වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




90 වැනි ඔස්කාර් මාර්තු 04 මෙන්න නිර්දේශ

90 වැනි ඔස්කාර් මාර්තු 04 මෙන්න නිර්දේශ

හොඳම කැමරාකරණය වෙනුවෙන් ප්‍රථමවරට කාන්තාවක්

හොලිවුඩයේ මහා සිනමා මංගල්‍යය, ඇකඩමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් සම්මාන උලෙළ ලබන මාර්තු මස 04 වැනිදා ලොස්ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවර පැවැත්වෙන්නේ 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළයි. අමෙරිකානු ජාතික හාස්‍ය නළුවකු මෙන්ම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ජිමී කිමෙල් විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන වෙනුවෙන් නිර්දේශිත නාම යෝජනා ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව වැඩිම නිර්දේශ නාම සංඛ්‍යාව ලෙසින් සම්මාන 13ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටින්නේ මෙක්සිකානු අධ්‍යක්ෂ ගිජෙර්මෝ ඩෙල් ටෝරෝ විසින් අධ්‍යක්ෂණය කළ The Shape of Water චිත්‍රපටය යි.

මෙවර ඔස්කාර් නිර්දේශ නාම ලැයිස්තුවට විශේෂත්වයක් එක් වී ඇත. එනම් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් වන නිර්දේශ නාම අතරට කාන්තාවක ඇතුලත් වී සිටීමයි. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ මෙවර එය සිදු වී තිබෙන්නේ පස් වැනි වතාවටයි.

ඒ අනුව Lady Bird චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ග්‍රේටා ගර්විග් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට පැමිණ සිටියි. එපමණක් නොව හොඳම කැමරාකරණය වෙනුවෙන් ද ප්‍රථමවරට කාන්තාවක නාම යෝජනා අතරට පැමිණ සිටින්නීය. ඇය Mudbound චිත්‍රපටය වෙනුවෙන් රේචල් මොරිසන්ස් ය.

ඔස්කාර් සම්මාන ඉතිහාසයේ නාම යෝජනාවක් හිමි වයස්ගතම පුද්ගලයා මෙවර සම්මාන උලෙළෙන් වාර්තා වේ. ඇය 89 හැවිරිදි ප්‍රංශ සිනමාකාරිණයක වන ඇග්නස් වර්දා ය. ඇය විසින් නිර්මිත Faces Places  හොඳම වෘත්තාන්ත වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතර වේ.

මෙවර සම්මාන උලෙළේදී ඇය වෙත ගෞරව සම්මානයක් ද පිරිනැමීමට නියමිතව ඇත. All the Money in the World චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වූ 88 හැවිරිදි ක්‍රිස්ටෝෆර් ප්ලමර් හොඳම සහය නළුවා වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක් වේ. සිනමාව වෙනුවෙන් වූ දායකත්වය වෙනුවෙන් මෙක්සිකානු සිනමාකරු ඇලෙක්සැන්ඩ්‍රෝ ගොන්සාලේස් ඉනාරිතු වෙත ද විශේෂ ඇකඩමි සම්මානයක් පිරිනැමීමට නියමිතය.

90 වැනි ඇකඩමි සම්මාන උලෙළෙ වෙනුවෙන් ප්‍රකාශිත නාමයෝජනා ලැයිස්තුව මෙසේය.

හොඳම චිත්‍රපටය -

Call Me By Your Name
Darkest Hour
Dunkirk
Get Out
Lady Bird
Phantom Thread
The Post
The Shape of Water
Three Billboards Outside Ebbing,
Missouri

 

