|
|
තරු පිරිවර මඩේ එබූ වෙබ් පිටු ගැන සීල් තැබූ
අසත්‍ය ප්‍රචාර ජනතාවට ගෙන ගිය වෙබ් පිටු සීල් තැබීම ගැන විමසුමක්
අද තාක්ෂණය හරිම දියුණුයි. තාක්ෂණයේ පිහිටෙන් මුළු ලොවම මේ වන විට එකම පියස්සක් වෙලා. ලෝකයේ ඕනම තැනක ඕන වෙලාවක සිදුවන ප්‍රවෘත්තියක් ක්ෂණයකින් දැනගැනීමට තාක්ෂණය නිසා අපිට පුළුවන්. තාක්ෂණයේ බල මහිමයෙන් ජනනය වූ අන්තර් ජාලය දැන් මානව වර්ගයාට නැතිවම බැරි වී තිබෙනවා. එය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා කිව්වොත් නිවැරැදියි. අන්තර් ජාලයේ විවිධ මාතෘකා යටතේ ඇති වෙබ් අඩවි අතර තිබෙනවා පුවත් සඳහා වෙන් වූ වෙබ් අඩවි. ඒවාහි ප්‍රමාණය ගණන්වලින් කියන්නට බැරි තරම් අසීමිතයි. ලංකාවේද එවන් වෙබ් අඩවි ඕනෑ තරම් තියෙනවා. මේ වෙබ් අඩවියන්ගෙන් බොහොමයක් වෙන් වී ඇත්තේ නිතර කතාබහට ලක්වන ක්ෂේත්‍රයන්හි පුවත්වලට. යම් ආරංචියක් ලැබුණ සැනින් එය ප්‍රත්‍යක්ෂ කර ගන්නට මේවා පිරික්සීමට බොහෝ දෙනා පෙළඹුණේ විශ්වාසවන්තභාවය හින්දයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් මෙම තත්ත්වය දිය වී ගියා. ඉක්මන් බව ගුණාත්මක බවට තර්ජනයක් එල්ල කළා. එන්න එන්න වෙබ් අඩවි වැඩි වර්ධනය වන්නට ඇරැඹි තැන සිට තමන්ගේ වෙබ් අඩවිය කෙසේ හෝ ජනප්‍රිය කරගන්න ඒවාහි හිමිකරුවන් උත්සාහ ගත්තා. ඊට සමහරෙක් භාවිත කළේ ඉතාම නරක ක්‍රියා මාර්ගයන්. ජනප්‍රිය පුද්ගලයින්ගේ, විශේෂයෙන්ම ජනප්‍රිය කලාකරුවන්ගේ හුදෙක්ම පෞද්ගලිකත්වය හා බැඳුණු තොරතුරු මේවාහි පළ කරන්නට මුල්ගල තැබුණා. අඩියෙන් අඩිය ඔවුන්ගේ ජීවිතයන්ට මඩ ප්‍රහාරයන් එල්ල වන ආකාරයට දරුණු විදිහට චරිත ඝාතනයේ යෙදෙමින් පුවත් මවා මේවා අතර දිග හැරුණා. ඕපාදූප සොයන අයට මේ වෙබ් අඩවි අනර්ඝ පුවත් මවන්නක් වුණා. පුවත් වෙබ් පිටු සඳහා අනිකුත් මාධ්‍යයන්ට බලපාන අන්දමට ඇති මාධ්‍ය ආචාර ධර්ම හෝ වාරණ නොතිබීම මීට ආශිර්වාදයක් වුණා. බොහෝ පිරිසකගේ චරිතවලට නොමැකිය හැකි කළු පැල්ලම් එල්ල කරමින් වෙබ් අඩවි ජනප්‍රිය වුණා. උද්ගත වී ඇති වාතාවරණය ඉවසා ගත නොහැකි මොහොතක ඒ පුවත් වෙබ් පිටුවල චරිත කප්පාදුවට හසු වූ ඇතැමෙක් මේවාට විරුද්ධව යුද ප්‍රකාශ කළා. අදාල පුද්ගලයින් ද ඒ පැමිණිලි වග විභාග කොට එම වෙබ් අඩවි ඛ්හිපයකට සීල් තබනු ලැබුවා. ඒ පුවත නම් අන්තර් ජාලයේ කිසිදු වෙබ් අඩවියක සඳහන් වූයේ නැහැ. මේ තත්ත්වය සහ එම වෙබ් පිටු පිළිබඳ කලාකරුවන් කිහිප දෙනකුගෙන් අහඹු ලෙස අදහස් විමසුවා. වෙබ් අඩවි ගැන කලාකරුවන් දැක්වුයේ මේ වැනි අදහස්.
