංස්කරණ ශිල්පියෙක්.
නවරත්න ගමගේ සංගීත ශිල්පියා පසුගියදා සර්පිනාවකුත් රැගෙන සුදර්ශි
ශාලාව හෙවත් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය පැත්තේ ගැවසුණා.
ස්වාධීන රූපවාහිනියේ
සිතාරා කළුආරච්චි මේ
දිනවල හරිම
කාර්යබහුලයිලු.
පසුගියදා ලාංකීය සිනමා සංධානයේ රැස්වීමක් සුදර්ශියේ
පැවැත්වුණා. මෙහි සභාපතිත්වය දරන්නේ චිත්‍රපට, ටෙලි නාට්‍ය
නිෂ්පාදක හා අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාරයි.
විවාහ වගේම දික්කසාද හොලිවුඩ් පුරයට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.