|
|
පළාත්බද අවසන් ප්‍රසංගය කුරුණෑගල
1960 දශකයේ මුල් භාගයෙහි සංගීත කේෂ්ත්‍රයට ප්‍රවිෂ්ටව ඉතා කෙටි කලක් තුළදී සිය මියුරු හඬින්ද මියුරු ස්වර සංරචනයෙන් සහ සංගීත සංයෝජනයෙන්ද රසික සිත් ආලෝලනය කරන්නට ඔහු සමත් වූයේය. සැබැවින්ම ඔහු වටා රොද බැඳුනේ රසික පිරිස් පමණක් නොවේ. සකල විධ ගායන ශිල්පීහුද ඔහු වටා එක් රොක් වූහ. අද දවසේ ඔහුගේ තනුවක් නොගැයූ එකම ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක සොයා ගැනීමට බැරි තරම්ය. වික්ටර් රත්නායක සංගීත කේෂ්ත්‍රයට පිවිසෙන විට උසස් රසඥතාවක් ඇත්තාවු සුළුතරයක් නිර්මාණාත්මක සංගීතයෙහි රස විඳීමින් උන්හ. අප්‍රබුද්ධයෝ අනුකාරක සංගීතයෙහි නිමග්නව සිටියහ. වික්ටර් රත්නායක දෙපිරිස අතර පාළමක් ඉදි කළේය. ඒ පාළම මතින් දෙනෝදාහක් රසිකයෝ ප්‍රබුද්ධ ලෝකයට සංක්‍රමණය වූහ. සිංහල සංගීත ඉතිහාසය විමර්ශනය කරන්නකුට ඔහු විසින් කරන ලද්දා වූ මේ ඓතිහාසික කාර්යභාරය මැනවින් දැක ගත හැකි වන්නේය.
|



වසර 39 ක් පුරා ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් සනහාලූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ
සමාප්ති උළෙලේ පළාත්බදව පවත්වන අවසන් ප්‍රසංගය ලබන 15 වැනිදා කුරුණෑගල සාන්ත ආනා
විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සිංහල සංගීත කරළියේ වික්ටර්
රත්නායකගේ භූමිකාව වනාහි
බෙහෙවින් ආකර්ෂණීය වූ ද
රමණීය වූ ද ප්‍රබල වූ ද එකකි.