බොරු දේවල්වලට දියුණු මාධ්‍ය යොදා ගැනීම අපරාධයක්
සන්නිවේදනය සොයා ගත් නිසා තමයි ප්‍රාථමික මානවයා මිනිසෙක් වුණේ. අවිධිමත් මිනිස් සමාජය සිවිල් සමාජයක් බවට පිළිවෙල කළේ සන්නිවේදනයයි. එය අද ලෝකය දියුණුවෙන් දියුණුවට පත් කරනවා. තාක්ෂණයේ උපරිමයයි අන්තර් ජාලය, අන්තර් ජාල සන්නිවේදනය අද ලෝකය පුරා සිවිල් සමාජය ඉතා ඉහළ මට්ටමකට ගෙන ගොස් තිබෙනවා. අප රටේ ද අන්තර් ජාලය ඊට සාපේක්ෂ විය යුතුයි. විධායකයා, ව්‍යස්ථාදායකයා, අධිකරණය සන්නිවේදනය යන මාධ්‍යයන් හතර එකිනෙකා සමඟ විධිමත් පරිපාලනයක රැඳී සිටිය යුතුයි. ජනමාධ්‍ය යනු ජනමාධ්‍යකරුවාගේ පුද්ගලිත වුවමනා ඉෂ්ඨ සිද්ධ කරන දෙයක් නොවේ. සැබවින්ම එය මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයාය. ජනමාධ්‍යකරුවා සිවිල් සමාජයක පිළිවෙත් කෙටුම්පත් ව්‍යවස්ථා මත හැසිරෙන දියුණු සන්නිවේදකයකු විය යුතුයි. ඊට පටහැනි කිසිවෙක් ජනමාධ්‍ය නොවේ. මෙම වෙබ් අඩවි තහනම් කිරීම අතිශය දේශපාලනිකයි. තහනමකට ලක් වූ වෙබ් අඩවි ප්‍රතිරූප ඝාතනයක යෙදීම ද දේශපාලනිකයි. මට දේශපාලන මතවාද තියනවා. මම ඒවා මාධ්‍ය තුළ ඉදිරිපත් කරනවා. එතකොට ඒ මතයන්ට එරෙහිව වෙනත් දේශපාලන මතයක් තියනවා නම් වෙබ් අඩවි හරහා හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක් හරහා මගේ මතය විවේචනය කරන්න. හැබැයි මේවා කරන්නේ ඒක නෙවෙයි. මගේ දේශපාලන මතයට එරෙහි වී යා නොහැකිව මගේ පුද්ගලික ජීවිතයට එරෙහි වෙනවා. බොරු බේගල් තොගයක් ඇදබා මගේ පුද්ගලික ජිවිතයට ප්‍රහාර එල්ල කරලා මගේ දේශපාලන මතයට පහර දෙනවා. ඒක සිදු නොවන සහ නොවිය යුත්තක්. ඒ නිසා ඕනෑම මාධ්‍යකරුවකු ලබන නිදහස වන්නේ මතවාදී නිදහස මිසක් පුද්ගලික නිදහසක් නොවේ. තවම කිසිවෙකුත් මම ඉදිරිපත් කළ දේශපාලන මතවලට පහර දී ඒවා බිඳ හෙළා නැහැ. මගේ පුද්ගලික ජීවිතයට මොන තරම් බේගල් ප්‍රහාර එල්ල කළත් මගේ පුද්ගලික ජීවිතය බිඳ වැටිලා නැහැ. එබැවින් සිදු නොවන නිස්සාර කටයුත්තකට දියුණු මාධ්‍ය භාවිතාවක් නාස්ති කරන එක අපරාධයක්. එය මේ සමාජයේ සිදු නොවිය යුත්තක්.
සදාචාරයක් නැති තවත් මාධ්‍ය තියෙනවා
ඔය වෙබ් සයිට් ගැන මට වැඩිය කතා කරන්න දැනුමක් නැහැ. ඕවයේ තොරතුරු යන්නේ වැඩිපුරම තරුණ අයගේනේ. ඒත් මාවයි නදී චන්ද්‍රසේකරයි සම්බන්ධ කරලා ප්‍රවෘත්තියක් තිබුණා. ඒ වෙලාවෙ නම් මං ඒක බලලා වැරැද්ද නිවැරැදි කළා. මම නම් කියන්නේ වෙබ් සයිට් විතරක් නෙවේ, සමහර මාධ්‍යයන්ගෙනුත් චරිත ඝාතන වෙනවා. ඒවා හැබැයි ඒ කාලෙට විතරයි. ඊට පසුව කාටත් අමතකයි. ඒක නිසා මම නම් වෙබ් සයිට්වලට පමණක් දොස් කියන්නේ නැහැ. සදාචාරාත්මක නොවන තවත් මාධ්‍යනුත් තියනවා.
මෙම සටහන තුලානාත්මක නැතැයි ඔබට සිතෙන්නට පුළුවන්. ඒ මෙහි අදහස් දැක්වූ සියළු දෙනා මේවාට දොස් තැබුවා විනා ධනාත්මක සිතුවිල්ලක් නොපැවසූ හෙයිනි. වෙබ් ආයතනද මේ සංවාදයට මුහු වන්නට ද දැක් වූයේ අරුචියක්. තාක්ෂණයේ දියුණුව මානවයාට ගුණාත්මකය. නමුත් ඒවා හා ගනුදෙනු කරන්නන් කොතෙක් දුරට ඊට ගැළපෙනවාද යන්න ගැටළුවක් නොවේද?
ළිඳ ළඟ සංගමය වගේ
|



ජැක්සන් ඇන්තනී
අනුලා කරුණාතිලක
සාරංග මෙන්ඩිස්
දමිතා අබේරත්න
මේනක රාජපක්ෂ