|
|
සරසවියෙන් කලා ලොවට පෑයූ අලුත්ම තරුව - ඉන්දික මධුරගේ
වසර දොළහකට කලින් තැපෑලෙන් පින්තූර දෙකක් ආවා සරසවියට. ඒ අපේ රඟපාමු පිටුවට. අද ඔහු මගේ ඉදිරියේ.
අඩ සිය වසක් පුරාට සරසවිය ආව වගේම තව බොහෝ දුරු යන්න වාසනාව ලැබේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. සරසවිය අපිට ළෙංගතුයි. ඒ නිසාම සරසවිය අපි ගොඩාක් විශ්වාස කරනවා. ඒ විශ්වාසේ මත තමා මගේ ඡායාරූප දෙකක් සරසවියේ රඟපාමු පිටුවට එව්වේ. ඒ තුළින් තමා පොඩි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණ හීනේ සැබෑවක් කර ගන්න පුළුවන් වුණේ. මට අත දුන්නට සරසවියට ගොඩාක් පින්. රංගනයට මේ දවස්වල ඔබේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද? ස්වර්ණවාහිනියේ ආදරියේ, හිරු ටී. වී. වල විසුල අහස යට ටෙලි නාට්‍යවලට දායක වෙලා ඉන්නවා. ඒ වගේම දළදාගමනය චිත්‍රපටය මේ දවස්වල අනුරාධපුර ප්‍රදේශයේ රූගත වෙනවා. ඊට අමතරව ශාන්ත සිරිවර්ධනයන්ගේ ‘මම යාම’ වේදිකා නාට්‍ය ජූනි 16 වෙනිදා නිට්ටඹුවේදී වේදිකා ගත වෙන්න නියමිතයි. සංජුල දිවාරත්නගේ කල්පාලොව විනාශය වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. කිරට හඬන දරුවෝ, හාමු මැරුණේ නෑ, රොනා සහ රෝමය කියන කෙටි නාට්‍ය දෙක තුන හරහා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල නියෝජනය කරන්න ලීලානන්ද ගජනායකයන් ඇතුළු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා මේ දවස්වල පුහුණුවීම් සිදු කරගෙන යනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ හඬ පාලනය හා රංගනය පිළිබඳ පාඨමාලාවක් මේ කෙටි නාට්‍ය මුල් කරගෙන පුහුණු කරගෙන යනවා. එතනටත් අපිව යොමු කරේ සරසවියම තමා. ඉදිරියේදී මේ වගේ චරිතයක් ලැබුණොත් හොඳයි කියලා හිතනවද? එහෙම කියලා නෑ. මම උත්සාහ කරන්නේ මට ලැබෙන චරිතයට මට පුළුවන් උපරිමය කරන්න. මොනවද ඔබට කියන්න තියෙන්නේ? හැමදාමත් මගේ ජීවිතේ ලොකුම ශක්තිය වුණේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගෙන් ලැබෙන ආශිර්වාදය මට හුඟක් වටිනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයෙන් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සරසවියෙන් මගේ තොරතුරු දුන්නට පස්සේ මට ගොඩාක් දේවල් ලැබුණා. මම හිතනවා ඉදිරියටත් සරසවිය අපට උදව් කරයි කියලා. ඒ වගේම මේ ගමන් මගේ මට ශක්තියක් වුණ සියලු දෙනාම ඔහු අදත් සිහිපත් කරන්නේ හද පිරි ගෞරවයෙනි. දේශයේ කලා පුවත්පත විදිහට අඩසිය වසක් පුරාවට අපි ඔබට වගේම සෑම කලාකරුවෙක්ටම ශක්තියක් වුණා. ඉදිරියට ද ඔබට ශක්තියක් වීම අපේ අරමුණයි.
|



ඉන්දික මධුරගේ. අද ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට
නළුවෙක්. මේ දක්වා පැමිණි ඔහුගේ ගමන් මඟට සැබෑම සවියක්
වුණෙත් සරසවිය අපි. ඒ අතීතෙන්ම කතාව පටන් ගමුද?