වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘පුත්‍ර සමාගම’ නැවතත්

 ‘පුත්‍ර සමාගම’ නැවතත්

1985 දී මුල් වරට රංග ගත කළ ජයලත් මනෝරත්නගේ ‘පුත‍්‍ර සමාගම’ නව නිෂ්පාදනයක් ලෙස නැවත වේදිකාවට ගෙන ඒමට මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදු වෙමින් පවතී.

ප්‍රසන්න විතානගේ පරිවර්තනයක් වන ‘පුත්‍ර සමාගම’ නව නිෂ්පාදනය සඳහා ජයලත් මනෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, ජනක කුඹුකගේ, සරත් චන්ද්‍රසිරි, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී, සෝමපාල පතිරගේ, සුසිල් වික්‍රමසිංහ යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වේ.ලක්ෂ්මන් විජේසේකර සංගීත නිර්මාණයෙන්, ස්විනීතා පෙරේරා රංග වස්ත්‍රාභරණ නිර්මාණයෙන්, රංග සමරකෝන් රංගාලෝකයෙන්, බුද්ධදාස ගලප්පත්ති අංග රචනයෙන්, චන්දන නිශාන්ත සහ වික්‍රම අත්තනගම වේදිකා පරිපාලනයෙන් මෙම නව නිෂ්පාදනය සඳහා දායකත්වය ලබා දෙති.