|
|
||
එදා මෙදාතුර තිරගත වූ ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට පිළිබඳ රස කතාබොන්ඩ් ගේ හෙණ ගුලි මෙහෙයුම
ඇසක් කලු පැච් එකකින් වසාගත් (SPECTRE) රහස් සංවිධානයේ අත්තනෝමතික ක්‍රියාවන් වෙනුවෙන් ඇප කැප වුණු කෝටිපති ජාවාරම්කරුවා ‘එමිලියෝ ලාගෝ’ . . .! බ්ලොෆෙල්ඩ් සහ ලාගෝ සුසංයෝගයෙන් බිහිවන නවතම ව්‍යාපෘතිය හෙවත් නේටෝ සංවිධානයට අයත් බලගතු න්‍යෂ්ටික අවි යුගලයක් පැහැරගෙන එය ඇපයට තබා ගනිමින් පවුම් මිලියන 100 ක් වටිනා දියමන්ති, කප්පමක් ලෙස ඉල්ලා ලෝක නායකයින් වෙත එල්ල කරන තර්ජනය . . .! ‘ඔපරේෂන් තන්ඩර්බෝල්’
මෙවර බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සුපිරි රහස් ඔත්තුකරු ජේම්ස් බොන්ඩ් 007 මුහුණ
දෙන නවතම අභියෝගය . . .! හැරී සොල්ට්ස්මන් සහ කබී බ්‍රොකොලි ගේ සාඩම්බර ඉදිරිපත්කිරීම ‘තන්ඩර්බෝල්’. ‘තන්ඩර්බෝල්’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරැඹීමට පෙර නිරාකරණය කර ගැනීම සඳහා නීතිමය ගැටළු රාශියක් හැරී සහ බ්‍රොකොලි ප්‍රමඛ ඉඔන් ප්‍රඩක්ෂන් සමාගම හමුවේ තිබිණි. 1961 වසරේදී මෙම නවකතාව පාදක කොට ගෙන ඉයන් ෆ්ලෙමින් විසින් කෙවින් මැක්ලෝරි සහ ජැක් විටින්හැම් නමැති දෙදෙනෙකු හා එක්ව සිනමා තිර රචනයක් ලියා තිබීම එයට හේතුවයි. මේ වන විට ඉයන් ෆ්ලෙමින් මිය ගොස් තිබුණ නිසා මුදල් ඉල්ලමක් බඳු වූ මෙම නවකතාවේ නීතිමය අයිතිය පිළිබඳව තර්කයක් කෙවින් මැක්ලෝරි විසින් ඉදිරිපත් කිරීමෙන් තත්ත්වය වඩාත් ව්‍යාකූල සහගත විය. කෙසේ හෝ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම මුූලික අවශ්‍යතාවය වූ බැවින් චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයන් ලෙස මැක්ලෝරි සහ විටින්හැම් චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමට ඉඔන් ප්‍රඩක්ෂන් සමාගම අදහස් කළා.
අවසානයේදී අර්බුදය උසාවිය දක්වා ඇදී ගොස් 1963 දී දෙන ලද උසාවි නියෝගයකට පසුවයි ගැටළුව නිරාකරණය වුණේ. ඒ අනුව චිත්‍රපට නාමාවලියේ නිෂ්පාදක ලෙස සඳහන් වන්නේ කෙවින් මැක්ලෝරිගේ නමයි. මෙම මතභේදයේ ප්‍රතිඵලයක් ලෙසින් 1983 දී මැක්ලෝරි විසින් ‘තන්ඩර්බෝල්’ කතාව එවකට බොන්ඩ් චරිතයෙන් විශ්‍රාම ගොස් සිටි ෂෝන් කොනරි ද සහභාගි කර ගනිමන්’නෙවර් සේ නෙවර් එගේන්’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කළා. සිරිත් පරිදි ෂෝන් කොනරි ජේම්ස් බොන්ඩ් වූ අතර ප්‍රධාන නිළි චරිතය සඳහා රූමතියක් තෝරා ගැනිම හැම විටම තීරණාත්මක කටයුත්තක් වුණා. බොන්ඩ් සිනමා රසිකයින්ගේ අවධානය යොමුවන ප්‍රධාන සාධකයක් වන්නේ ප්‍රධාන නිළියගේ රූමත් බවයි. කලින් චිත්‍රපට තුනේදීම මෙම අවශ්‍යතාව අකුරටම ඉටු වූ බැවින් මෙවර අතිශය රූමත් තරුණියක් ඒ සඳහා යොදා ගැනීමට නිෂ්පාදක කණ්ඩායම යුහුසුළු වුණා. බ්‍රොකොලි ඒ සඳහා තෝරා ගෙන සිටියේ ජූලි ක්‍රිස්ටි නමැති නිළියකි. 