සරත්මධුගෙන් අලුත්ම ප්‍රසංගයක්
සරත්මධුගෙන් අලුත්ම ප්‍රසංගයක්
‘සදානන්දනීය ගී’
15 දා ලුම්බිණියේ
‘සදානන්දනීය ගී’ නමින් ඒක පුද්ගල
ගී
ප්‍රසංගයක් එළඹෙන 15 වැනිදා (එනම්
එන ඉරිදා) උදෑසන 9 සිට දහවල් 1 දක්වා
ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.
මෙහි ගැයුම් ඉදිරිපත් කරනුයේ අපූරු පුද්ගලයකි. ඒ සුප්‍රසිද්ධ චිත්‍ර කතා
ශිල්පියකු වන බලංගොඩ සරත් මධුය.
‘සදා නන්දනිය ගී’ උපහාර ගී ප්‍රසගංයකි. ධර්මදාස වල්පොල, මොහිදින් බෙග්, ජෝතිපාල,
මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි වැනි ගායකයින්ගේ අමරණිය ගීත කිහිපයක් සරත්
මධුගේ හඬින් එදින ගැයෙනු ඇත. නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රසංගය රවින්ද්‍ර ශ්‍රී
ගනේගොඩ සහ ප්‍රියන්ත ගමගේ ගේ සංවිධානයකි.
අසුව දශකයේ මුල භාගයේ අතිශය ජනප්‍රිය වූ ඉතින් ඊට පස්සේ, යුනිකෝ, නිවුරෝ වැනි
චිත්‍ර කතා බිහි වූයේ සරත් මධුගේ තෙළිතුඩිනි.
ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව ඇසුරෙන් නිපද වූ එහි ටෙලි සිතුවම 2010 වසරේ සුමති
සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට සම්මානයට පාත්‍ර විය.
මාරම්බරී හෙට කුලරත්න ශාලාවේදී
එඩ්වඩ් ජයකොඩි කලාකරුවාගේ සංගීත දිවියට වසර 41 ක් පිරීම මෙන්ම පුද්ගලයන් ලියා
පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට වසර 41 ක් සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින්
පැවැත්වෙන එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 13 වැනිදා (හෙට
දින) පස්වරු 3.30 සහ පස්වරු 6.30 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
විශාරද එඩ්වඩ් ජයකොඩි එදා මෙදාතුර ගැයූ අතිශයින් ජනප්‍රිය ප්‍රේම ගීත, චිත්‍රපට
ගීත, වේදිකා ගීත, ටෙලි නාට්‍ය ගීත, දේහාභිමානී ගීත, ළමා ගීත රැසක් මෙම ප්‍රසංගයට
ඇතුළත්ය. යුග ගායනයෙන් චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ශ්‍රියා කාරියවසම්, ශාරන්‍යා
ජයකොඩි සහාය වේ. සත්සර මෙහෙයුම සුසිල් අමරසිංහගෙනි. කථනය වසන්ත රෝහණ ගෙනි.
සපුගස්කන්ද විශාකාවන්ගෙන්
ටැලන්ට් ෂෝ
සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි
භාෂා දිනය සහ සිසුවියන් ඉදිරිපත් කළ ‘ටැලන්ට්
ෂෝ’ පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී
පැවැත්විණි.
ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා
හැකියාවන් සහ නර්තන, ගායන හැකියාවන් මෙහිදී ඉදිරිපත් කෙරිණ.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත මහාචාර්ය රේෂා උදේනියා,
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි භාෂා සහ විදේශ භාෂා පිළිබඳ සහකාර අධ්‍යාපන
අධ්‍යක්ෂ විශාඛා ජයවික්‍රම, සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය
ප්‍රියන්ති සමරවීර, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ දෙමාපියන් ඇතුළු
පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායා - මාලන් කරුණාරත්න
කසූරිගේ ‘මම තවම යමි’
17 දා දොරට වඩියි
ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම
සිළුමිණ පුවත්පතෙහි
ප්‍රධාන කර්තෘවරයා ද වන
කරුණාදාස සූරියආරච්චිගේ
නවතම නවකතාව ‘මම
තවම යමි’ මෙම මස 17
වැනිදා අඟහරුවාදා
පස්වරු 3.30 ට කොළඹ 07
ආනන්ද කුමාරස්වාමි
මාවතේ මහවැලි කේන්ද්‍රයේ
ශ්‍රවණාගාරයේදී දොරට වඩී.
ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මුලසුන හොබවන අතර සුධම්මිකා භික්ෂුණී සහ රන්ජන්
අමරරත්න, බුද්ධි ගලප්පත්ති, උපුල් ශාන්ත සන්නස්ගල, ධම්ම දිසානායක යන මහත්වරු එදිනට
දෙසුම් පවත්වති. එදින උත්සවය මෙහෙය වන්නේ සමන් අතාවුද හෙට්ටියි. මීට පෙර කතුවරයා
රචනා කළ ‘කන්ද පාමුල’, ‘අන්ධකාර තාරකාව’, ‘කළු දෝංකාරය’ යන නවකතා 2007, 2009 සහ
2010 වර්ෂයන්හිදී ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත විය.
|