වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිත කතාව සිනමා පටයකට

අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිත කතාව සිනමා පටයකට

අධ්‍යක්ෂණය රන්ජන් ප්‍රසන්නගෙන්
 

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරමින් රන්ජන් ප්‍රසන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වෙයි.

මේ දිනවල සිරස නාලිකාවේ තිරගත වන සිහින පුරය ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයා වන හෙතෙම ජුලියා, ඉර හඳ යට, එකමත් එක රටක, සිංහාවලෝකනය වැනි චිත්‍රපටයන්හි සහය අධ්‍යක්ෂවරයා වේ.

අනගාරික ධර්මපාල චරිතාපදාන සිනමා කෘතිය සඳහා රන්ජන්ට නිෂ්පාදනයෙන් එකතු වන්නේ තිස්ස අතලේය. විධායක නිෂ්පාදනයෙන් සිසිර හෙට්ටිආරච්චි එක් වෙති. නීතිඥ සමන් වීරමන් මෙහි තිර රචනයෙන් එක්වෙයි.