වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය - 72

කවුද රජා

තිරගත වූ දිනය – 1976 පෙබරවාරි

ඉදිරිපත් කිරීම – රුක්මණී මූවීස්

නිෂ්පාදනය – එම්. රාමසාමි

තිරනාටකය, කතාව, අධ්‍යක්ෂණය – ජේ. සෙල්වරත්නම්

දෙබස් - ආරියරත්න කහවිට

කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්

සංස්කරණය - ජේ. රාසරත්නම්

වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්තනි

සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

සැකසුම – විජය චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර කටයුතුª- එස්. තිරනාවුකරසු

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ

ගීත ප්‍රමාණය -පන්දම් අල්ලා ගත් නම්බු නාමේ -එච්. ආර්. ජෝතිපාල

මා කවුදෝ කවුරුදෝ – එච්. ආර්. ජෝතිපාල

මල් සුපිපෙන වියේ – ඇන්ජලින් ගුණතිලක

දිනේ ලංකා ශ්‍රී ලංකා - ජෝතිපාල, ඇන්ජලින්, ෆෙ‍්‍රඩී සිල්වා

ප්‍රේමේ මේ සිහින ලොවේ - ජෝතිපාල, ඇන්ජලින්

රන්වන් පහන කෝ - එච්. ආර්. ජෝතිපාල

නෑඹුල් දූල් මල් මාලා - ඇන්ජලින් ගුණතිලක

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් -

ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, බැප්ටිස් ප්‍රනාන්දු, සෝනියා දිසානායක, ඇන්තනි සී. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රුක්මණී දේවි, මාක් සමරනායක, ශාන්ති ලේඛා, බන්දු මුණසිංහ, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, පූජිත මෙන්ඩිස්, ෆෙ‍්‍රඩී සිල්වා, පියදාස විජේකෝන්, රනිල් රාජපක්ෂ, නිලන්ති විජේසිංහ

ප්‍රදර්ශනය -

සෙන්ට්‍රල්, සැෆයාර්, විජිත ඇතුළු දෙවන මණ්ඩයේ සිනමා ශාලා 27 කදී ආරම්භක ප්‍රදර්ශනය අරඹන ලදී.

සෙන්ට්‍රල් සිනමා ශාලාවේ දින 57 ක් පෙන්වන ලදී.


වාසනා

තිරගත වූ දිනය – 1976 මාර්තු 26

ඉදිරිපත් කිරීම - ශ්‍රීධර චිත්‍රපට

නිෂ්පාදනය – ඩී. වී. ජේ. වික්‍රමසිංහ, එච්. කේ, ධර්මදාස, ඩබ්ලිව්. එච්. සුමතිපාල

කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

නිෂ්පාදන පරිපාලක - සී. ඩබ්ලිව්. විදානගේ

නිෂ්පාදන කළමනාකරණය - පී. ඊ. අබේනායක, ජී. ඩී. ආනන්ද

සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, ආරියදාස විතානගේ

කැමරා සහාය – ඇස්. ඇන්ටනි, එච්. මාටින්, ආරියදාස විතානගේ

සංස්කරණය - ඇම්. පී. රූපසේන

සහාය - ජෝකින් අප්පුහාමි

වේශ නිරූපණය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය – ඒ. ඊ. අබේසුන්දර

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

සහාය - ලයනල් ගුණරත්න

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

සහාය - ඇස්. ඇස්. සමරසිංහ

නිෂ්චල ඡයාරූප - ලෙස්ලි අමරසිංහ

ඇඳුම් නිර්මාණ – දිමුතු ටේලර්ස්

ස්වර්ණාභරණ – හබීබා ජුවලර්ස්

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,

අජන්තා රණසිංහ, කරුණාරත්න අබේසේකර

පොකුරු පොකුරු - ලතා වල්පොල –

පණ පලයන් ලබන සුමානේ- ෆෙ‍්‍රඩී සිල්වා -

තරු විසිරුණු ගුවන් තලාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ඔන්චිලි චිලි - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

