වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie

Charlie

ස්වාධීන රූපවාහිනි සේවයෙන් ගෙන එන සති අග සිනමා දැක්මේ ලබන 24 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කිරීමට නියමිතව තිබෙන්නේ ප්‍රේමණීය කතාවක් ගෙන එන Charlie චිත්‍රපටය යි.

චාර්ලි යනු සුන්දර ස්ථානයන්හි ඇවිදමින් නිදහසේ ජීවිතය උපරිම සැහැල්ලුවෙන් විඳීමට කැමැති තරුණයෙකි. ජීවිතය මනරම් උලෙළක් ලෙසින් දකින්නට කැමැති ඔහු තමා වටා සිටින සෑම අයෙකුගේම ජීවිතවලට ද සතුට ගෙන දෙන්නත් නිරන්තරයෙන් උත්සාහ ගනී. ටෙසා එවැනි තරුණියක් නොවේ. කලාවේදිනියක වන ඇය ජීවිතය දෙස බොහොම සංවේදී ලෙසින් බලයි. අභිරහස් තේමාවක් ඔස්සේ දිවෙන චාර්ලි සහ ටෙසාගේ ආදර කතාව ගෙන එන්නේ Charlie චිත්‍රපටය යි.

මාර්ටින් ප්‍රකාත් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙහි දුල්ඛර් සල්මාන්, පාර්වතී, අපර්ණා ගෝපිනාත්, නෙදුමුදි වේනු ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටියි. 2015 වසරේ තිරගත කෙරුණු මලයාලම් චිත්‍රපටයක් වන Charlie, 48 වැනි කේරළ චිත්‍රපට උලෙළේදී සම්මාන හයක් දිනා ගන්න සමත් වුණා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිරරචනය, හොඳම කැමරාකරණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සංගීත සංයෝජනය සහ හොඳම සැකසුම් විද්‍යාගාරය යන සම්මාන එයට ඇතුළත් වුණා. කේරළයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ මෙම චිත්‍රපටය තිරගත කිරීම ඇරඹි දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි දෙකක් වාර්තා කළා.