වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




විජය ගී මෙලෙස ඇසුණි

විජය ගී මෙලෙස ඇසුණි

විජය කුමාරතුංගයන්ගේ 30 වැනි ජන්ම දින සැමරීම පසුගිය 16 වැනි දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් හෙළ සිනමා නිෂ්පාදක සංධානය විසින් ඔහුට උපහාර ලෙස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී උපහාර ගී ප්‍රසංගයක් පැවැත්විණි. මේ සඳහා යුග තුනක් නියෝජනය කරමින් සිනමාවේ නියැලෙන රංගන ශිල්පී, ශිල්පිනීහු ඊට සහභාගි විය.

විජය උපහාර ගී ප්‍රසංගය සඳහා විජේරත්න වරකාගොඩ, ක්ලීටස් මෙන්ඩිස්, රොඩ්නි විදානපතිරණ, කමල් අද්දරආරච්චි, කුමාරි මුණසිංහ, දමිතා අබේරත්න, සාරංග දිසාසේකර, විශ්ව කොඩිකාර, වසන්ත කුමාරවිල, සේනක විජේසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, අනුර ශ්‍රීනාත් යන ශිල්පීහු සහභාගී වූහ. මෙම ගී උපහාර උලෙළ හෙළ සිනමා නිෂ්පාදන සංධානය වෙනුවෙන් එහි සභාපති පද්මසිරි කොඩිකාර විසින් සංවිධානය කර තිබුණි. එහිදී විජය කුමාරතුංගයන් පිළිබඳ ලියැවුණු පොත් පිංචක් ජනගත කිරීමද විශේෂත්වයකි.

ඔහු සමඟ එකල දේශපාලන ගමන් මඟෙහි නියැලුණු දේශපාලනඥයන් සහ රසික රසිකාවියන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උපහාර උලෙළ පැවැත්විණි. විජයගේ ගමන්මඟේ මතක සටහන් අලළා කෙටි චිත්‍රපටයක් ද තිරගත විය. අනූෂා දමයන්ති කථනයෙන් එක් වූ අතර ජීවන් හඳුන්නෙත්ති ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීත නාද රටා උපහාර උලෙළ වර්ණවත් කළේය. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.