වාසනාවේ සුරංගනා - එච්. ආර්. ජෝතිපාල

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා -එච්. ආර්. ජෝතිපාල

ගීත පොත්- සුලලිත පොත් හල

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන්-

විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු, ඩොමී ජයවර්ධන, රුක්මණී දේවි, ෆෙ‍්‍රඩී සිල්වා, ගීතා කුමාරසිංහ, හර්බට් අමරවික්‍රම, හර්බි සෙනෙවිරත්න, සුදේශ් ගුණරත්න, ලිලියන් එදිරිසිංහ, බී. ඇස්. පෙරේරා, විමලා කුමාරි, ජී. එච්. ස්ටැන්ලි පෙරේරා, ඇස්. ජයවර්ධන, ස්ටැන්ලි සිල්වා, ඇම්. ඩී. කුරේ, ඩී. ගුණපාල, පූජිත මෙන්ඩිස්, සීතා කුමාරි, අනිල් ජයසිංහ, ස්ටැන්ලි ද සිල්වා


මඩොල් දූව

තිරගත වූ දිනය – 1976 අප්‍රියෙල් 02

ඉදිරිපත් කිරීම – ලක් ලූම්ස් චිත්‍රපට

නිෂ්පාදනය – එම්. සමන්සිරි ද සිල්වා

කතාව - මාර්ටින් වික්‍රමසිංහ (මඩොල් දූව කෘතිය ඇසුරින්)

තිර නාටකය – පිලිප් කුරේ

දෙබස් රචනය - සුනිල් ආරියරත්න, උපාලි පෙරේරා

නිෂ්පාදන විධායක – උපසේන මාරසිංහ

අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

සහාය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා

සංස්කරණය - සුමිත්‍රා පීරිස්, ග්ලැඩ්වින් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල

කැමරා අධ්‍යක්ෂණය – එම්. එස්. ආනන්දන්

නිෂ්චල ඡායාරූප - බෝධි විජේසිංහ

නිෂ්පාදන කළමනාකරණය - ජෙරාඩ් ප්‍රනාන්දු

චිත්‍ර - පියරත්න හේවාබැට්ටගේ

සැකසුම - ලංකා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්

ප්‍රචාරක කළමනාකරු - රැලෙක්ස් රණසිංහ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමලාල් දළුවත්ත

ගී තනු නිර්මාණය - ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත ගායනය – වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ

අත්වැල් ගායනය – අබේවර්ධන බාලසූරිය, ගුණදාස කපුගේ, මර්වින් පෙරේරා, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, විනීතා සමරදිවාකර

ගීත -

කොහේද කොහේද අපේ ලොවක් – වික්ටර් රත්නායක

අපේ ගමයි මඩොල් දූව - වික්ටර් රත්නායක

උඹේ අම්මා කොතන ගියේ - නීලා වික්‍රමසිංහ

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන

ධාවන කාලය – පැය එක හමාරයි

නළු නිළියන් -

උපාලිගේ චරිතය අවස්ථා තුනකි - ජගත් තුෂාන්ත ඉඹුලේගම, නන්දන හෙට්ටිආරච්චි, අජිත් ජිනදාස

ජින්නා අවස්ථා දෙකකි - රෝයි කීර්ති ලාල්, පද්මසේන අතුකෝරාළ

දඟදාස අවස්ථා දෙකකි - උපාලි ජයවීර, ජයන්ත ප්‍රේමකුමාර

සිරිපාල අවස්ථා දෙකකි - අශෝක් ප්‍රනාන්දු, සිරිල් කොතලාවල

රණදේව අවස්ථා දෙකකි - සංජීව දිසානායක, විමල් ගුණරත්න

පෙරකදෝරුවාගේ පුතා - හේම ප්‍රදීප් ඩයස්, ගුණදාස – ජයරුවන් විජේරත්න, සෝමලතා - චමරි ද සිල්වා, ලලිතා - ශ්‍රියානි පෙරේරා, පුංචි මහත්තයා - දයා අල්විස්, උපාලිගේ පියා - ඩේවිඩ් ධර්මකීර්ති, ඔපීසි රාළහාමිනේ - සෝමලතා ප්‍රනාන්දු, ධර්මසිංහ ගුරුන්නාසේ - ජෝ අබේවික්‍රම, ධර්මසිංහ හාමිනේ – ට්‍රිලීෂියා ගුණවර්ධන, සුරංචියා - උපාලි අත්තනායක, බාලප්පු - ධම්ම ජාගොඩ, පොඩි ගමරාළ - එස්. ඒ. ජේමිස්, උපාසක අප්පු - පූජිත මෙන්ඩිස්, වයසක කාන්තාව - දෙනවක හාමිනේ, නළඟන – ශාන්ති ලේඛා, පෙරකදෝරු මහතා - මාපා ගුණරත්න, පෙරකදෝරු බිරිඳ – මර්ලින් ගුණරත්න, රජයේ නිලධාරියා - සෝමරත්න දිසානායක

ප්‍රදර්ශනය - සැවෝයි – වැල්ලවත්ත,

ලිඩෝ – බොරැල්ල

විශේෂතා - ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ඊස්ටන් වර්ණ චිත්‍රපටය.

