වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




feedback

ඔබේ ප්‍රතිචාර 0757413731 යන දුරකතන අංකයට ක්ෂණිකව එවිය හැකිය. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ සටහන්පත් වෙනුවෙනි.

සන්ෆ්ලවර්ස් මඟ හොඳයි

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සැබෑ වෙනසක් මේ වන විට දක්නට ලැබේ. එය කණ්ඩායමේ සාර්ථකත්වයටම සුබ ලකුණක් වේවා.

දමයන්ති කුමාරි -හොරණ.

අයෝමිට සුබපැතුම්

රණවිරු රියල් ස්ටාර් කිරුළු පැළැඳු අයෝමිට සුබම සුබ අනාගතයක් පතමි. ඔබේ මධුර නදින් ඔපවත් වූ අලුත් නිර්මාණ තුළින් ළඟදීම අප හමුවන්නට ඇරියුම් කරමි.

විරාජ් බණ්ඩාර - නිකවැරටිය.

ඇන්ජලාට සුබපැතුම්

ඇන්ජලා සෙනෙවිරත්න යළි රංගනයට පිවිසීම රංගන ක්ෂේත්‍රයට සැබෑ ආලෝකයකි. ඔබ රංගනයටම උපන් කලාකාරිණියකි.

චමින්ද - වත්තල.

හේමාල් හොඳයි

සුපර් සික්ස් තුළින් මතුවුණ තරුවකි හේමාල් රණසිංහ. ඔහු මීට ප්‍රථම වෙළෙඳ දැන්වීම් ඔස්සේ දස්කම් පෙන්වා තිබිණ. හැකි ඉක්මනින් ජනප්‍රිය නළුවා විලස සම්මානය ලැබීමට හැකි වේවා.

සංජු - දෙල්ගොඩ.

විකට චිත්‍රපටවලට හිනා යන්නේ නෑ

වර්තමානයේ හැදෙන විකට චිත්‍රපටවලට අපට සිනහ පහළ වෙන්නේ නැහැ. ඒවා නරඹා අප ශාලාවෙන් එළියට එන්නේ බොහොම දුකෙන්.

සපුමල් සේනාරත්න- කළුතර.

ක්ලැරන්ස් අමරණීයයි

ක්රන්ස් විජේවර්ධන නාමය ගීත කෙතෙහි අමරණීයයි. ගැයුමෙන්, වැයුමෙන්, පද රචනයෙන්, සංගීත නිර්මාණයෙන් ඔහු දැක් වූ දස්කම්වලට සම කිරීමට කිසිවෙකුත් මේ වන තෙක් මිහිපිට ඉපිද නොමැත.

දයාරත්න හේමවංශ - රනාල.

කමල්- දමිත් දැන් අපට සතුටුයි

අපට සිටින දක්ෂ රංගන ශිල්පීන්ගෙන් කෙනෙකු වූ කමල් අද්දරආරච්චි ඉදිරියේදී චිත්‍රපට තුළින් දැකගන්නට ලැබීම සතුටට කරුණකි. එමෙන්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ පුතු දමිත් රංගනයට නැවත එක් වූ බව අසන්නට ලැබීමත් සතුටක්.

මාතලේ - ධර්මා ඒකනායක

කමල්ට පැතුමක්

කමල් අද්දරආරච්චි නැවතත් රංගනයට පැමිණ සිටින වග අසන්නට ලැබුණා. ඔබේ ඒ දෙවැනි සිනමා ගමන අති සාර්ථක වේවා.

කරු මණ්ඩාවල - නාත්තන්ඩිය

රසික දනන් හද තුටු කරනා

රන්ජන් රාමනායකට,

සිංහල සිනමා රිදී තිරේ
සුපිරි වීරයා ලෙස වැජඹෙන්නේ
රසික හදේ රන් සමනලයා වී සිටිනා
අපේ සිහින කුමරා ඔබ වන්නේ

මිහිරෙන් තනුවට ගී ගයනා
රැඟුමෙන් රැගුමට නර්ථන පානා
රසික දනන් හද තුටු කරනා
රසික මනාපය ඔබ නිති ලබනා

සක්විති හා විජයගේ සමු ගැන්මෙන්
සුපිරි වීරයා වී ලද මහ කිරුලෙන්
රංගන හැඩදා පුංචි තිරේ රිදී තිරෙන්
සුපිරි වීරයා ලෙස සම්මත නාමෙන්
වැජඹෙන ලෙංගතු රන්ජන් නාමෙන්

ගාමා ගාමිණී සුබසිංහ

සකුරා හවුස්, හබරාදූව.

තුෂාරිගේ චරිතය අපූරුයි

නැගි එන නිළි ගයාත්‍රි රාජපක්ෂට,

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන සඳට අහස ආදරෙයි ටෙලි සිතුවමේ තුෂාරිගේ චරිතය ඔබ මැනවින් රඟපානවා. ඔබේ ඉදිරි ගමනට මම මගේ සුබපැතුම් එක් කරමි.

මීටියාගොඩ මරදානවත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වා

ඔබ ගැයු ගීත තවමත් දෙසවන රැව් දෙයි

සිංහල සිනමාවේ මුල් යුගයේ පසුබිම් ගායනයට දායක වූ ඒ. එම්. රාජා, ජමුනා රාණි, ජික්කි, කේ. රාණි, සත්‍යවතී, ජී. සුසිලා වැනි ගායක ගායිකාවන් සදා ආදරයෙන් සිහිපත් කරමු. මොවුන් ගැයූ ගීත තවමත් දෙසවත් රැව් පිළිරැව් දෙයි.

කපුගොඩ මාළිඳ සරසවි නිවසේ- සරත් රණසිංහ

අලුත් ගීත ඕනෑ

නියරේ පිය නඟලා, තණ නිල්ල දිගේ, හඬවලා හිතක් හඬවාලා වැනි ගී ගැයූ සමන් ද සිල්වාගෙන් නව නිර්මාණ අප බලාපොරොත්තු වෙමු.

වෙන්නප්පුව පල්ලිය පාරේ

වියානි ගුණවර්ධන

නිලන්ත ගුණවර්ධන