හොඳම අධ්‍යක්ෂණය -

ක්‍රිස්ටෝපර් නෝලන් - Dunkirk

ජෝර්ඩන් පීල් - Get Out

ග්‍රේටා ගර්විග් - Lady Bird

පෝල් තෝමස් ඇන්ඩර්සන් - Phantom Thread

ගිජෙර්මෝ ඩෙල් ටෝරෝ -The Shape of Water
 

හොඳම නළුවා -

තිමොති චැමෙට් - Call Me By Your Name

ඩැනියෙල් ඩේ ලෙවිස් - Phantom Thread

ඩැනියෙල් කලූයා - Get Out

ග්‍රේ ඕල්ඩ්මන් - Darkest Hour

ඩෙන්සිල් වොෂින්ටන් - Roman J Israel, Esq

හොඳම නිළිය -

සැලී හෝකින්ස් - The Shape of Water

ෆ්‍රාන්සන් මැක්ඩොමාන්ඩ් - Three Billboards Outside Ebbing, Missouri

මාග්‍රට් රොබී - I, Tonya

සඔයිර්ස් රෝනන් - Lady Bird

මෙරිල් ස්ට්‍රීප් - The Post

හොඳම සහය නළුවා-

විලියම් ඩෙෆෝ - The Florida Project

වූඩි හැරෙල්සන් - Three Billboards Outside Ebbing, Missouri

රිචඩ් ජේකිනිස් - The Shape of Water

ක්‍රිස්ටෝපර් ප්ලමර් - All the Money in the World

සෑම් රොක්වෙල් - Three Billboards Outside Ebbing, Missouri

හොඳම සහය නිළිය -

මේරි ජේ. බ්ලීජ් - Mudbound

ඇලිසන් ජෙනී - I, Tonya

ලෙස්ලි මැන්විල් - Phantom Thread

ලෝරි මෙච්කැල්ෆ් - Lady Bird

ඔක්ටේවියා ස්පෙන්සර් - The Shape of Water
 

හොඳම ස්වීය තිරරචනය -

The Big Sick  - එමිලි ඩී. ගොර්ඩ්න් සහ කුමායිල් නන්ජියානි

Get Out - ජෝර්ඩ්න් පීල්

Lady Bird - ග්‍රේටා ගර්විග්

The Shape of Water - ගිජෙර්මෝ ඩෙල් ටාරෝ සහ වැනේසා ටේලර්

Three Billboards Outside Ebbing, Missouri - මාර්ටින් මැක්ඩෝනාග්

හොඳම අනුවර්තිත තිර රචනය -

Call Me By Your Name - ජේම්ස් අයිවරි

The Disaster Artist - ස්කොට් නියුස්ටැඩ්ටර් සහ මයිකල් එච්. වෙබර් -

Logan - ස්කොට් ෆ්‍රෑන්ක්, ජේම්ස් මෑන් ගෝල්ඩ් සහ මයිකල් ග්‍රීන් Molly’s Game - අර්සන් සොර්කින්

Mudbound - විර්ගිල් විලියම්ස් සහ ඩී රීස්

හොඳම විදෙස් චිත්‍රපටය -

A Fantastic Woman  (චිලී)

The Insult  (ලෙබනනය)

Loveless (රුසියාව)

On Body and Soul (හන්ගේරියාව)

The Square (ස්වීඩනය)

හොඳම සජීවීකරණ චිත්‍රපටය -

The Boss Baby
The Breadwinner
Coco
Ferdinand
Loving Vincent

හොඳම වෘත්තාන්න වාර්තා චිත්‍රපටය -

Abacus
Faces Places
Icarus
Last Men in Aleppo
Strong Island

හොඳම කෙටි වාර්තා චිත්‍රපටය -

Edith + Eddie
Heaven Is a Traffic Jam on the 405
Heroin(e)
Knife Skills
Traffic Stop

 

හොඳම සජීවකරණ කෙටි චිත්‍රපටය -

Dear Basketball
Garden Party
Lou
Negative Space
Revolting Rhymes

හොඳම සජිව කෙටි චිත්‍රපටය -

DeKalb Elementary
The Eleven O’Clock
My Nephew Emmet
The Silent Child
Watu Wote/All of Us

 

හොඳම සංගීතය -

Dunkirk - හාන්ස් සිමර්

Phantom Thread - ජොනී ග්‍රීන්වුඩ්

The Shape of Water  - ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට්

Star Wars: The Last Jedi  - ජෝන් විලියම්ස්

Three Billboards Outside Ebbing, Missouri - කාටර් බර්වෙල්

හොඳම ගීතය -

“Mighty River” - Mudbound
“The Mystery of Love” - Call Me By Your Name
“Remember Me” - Coco
“Stand Up for Something” - Marshall
“his Is Me” - The Greatest Showman
 