සැවෝයි සිනමා ශාලාවේ දින 70 ක්ද, ලිඩෝ සිනමා ශාලාවේ දින 80 ක් ද පෙන්වා ආදායම් වාර්තා බිඳ හෙළීම.

1976 මඩොල්දූව සමඟින් ‘ඕල්කට්’ නම් කෙටි චිත්‍රපටයේ පිටපත් 03 ක් තෝරා ගත් සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය. අමෙරිකාව, ඉන්දියාව, ලංකාව වටා කොටස් 3 කට සකස් වූ මෙම කෙටි චිත්‍රපටයේ ලංකා අධ්‍යක්ෂවරයා තිස්ස අබේසේකර වූ අතර එහි පසුබිම් කථනය ගාමිණී ෆොන්සේකා විසින් ද, සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ද වූහ.


වල්මත් වූවෝ

තිරගත වූ දිනය – 1976 අප්‍රියෙල් 02

ඉදිරිපත් කිරීම – දිසානායක චිත්‍රපට සමාගම

නිෂ්පාදනය – ලාල් දිසානායක, යූ. කේ. රත්නසිරි

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකර

කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය - ලාල් දිසානායක

කැමරා සහාය - සුමින්ද වීරසිංහ

සහාය අධ්‍යක්ෂණය – එම්. ඒ. සංඝදාස, එස්. ඒ. බී. ගිරිහාගම

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය – තිස්ස මඩවල

ශබ්ද පරිපාලනය – දයා ද සිල්වා

සහාය- ගාමිණී පෙරේරා

රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන

සහාය - කේ. එම්. ජයවර්ධන

සැකසුම – රජයේ චිත්‍රපට අංශය – දළුගම

නිශ්චල ඡයාරූප – ගිල්බට් මෙන්ඩිස්

සංස්කරණ සහාය - ස්ටැන්ලි ද අල්විස්

සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ

ගීත සංඛ්‍යාව - 04

ගීත -

මලින් මලේ රොන් පොපියන - ඩබ්ලිව්. ඩී. අමරදේව

පහනේ තෙල් සිඳෙන තුරා - ඩබ්ලිව්. ඩී. අමරදේව

අහෝ බලව් රට වැසියනි - සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ (පැරැණි නාඩගම් ගීතයකි)

අමරදේවයන් ගායනා කරන තවත් කෙටි ගීතයක් ඇතුළත් විය

නිෂ්පාදන කළමනාකරු - ගිල්බට් මෙන්ඩිස්, ඊ. ද අල්මේදා

ප්‍රචාරක කළමනාකරු - සරච්චන්ද්‍ර සමරක්කොඩි

රඟපෑ නළු නිළියන් -

ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුණි, දයා අල්විස්, ෂර්ලි ගෝමස්, පී. බී. මයිල්ලෑව, ශාන්ති ලේඛා, ශ්‍රියානි පෙරේරා, ගාමිණී විජේසූරිය, අයිවන් පණ්ඩිතරත්න, ෆ‍්‍රැන්සිස් පෙරේරා, දෙනවක හාමිනේ, නෙලී ප්‍රනාන්දු, සමන් බොකලවෙල, මර්සි එදිරිසිංහ

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඕඩියන් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.

විශේෂතා - මෙම චිත්‍රපටය 1975 වසරේදී විදේශීය චිත්‍රපට උළෙලයන් කිහිපයක්ම නියෝජනය කරන ලදී.

මේ සමඟින් සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරන ලද ‘දුෂ්කර ක්‍රියා’ නමැති කෙටි චිත්‍රපටය පෙන්වන ලදී.

එහි, නිෂ්පාදනය – වයි. එම්. කරුණාතිලක

කලා අධ්‍යක්ෂණය – ඒ. ඩී. රංජිත් කුමාර

සංගීතය – වික්ටර් රත්නායක

සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු

කැමරා - ඩබ්. ඒ. බී. ද සිල්වා

නිශ්චල ඡායා - කුමුදු ගුණවර්ධන

නාද ශික්ෂණය - ජෝර්ජ් මනතුංග

රසායනාගාර – ඇස්. තිරනාවුකරසු

රංගනය – සුවිනීතා කෝන්ගහගේ, ගාමිණී සමරකෝන්, දීප්ත ද සිල්වා