වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිජිටල් අපේ සිනමාවටත්

ඩිජිටල් අපේ සිනමාවටත්

ශ්‍රී ලංකාවට වත්මනෙහි අවැසි වනුයේ ඩිජිටල් තාක්ෂණයෙන් යුතු සිනමාවක් බව සිනමා ශිල්පීන්ගේ සන්ධානය පැවැත් වූ සම්මන්ත්‍රණයකදී තීරණයකට පත් විය.

ලාංකේය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සංවිධානය කළ මෙහි මුලසුන ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් විසින් මෙහෙයවනු ලැබිණ.

ලොව දියුණු රටවල් ඩිජිටල් තාක්ෂණය භාවිත කරන අන්දම, ඩිජිටල් සිනමාව ඇරැඹි තැන සිට ව්‍යාප්තිය සහ එහි තාක්ෂණික උපකරණ පිළිබඳ මෙහිදී නිහාල්සිංහයන් විසින් දෙසුමක් පවත්වන ලදී.

වර්තමානයේ ක්ෂේත්‍රයේ සක්‍රියව සිටින වෘත්තීමය සිනමාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. එම දේශනය අවසානයේ පැමිණ සිටි බොහෝ දෙනකු ඩිජිටල් සිනමාව පිළිගත්හ.

රාජගිරියේ සවරින් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයේ කැඳවුම්කරු ලෙස නිළි රැජන මාලිනී ෆොන්සේකා කටයුතු කරන ලදී.
 


නව හොලිවුඩ් චිත්‍රපට අනුරපුරට

විල්මැක්ස් නව තාක්ෂණයෙන්

උසස් තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ සිනමා ශාලාවක් අනුරාධපුර නගර මධ්‍යදී ආරම්භ කරන ලදී.

විල්මැක්ස් නම් වූ එය ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමෙහි පරිපාලනය යටතේ පවත්වාගෙන යන්නකි.

හොලිවුඩයේ තිරගතවන නවතම චිත්‍රපටයක් මුදා හැරෙනවිටම විල්මැක්ස් හී ඒවා රස විදීමට හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම අන්තර් ජාලය ඔස්සේ විල්මැක්ස් හි ආසන වෙන් කරවා ගත හැකිය. ආසන 362 කින් සමන්විත මෙහි ක්‍රියාත්මක වනුයේ ඩී. ටී. එස්. තාක්ෂණය වේ.