හොඳම ශබ්ද සංස්කරණය -

Baby Driver  - ජුලියන් ස්ලැටර්

Blade Runner 2049 - මාර්ක් මැන්ගිනි සහ තෙඕ ග්‍රීන්

Dunkirk - රිචඩ් කින්ග් සහ ඇලෙක්ස් ගස්බන්

The Shape of Water  - නේදන් රොබිටයිලි සහ නෙල්සන් ෆෙරෙයිරා

Star Wars: The Last Jedi  - මැතිව් වූඩ් සහ රෙන් කයිල්

හොඳම ශබ්ද මිශ්‍රණය -

Baby Driver  - ජුලියන් ස්ලැටර්, ටිම් කැවේජින් සහ මේරි එච්. එලිස්

Blade Runner 2049 - රොන් මාර්ලෙට්, ඩග් හෙම්පිල් සහ මැක් රූත්

Dunkirk - මාර්ක් වේන්ගාර්ට්න්, ග්‍රෙග් ලැන්ඩ්නර් සහ ග්‍රේ ඒ. රිසෝ

The Shape of Water  - ක්‍රිස්ටියන් කූක්, බ්‍රාඩ් සොර්න් සහ ග්ලීන් ගොතර්

Star Wars: The Last Jedi - ඩෙවිඩ් පාකර්, මයිකල් සෙමිනික්, රීන් කයිල් සහ ස්ටුවර්ට් විල්සන්

හොඳම නිෂ්පාදන සැලසුම -

Beauty and the Beast - සාරා ග්‍රීන්වුඩ්, කේට් ස්පෙන්සර්

Blade Runner 2049 - ඩෙනිස් ගැසෙනර් සහ ඇලෙසැන්ඩ්‍රා කියුර්සෝලා

Darkest Hour  - සාරා ග්‍රීන්වුඩ් සහ කේට් ස්පෙන්සර්

Dunkirk - නේතන් ක්‍රොව්ලි සහ ග්‍රේ ෆෙටිස්

The Shape of Water  - පෝල් ඩෙන්හැම් ඔස්ටබෙරි, ශේන් වියා සහ ජෙෆ් මෙල්වින්

හොඳම සිනමා කැමරාකරණය -

Blade Runner 2049 - රොජර් ඩේකිනිස්

Darkest Hour  - බෘනෝ ඩෙල්බොනෙල්

Dunkirk - හොයිට් වැන් හොයිටෙමා

Mudbound - රේචෙල් මොරිසන්

The Shape of Water  - ඩැන් ලස්ට්සෙන්

හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් -

Darkest Hour  - කසුහිරෝ සුජී, ඩේවිඩ් මැලිනොව්ස්කි සහ ලුසි සිබ්බික්

Victoria and Abdul - ඩැනියෙල් පිලිප්ස් සහ ලොව් ෂෙපර්ඩ්

Wonder - අර්ජෙන් ටියුටෙන්

හොඳම ඇඳුම් නිර්මාණය -

Beauty and the Beast - ජැක්ලීන් ඩුරේන්

Darkest Hour  - ජැක්ලීන් ඩුරේන්

Phantom Thread - මාර්ක් බ්‍රිජස්

The Shape of Water  - ලුයිස් සික්‍යුරියා

Victoria and Abdul - කොන්සෝලටා බොයිලේ

හොඳම සංස්කරණය -

Baby Driver - පෝල් මැචිල්ස් සහ ජොනතනක් අමෝස්

Dunkirk - ලී ස්මිත්

I, Tonya - ටටයිනා එස්. රිජෙල්

The Shape of Water  - සිඩ්නි වොලින්ස්කි

Three Billboards Outside Ebbing, Missouri - ජෝන් ග්‍රෙගරි

හොඳම දෘශ්‍ය ප්‍රයෝග -

Blade Runner 2049 - ජෝන් නෙල්සන්, ජෙරාඩ් නෙෆ්සර්, පෝල් ලැම්බර්ට් සහ රිචඩ් ආර්. හූවර්

Guardian of the Galaxy Vol 2 - ක්‍රිස්ටෝපර් ටවුන්සෙන්ඩ්, ගෝයි විලියම්ස්, ජොනතන් ෆෝක්නර් සහ ඩැන් සුඩික්

Kong: Skull Island - ස්ටෙෆන් රොසෙන්බම්, ජෙෆ් වයිට්, ස්කොට් බෙන්සා සහ මයික් මිනර්ඩ්ස්

Star Wars: The Last Jedi - බෙන් මොරිස්, මයික් මුල්හෝලන්ඩ්, නේලි ස්කාන්ලන් සහ ක්‍රිස් කොබෝල්ඩ්

War for the Planet of the Apes - ජෝ ලෙටරි, ඩැනියෙල් බරේට්, ඩැන් ලෙමොන් සහ ජොඑල් විස්ට්