වික්ටර් රත්නායක ජීවන වත ගොත

වික්ටර් රත්නායක ජීවන වත ගොත
* උපත – 1942 පෙබරවාරි 18 දා
කඩුගන්නාවේදී (මහනුවරදී)
* පියා - දොන් ජේම්ස් රත්නායක
* මව - අබේකෝන් මායාදුන්නේලාගේ සුමනාවතී
* පාසල – කඩුගන්නාව කනිෂ්ඨ විද්‍යාලය සහ
කඩුගන්නාව මහා විද්‍යාලය
(වත්මන් කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලය)
* ප්‍රථම සංගීත ගුරුතුමා –
කේ. ඇම්. සුගතපාල මහතා
* මධ්‍යම පළාත් ඒකළ ගායනා තරගයෙන් ප්‍රථම
ස්ථානය ලැබීම 1958 දී
* සංගීතය ශාස්ත්‍රානුකූලව හැදෑරීමට මහනුවර එම්. ජී. පී. කලායතනයේ සිරිල් පෙරේරා
ගුරුතුමන් වෙත පැමිණීම (1950 ගණන්වල අග
භාගයේදී)
* සිරිල් පෙරේරා ගුරුතුමන් වෙතින් සංගීතය හදාරද්දීම මහනුවර ලේක් සමාජ ශාලාවේ සංගීත
ප්‍රසංග සංවිධානය කළ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන් සමඟ සම්බන්ධ වී වාද්‍ය ශිල්පියකු
හා ගායන ශිල්පියකු වශයෙන් ශිල්පිීය ප්‍රාගුණ්‍ය ලැබීම
* ගුවන් විදුලියෙන් ආධුනිකයකු හැටියට
ප්‍රථමයෙන් ගීතයක් ගැයුවේ එයාෂිප් නම් වූ වෙළෙඳ වැඩසටහනක ආධුනික ගීත
තරගයකටය. එය වික්ටර් රත්නායකයන්ගේම තනුවකට ගැයූ ‘යන්නට සිදුවේ මරණය
ආදා – මරුවා හට නෑ කිසිවිට බාධා’ නම් වූ ගීතයයි. ගුවනින් ගැයූ ප්‍රථම ගීතයේ රචකයා
වූයේ උදයරත්න බ‍්‍රාහ්මණනායක නම් වූ
කඩුගන්නාවේම පදිංචිව සිටි අසල්වැසි
හිතවතෙකි.
* වික්ටර්ගේ පටිගත කළ ප්‍රථම ගුවන් විදුලි ගීතය වූයේ ප්‍රවීණ ගීත රචක පියසේන කොස්තා
සූරීන්ගේ ‘මණිචෝර’ නම් ගුවන් විදුලි ගීත නාටකයට ඔහු විසින්ම රචනා කළ ‘දෙවඟන පරදන
කොමළ ලියා’ නම් ගීතයයි. එහි සංගීතය සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන් ගෙනි.
* වික්ටර්ගේ ප්‍රථම ගුවන් විදුලි තැටිය වූයේ සංගීතඥ ඩී. ආර්. පීරිස් විසින් තනු
නිර්මාණය කළ ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ පද මාලාවක් වූ ‘හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා’ යන ගීතයයි. එය මඩවල එස්. රත්නායකයන් නිෂ්පාදනය කළ ‘පංච
මධුර’ ප්‍රණීතාංගයට ගැයූ ගීතයක් විය.
* 1963 වසරේදී රජයේ සංගීත විද්‍යාලයට (හේවුඩ් ආයතනයට) ඇතුළු වීම – රජයේ කලායතනයේ
සමකාලීනයින් – මර්වින් පෙරේරා, සේන
වීරසේකර, සරත් දසනායක, සුජාතා පෙරේරා
(අත්තනායක), අමරසිරි පීරිස්, පුණ්‍යසිරි
මහවත්ත, බර්ටි රණසිංහ (චෙලෝ බර්ටි), අමිතා වැදිසිංහ ආදීහු වෙති.
* රජයේ ලිලිත කලායතනයේ එවකට සිටි ඔහුගේ
ගුරුවරුන් විශාරද කේ. ඒ. දයාරත්න සිල්වා, විශාරද එස්. ඩී. එස්. ජයසේකර, විශාරද
ගුණපාල පෙරේරා, විශාරද ධර්මසිරි පෙරේරා, විශාරද ගුණසේන ද සිල්වා ආදීහු වෙති.
* එම වසරේම ගුවන් විදුලියේ සිය ප්‍රථම සරල ගී
වැඩසටහනට ආරාධනා ලැබීම. ප්‍රථම ගීතය
අරිසෙන් අහුබුදුවන් විරචිත ‘සිඳ බිඳ මොහඳුරු පාප’ සහ ‘ගොළු මුහුදේ මුතු ඇටේ’ සහ
පුණ්‍යසිරි මහවත්ත රචිත ‘ඈත පෙනෙනා හිම වු කඳු මත’එම ගීතය.
* ඉන්පසු වෙළෙද සේවයේ ප්‍රථම සරල ගී
වැඩසටහන වෙනුවෙන් හේම ශ්‍රීී ද අල්විස් රචනා කළ ‘ඔබේ සෙවණැල්ල වාගේ එමී’ (සුජාතා
පෙරේරා සමඟ), ‘මයුරාසන’ මෙන්ම මර්වින් පෙරේරා සංගීතවත් කළ මීගොඩ විල්සන් රචිත ‘සෝක
සැනසුම්’ හා ‘පාවේ වලා’ යන ගීත ද ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ජනප්‍රිය ගීත බවට
පත් විය.
* ප්‍රථම ගුරු පත්වීම 1966 – 1968 බණ්ඩාරවෙල
ඇත්තලපිටිය මහා විද්‍යාලය
* මේ අවධියේ අතිශය ජනප්‍රිය වූ ගීත - සිහිල් සුළං රැල්ලේ - මයුරාසන – පාවේ වලා -
සෝක සැනසුම්
* සේවය කළ පාසල් -
කුලියාපිටිය නක්කාවත්ත මහා විද්‍යාලය (1968 - 1970)
නාවල දියවන්නා මහා විද්‍යාලය (1970 - 1974)
කොළඹ තර්ස්ටන් විද්‍යාලය (1976 - 1976)
‘ස’ ප්‍රසංගයේ ආරම්භය
1973 ජූලි 20
ලුම්බිණි රඟහල . . .
සමාප්ති ප්‍රසංග ත්‍රිත්වය
ජූ 18 - නෙළුම් පොකුණ මහින්ද
රාජපක්ෂ කලා රඟහල
ජූලි 19 – මහරගම යොවුන් රඟහල
ජූලි 20 - කොළඹ ලුම්බිණි රඟහල
|