1963 දී තිරගත වූ ‘බිලී ලයර්’ චිත්‍රපටයේ ඇගේ රඟපෑම් එයට ඉවහල් වුණා. එහෙත් ඔහුගේ උත්සාහය සඵල නොවූ අතර 100 රයිෆල්ස් වැනි ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑ දක්ෂ සුරූපී නිළියක් වන රැකල් වෙල්ච් වෙත අවධානය යොමු වූයේ 1964 ඇමරිකාවේ ලයිෆ් සඟරාවේ මුල් පිිට කවරය ඇගේ රුවින් සැරැසී තිබූ හෙයිනි. උපරිම සුදුසුකම් ඇය සතු වුවත් අවාසනාවකට මෙන් ඒ වන විට ‘ෆැන්ටාස්ටික් වොයේජ්’ නම් චිත්‍රපටය සඳහා ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර තිබූ හෙයින් ඒ මහඟු අවස්ථාව ඈ වෙතින් ගිලිහී ගියා. ජනප්‍රිය නිළි ෆේයි ඩනවේ තෝරා ගැනුණේ ඉන් පසුවයි. ගිවිසුම් අත්සන් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එවකට ඉතාලි රූ රැජින වූ මාරියා ග්‍රාසියාද ඉවෝන් මොන්ලා සහ ග්ලෝරියා පෝල් යන රූමතියන් කෙරෙහි ද හැරී සහ බ්‍රොකොලිගේ අවධානය යොමු වුණා. එහෙත් ඒ හැම පරදා අවසානයේ ප්‍රධාන නිළිය ලෙස අභිෂේක ලැබුවේ ක්ලෝඩ්න් අවුගර් නමැති ප්‍රංශ රූ රැජිණයි. තිර පිටපතේ ඇතැම් ජවනිකා ඇගේ චරිතයට අනුව ප්‍රංශ ආරයක් ගන්නා පරිදි වෙනස් කරන ලදී. ඇගේ දෙබස් සඳහා පසුබිම් හඬ ලබා දුන්නේ වෙනත් ශිල්පිනියක් විසිනි. ටෙරන්ස් යං විසින් ඊළඟට අධ්‍යක්ෂණය කරන ලද ‘ට්‍රිපල් ක්‍රොස්” නැමැති චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑමේ වාසනාව ද ඇයට හිමි වුණා. චිත්‍රපටයේ සෙසු සහාය නිළි චරිත සඳහා ලුසියානා පලුසි, මොලී පීටර්ස්, මාර්ටෙයින් බෙස්වික් සහ ලොයිස් මැක්ස්වෙල් නම් රූමතියන්ගේ දායකත්වය ලබා ගන්නා ලදී. ජේම්ස් බොන්ඩ්ගේ ප්‍රතිවාදියා වූ එමිලියෝ ලාගෝගේ චරිතය රඟපෑවේ ඉතාලි නළුවෙකු වූ ඇඩෙල්ෆෝ සෙලි විසිනි. බොන්ඩ් චිත්‍රපටවල යාවජීව චරිත වන ර් 16 බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ප්‍රධානී Q ගේ චරිතය බර්නාඩ් ලී විසින්ද Q ගේ චරිතය ඩෙස්මන්ඩ් ලෙවලින් විසින් ද නිරූපණය කෙරිණි. ‘ගෝල්ඩ් ෆින්ගර්’ අධ්‍යක්ෂණය කළ ගයි හැමිල්ටන් ‘තන්ඩර්බෝල්’ හා සම්බන්ධ වීමට අදිමදි කළ හෙයින් මුල් බොන්ඩ් චිත්‍රපට 2 හි අධ්‍යක්ෂ ටෙරන්ස් යං එම භාරධූර වගකීම බාර ගනිමින් පැවසුවේ තන්ඩබෝල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සුදුසුම අවස්ථාවේදී ඔහුට ඒ සඳහා ඇරැයුම් ලැබුණ බවයි. තන්ඩර්බෝල් ඔහු විසින් අධ්‍යක්ෂනය කෙරුණු අවසාන බොන්ඩ් චිත්‍රපටය ද වෙයි. 1965 පෙබරවාරි 16 දා ප්‍රංශයේදී මූලික රූගත කිරීම් ඇරැඹුණා. අනෙකුත් දර්ශන රූගත කෙරුණේ ලන්ඩන් හි පයින්වුඩ් චිත්‍රාගාරයට අමතරව බකිංහැම්ෂයර්, සිල්වර්ස්ටෝන් සහ වැඩි ප්‍රමාණයක් බහමාස් හි පැරඩයිස් දූපතේදීයි. ඉතා දර්ශනීය ස්ථානයක් වූ පැරඩයිස් දුපත කෝටිපති හන්ටින්ටන් හාර්ට්ෆෝඩ් සතු වුවක්. දූපතේ රූගත කිරීම් සඳහා ඔහු ලබා දුන් අනුග්‍රහය උදෙසා පුද කෙරෙන විශේෂ ස්තුතියක් චිත්‍රපටයේ අවසන් නාමාවලියට ඇතුළත් වෙනවා. ඉතිරි දර්ශන වැඩි ප්‍රමාණයක් ක්ලිෆ්ටන් අසල අඩි 50 ක් පමන ගැඹුරු මුහුදු පත්ලේ රූගත කෙරුණ අතර එය ඉතා දුෂ්කර කටයුත්තක් වුණා.
ඉතිරි කොටස ලබන සතියේ |
||



පුළුන් කැටියක් වගේ
සුදුම සුදු පර්සියානු
බළලෙකු ඇකයේ
තබාගෙන උගේ හිස
මෘදු ලෙස පිරිමදිමින්
තම සගයින්ට නියෝග පනවන
මුහුණ ආවරණය කර ගත් රුදුරු
ආඥාදායකයා ‘අර්න්ස්ට් ස්ටැව්රෝ
බ්ලොෆෙල්ඩ් . . .!

